නෙස්ලේ සමාගමේ ජනාදරයට පත් සන්නාමයක් වන මයිලෝ, තම සැකසූ පානය සමඟ ලබාදෙන ප්ලාස්ටික් බීම බටය වෙනුවට කඩදාසි බීම බටයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ඒ මෙරට සැකසූ පාන අතුරින් වඩාත් තිaරසාර විසඳුමක් ලෙස කඩදාසි බීම බට හඳුන්වා දුන් පළමු නිෂ්පාදනය බවට පත්වෙමිනි.
මේ සමඟ වසරකදී ප්ලාස්ටික් බීම බට මිලියන 90ක් පමණ භාවිතයෙන් ඉවත් කිරීමට හැකි වී තිබෙන අතර, මයිලෝ පාන ඇසුරුම සියයට 100ක්ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි තත්ත්වයට ද පත්කොට තිබේ. තම නිෂ්පාදන ඇසුරුම් හරහා පරිසරයට සිදුවන බලපෑම අවම කිරීමට නෙස්ලේ සමාගම අනුගමනය කරන විවිධ පියවර රාශියක් අතුරින් තවත් සුවිශේෂී පියවරක් ලෙස මෙය හැඳින්විය හැකි බව එම සමාගම සඳහන් කරයි.
මීට අමතරව නිෂ්පාදන ක්‍රියාවලි සහ ඇසුරුම්කරණ විසඳුම් පිරිනමන සමාගමක් වන Tetra Pak සහ නෙස්ලේ සමාගම එක්ව මෙවැනි සැකසූ පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ඒකකයක් ද පිහිටුවා තිබේ. මෙම ප්‍රතිචක්‍රීයකරණ ඒකකය හරහා මයිලෝ සැකසූ පාන ඇසුරුම් ප්‍රතිචක්‍රීයකරණය කරන අතර, ශ්‍රී ලංකාවේ සමස්ත සැකසූ පාන කර්මාන්තයටම එමගින් ප්‍රතිලාභ අත්කරගත හැක.
මීට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ තෝරාගත් පළාත් පාලන ආයතන හා එක්ව වගකීම් සහගත ලෙස කසළ බැහැරකිරීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පාසල් මට්ටමින් සිදුකිරීමට නෙස්ලේ සමාගම පියවර ගෙන ඇත. එම වැඩසටහන යටතේම ප්‍රතිචක්‍රීයකරණය සඳහා මයිලෝ සැකසූ පාන ඇසුරුම් ලබාගැනීමට අපේක්ෂිතය. 2021 වසර අවසානය වනවිට මෙම වැඩසටහන දිවයින පුරා පාසල් 250ක් අතරට ගෙනයාම නෙස්ලේ සමාගමේ ඉලක්කය වේ. ප්ලාස්ටික් ඇසුරුම් අපද්‍රව්‍ය සඳහා තවදුරටත් එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන හා ප්‍රතිචක්‍රීයකරණය ව්‍යාපෘති හඳුන්වාදීම ද සමාගමේ තවත් බලාපොරොත්තුවකි.
“ප්ලාස්ටික් අපද්‍රව්‍ය සඳහා විසඳුමක් සැපයීමේ සහ තිරසාර මෙහෙයුම් වර්ධනය කිරීමේ අභියෝගය ජයගැනීමට නෙස්ලේ සමාගම කැපවී ක්‍රියා කරනවා. එබැවින් ඉදිරි වසර කිහිපය තුළ අපි සැලසුම් කර ඇති දැවැන්ත තිරසාර වැඩසටහන් අතුරින් පළමුවැන්න ලෙස මෙය හැඳින්වීමට මා කැමතියි. වර්ෂ 2022 වනවිට අප භාවිත කරනු ලබන ප්ලාස්ටික් පූර්ණ වශයෙන් වගකීම් සහගත ලෙස බැහැර කිරීමත්, 2025 වසර වනවිට අපගේ සියලුම නිෂ්පාදන සියයට 100ක්ම ප්‍රතිචක්‍රීයකරණ තත්ත්වයට ළඟා කරගැනීමත් අපේ සැලසුමයි. ශ්‍රී ලංකාවේ අනාගතයට සුබවාදී බලපෑමක් ඇති කරන ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීමට හැකි වීම පිළිබඳ අපි මහත් සේ සතුටට පත්වන අතරේ, අපගේ පාරිභෝගිකයින්ට වගේම පරිසරයටත් යහපත ගෙන දෙන නිෂ්පාදන පිරිනැමීමට අපි කැපවී කටයුතු කරනවා.” යනුවෙන් නෙස්ලේ ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෆැබ්රිස් කැවලින් මහතා පැවසීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මයිලෝ, කඩදාසි බීම බට භාවිතය අරඹයි