(හර්ෂණ තුෂාර සිල්වා)
‘බිස්නස් ටුඩේ ටොප් 30’ සහ ‘බිස්නස් ටුඬේ විශේෂ පිළිගැනීම’ යන සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අද (12) පැවැත්විණි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන පෙළේ උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව ද මෙය විය.
මෙහිදී ‘බිස්නස් ටුඬේ ටොප් 30’ අංශයේ යටතේ සමාගම් 30කට සම්මාන පිරිනැමුණු අතර ‘බිස්නස් ටුඩේ විශේෂ පිළිගැනීම’ යටතේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයන් සිවුදෙනකුට සම්මාන පිරිනැමිණි.
ඉන්ද්‍ර කුමාර සිල්වා, සෝලි කැප්ටන්, ඇලෙක්සිස් ලොවෙල් සහ දමිත රාමනායක යන මහත්වරු ‘බිස්නස් ටුඩේ විශේෂ පිළිගැනීම’ යන අංශයේ යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන ලැබූහ.
‘බිස්නස් ටුඩේ ටොප් 30’ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම සමත්වූ අතර ඔවුන් එම ස්ථානය දිනා ගනු ලැබුවේ අඛණ්ඩව නවවැනි වරටය.
දෙවැනි ස්ථානය හැටන් නැෂනල් බැංකුවත් තෙවැනි ස්ථානය කොමර්ෂල් බැංකුවටත් හිමිවිය.
කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බො ඥාණිස්සර හිමි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ව්‍යාපාරියෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඉෂාන් සංජීව
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
බිස්නස් ටුඩේ ටොප් 30 ප්‍රථම ස්ථානය ජෝන් කීල්ස් සමාගමට
chathuri Tuesday, 13 November 2018 11:23 AM
මෙම සම්මානයත් නැවත. ආපසු. දුන්. කෙනාටම දෙන්න. පාඩු පිට.පාඩු ලබන්න කලින්