(හර්ෂණ තුෂාර සිල්වා)
යුරෝපා සංගමය මෙරටට පනවා තිබූ තහනම ඉවත් කිරීමෙන් පසු මත්ස්‍ය ආහාර අපනයන වලින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත්ව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට මත්ස්‍ය ආහාර අපනයන පෙන්නුම් කරන ලද වර්ධනය සියයට 45.9ක් යැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය පෙන්වාදෙයි.
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී යුරෝපා සංගමයට කරන ලද අපනයන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 18,262ක් යැයි ද එහි වටිනාකම රුපියල් මිලියන 28,685ක් යැයි ද ධීවර අමාත්‍යාංශය දත්ත වාර්තා සඳහන් කරයි.
ඒ අනුව පසුගිය වසරේ මුල් මාස නවය හා සැසඳීමේදී අපනයන වර්ධනය සියයට 45.9ක් යැයි ද අපනයන ආදායමේ වර්ධනය සියට 47.7ක් යැයි ද ධීවර අමාත්‍යාංශ තවදුරටත් සඳහන් කරයි.
මේ අතර අනුරූප කාලපරිච්ඡේදයේ දී යුරෝපා වෙළෙඳපොළ වෙත කළ මත්ස්‍ය ආහාර අපනයන සියයට 153 කින් වර්ධනය වී මත්ස්‍ය ආහාර අපනයන ආදායම සැළකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා බැංකුවේ සැප්තැම්බර් මාසයේ සමස්ත මත්ස්‍ය ආහාර අපනයන සංඛ්‍යා දත්ත වලට අනුව මේ වසරේ මුල් මාස නවයක කාලයේදී ලබාගෙන ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 176.2කි. එය පසුගිය වසරේ මුල් මාස නවයක කාලයේදී ලැබූ ඩොලර් මිලියන 123.0ක ආදායම හා සැලකීමේදී සියයට 43.2ක වර්ධනයකි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මත්ස්‍ය අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්