බත් පැකට්ටුවක මිල සඳුදා (18) සිට රුපියල් 10කින් වැඩි කරන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එහි සංවිධායක අසේල සම්පත් මහතා පැවසූයේ රටේ හාල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
‘මෙම තීරණය ගත්තේ ලාබ ලැබීමට නොවෙයි. දිනෙන් දින හාල් මිල ඉහළ යනවා. සාමාන්‍යයෙන් එළවළු කෑම පැකට්ටුවක මිල රුපියල් 100ක්. එය රුපියල් 110 දක්වා ද මාළු කෑම පැකට්ටුවක් රුපියල් 130 සිට රුපියල් 140 දක්වා ද කුකුළු මස් කෑම පැකට්ටුවක මිල රුපියල් 160 සිට රුපියල් 170 දක්වා ද ඉහළ දමා තිබෙනවා. හාල්වලට පාලන මිලක් ඇති කිරීමට රජය අපොහොසත්ව තිබෙනවා‘ යැයි ද ඔහු කියයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බත් පැකට්ටුව දහයකින් නගී
ධම්ම Sunday, 18 December 2016 12:41 PM
ජයවේවා! (බ)
චානක Sunday, 18 December 2016 01:40 PM
වැඩි වෙනවා විතරයි, අඩුවෙන්නේ නැහැ, ඉස්සරහට හාල් මිල අඩුවුනත් බත් පාර්සලයේ මිල අඩුවෙන්නේ නැත (බ)
මාලක Monday, 19 December 2016 02:58 AM
අපි බත් නොකා කේක් කමු (නි)
ඉන්ද්‍රජිත් Monday, 19 December 2016 02:58 AM
මෙහෙම ගියොත් නොකා නොබී මැරෙන්නයි වෙන්නේ (නි)
ටෙෂාන් Monday, 19 December 2016 02:57 AM
මදැයි කළා! කොහොමද වෙනස? (නි)
උපුල් Monday, 19 December 2016 02:59 AM
හාල් කිලෝවකින් අඩුම තරමින් කෑම පාර්සල් 6-7 සැදිය හැක. අඩුම වශයෙන් රුපියල් 70 ක ලාබයකි. මෙතරම් මිලකින් සහල් වැඩිවූයේ නැත. ඉදිරියේදී සහල් මිල අඩුවුවත් කෑම මිල අඩු නොවේ. (නි)
හර්ෂ Monday, 19 December 2016 03:32 PM
වෙනසක්නේ ඉල්ලුවේ. ඔන්න දුන්නා ඉතින්... (නි)
මනෝජ් Monday, 19 December 2016 03:34 PM
නොකා නොබී මැරෙන්නද කියන්නේ අපිට? (නි)
බුද්ධික Monday, 19 December 2016 03:34 PM
අන්තිමේදී සාමාන්‍ය ජනතාව වන අපි දුකේ. මිනිසුනේ, තේරුම් ගනිල්ලා (නි)
කරූ-කලුතර Tuesday, 20 December 2016 12:24 AM
වෙළෙන්ඳන් කියන එපාම කරපු ජාතිය විකුණන්නේ වස. ඉන්ධණ, ගෑස් අඩුවුණා. ඒවායේ වාසිය පාරිභෝගිකයාට ලැබුනද? ඒ වුණාට පාන්පිටි කිලෝ 1 ක් රුපියලකින් වැඩි වුණොත් පාන් රාත්තල රුපියල් 5 කින්, ආප්පය රු 2න් වැඩිකරනවා. මොවුන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනෑ (නි)
ජනහිත Tuesday, 20 December 2016 05:17 AM
බත් මිලයි බස් ගාස්තුයි වැඩිකරනකොට මහජනතාවට වෙන්නේ බත් නොකා ඉන්න එකයි, ගමන් නොගිහින් ඉන්න එකයි. මේ වැඩිවෙන ඒවා ආයේ මොනවා අඩුවුණත් අඩුවෙන්නේ නම් නැහැ කවදාවත්. (නි)
දර්ශන Tuesday, 20 December 2016 09:39 AM
කාට කියන්නද මේ දුක? (නි)
උද්දික Tuesday, 20 December 2016 09:39 AM
ඉස්සරහට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ (නි)
නිශාන්ත Tuesday, 20 December 2016 09:38 AM
ඔබට සතුටුයිද දැන්? (නි)