ලෝකයේ විශාලතම පොත් අලෙවිය වන බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවිය මැයි 5 වැනි සිට මැයි 12 වැනි දක්වා ශ්‍රී ලංකාවේ පැවත්වීමට කටයුතු යොදා ඇත.
මෙවර ඔන්ලයින් පොත් අලෙවියේ සුවිශේෂී දෙවැනි ආගමනය පිළිබඳ පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් නිවේදනය කළේය. එම අවස්ථාවට බිග් බෑඩ් වුල්ෆ් සම නිර්මාතෘවරුන් වන ඇන්ඩෘ යැප් හා ජැක්ලින් එන්ග් මෙන්ම ප්‍රෝරීඩ් ලංකා පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂ නිශාන් වාසලතන්ත්‍රි යන මහත්ම මහත්මීන් සහභාගී වූහ. බිග් බෑඩ් වුල්ෆ් පොත් ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා හවුල්කරු දීපක් මාධවන් මහතාද ක්වාලාලම්පූර් සිට අන්තර්ජාලය ඔස්සේ සජීවීව ඊට සම්බන්ධ විය.
මෙහිදී අදහස් දක්වමින් ප්‍රෝ රීඩ් ලංකා (පුද්) සමාගමේ අධ්‍යක්‍ෂ නිෂාන් වාසලතන්ත්‍රි මහතා මෙසේ පැවසීය. “ලොව විශාලතම පොත් අලෙවිය පෙර නොවූ විරූ අභියෝග හේතුවෙන් අන්තර්ජාලය හරහා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙනවා. වසංගත තත්ත්වය හේතුවෙන් අප පසුකරයන මෙවන් දුෂ්කර කාලසීමාවක, බිග් බැඩ් වුල්ෆ් හි අපට අවශ්‍ය වන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට නිවෙස්වල සිට ඉතා ආරක්ෂිතව සහ සුවපහසුව ඇතුව පොත් මිලට ගැනීමේ අවස්ථාව ලබා දීමයි. ”
මේ පිළිබඳ බිග් බැඩ් වුල්ෆ් හි සම-නිර්මාතෘ ජැකලින් එන්ග් මෙසේ විස්තර කළා ය. ”පොරොන්දු වූ පරිදි, පොත් ලෝලීන්ට සියයට 90 ක් දක්වා වූ වට්ටම්ද සමගින් අප මෙවර පැමිණෙනවා. තවද අවම වශයෙන් රු. 9,000 ක පොත් මිලදී ගන්නන්ට නොමිලේ පොත් සිය නිවසටම ප්‍රවාහනය කර ගැනීමේ හැකියාවද මෙවර හිමි වනවා. බිග් බෑඩ් වුල්ෆ් ලංකාවට පැමිණෙන තුරු පොත් ලෝලීන් සේම, පාසැල් ළමයින්, විශ්ව විද්‍යාල සිසුන්, තරුණයන් සහ ගුරුවරුන් වැනි පොත් සහ පෙළපොත් භාවිතා කරන්නන් ද ඉතා ආශාවෙන් බලා සිටින බව අප දන්නවා.
මෙවර පොත් ප්‍රදර්ශනය පොත් ලෝලීන් හට විශාල වරප්‍රසාද රැසක් හිමිකර දීමට නියමිතය. මෙහිදී, අවම වශයෙන් රු. 17,000.00 මිලදීගැනීමක් සඳහා 10% වට්ටමක් ලබා දෙන අතර, “එක් පොතක මිලට පොත් දෙකක් මිලදී ගැනීම ” සහ “ඕනෑම ආකාරයේ පොත් තුනක් පොත් දෙකක මිලට මිලදී ගැනීම ” වැනි ප්‍රවර්ධන කටයුතුද සංවිධානය කර ඇත.
පාරිභෝගිකයන්ට සහ රසිකයන්ට මැයි 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට මැයි 12 දක්වා http://www.bigbadwolfbooks.lk හි බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවි වෙබ් අඩවියට පිවිසිය හැකිය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය මැයි 05 ඇරැඹේ