මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගම ස්වකීය 1000 වැනි KUV 100 NXTමෝටර් රථය පසුගියදා කොළඹ ප්‍රදර්ශනාගාරයේදී අලෙවි කරනු ලැබීය.
KUV 100 NXT යනු SUV මට්ටමට ප්‍රවේශ රථයක් සේ සැලකිය හැකි සාඩම්බර පෙනුමකින් යුතු ආකර්ෂණීය මෝටර් රථයකි. සියයට30ක දේශීය කොටස් එකතු කරමින් ප්‍රථම වරට සම්පූර්ණ වාහනයම මෙරටදී එකලස් කරන ලද පළමු රථය වන මෙම මෝටර් රථ මාදිලිය අයිඩියල් සහ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමූහයේ හවුල්කාරීත්වය යටතේ ඉදිකළ මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ වාහන එකලස් කිරීමේ අංගනයේදී සම්පූර්ණයෙන්ම එකලස් කොට ඇත.
කොවිඩ් 19 ව්‍යාප්තිය මධ්‍යයේ වුවද මෙරට වෙළඳපොළ ක්‍රමිකව විවෘත වීමේදී KUV100 මෝටර් රථ මාදිලියට රට තුළ සැලකිය යුතු ඉල්ලුමක් තිබූ බව දක්නට ලැබුණි. මේ හේතුවෙන් මහේන්ද්‍රා අයිඩියල් ලංකා සමාගම (MILPL) මේ වනවිට ඉහළ යන වෙළඳපොළ අවශ්‍යාතාවට සරිලන පරිදි මෙම මාදිලියේ නිෂ්පාදන ධාරිතාව ද පුළුල් කොට ඇත.
KUV 100 NXT මෝටර් රථය ඊටම අනන්‍ය වූ ලක්ෂණ රැසකින් සමන්විත වන අතර බල සහ අධිතාක්ෂණික විශේෂාංග ගණනාවක්ද මීට ඇතුළත් වන නිසා මෙම මෝටර් රථ පන්තියේ ප්‍රමුඛතම මාදිලිය බවට පත්ව ඇත.
KUV 100 NXT රථය අධි ක්‍රියාකාරීත්වයෙන් යුතු 1200cc mFalcon එන්ජිමකින් සමන්විත අතර 5500 RPM හිදී 82 bhp ක්‍රියාකාරීත්වයක් සනිටුහන් කරයි. ආසන 5කින් සමන්විත මෙම රථය කුඩා පවුලකට හෝ වෘත්තිකයකුට ඉතා හොඳින් ගැළපේ. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් 170mm ක් වූ මෙහි 15” ඩයමන්ඩ් කට්, ටූ ටෝන් ඇලෝයි වීල් සහ ශක්තිමත් ක්‍රීඩාශීලී පෙනුමකින් යුක්තය. ඉලෙක්ට්‍රොනික් පවර් ස්ටියරින් සහ සුවිශේෂී පාලන පද්ධතිය නිසා කුමන තත්ත්වයක් යටතේ වුවත් වඩාත් සුවපහසු පැදවීමක් සහතික කරයි. KUV 100 NXT විශේෂාංග අතර ටච් ස්ක්‍රීන්, බ්ලූටූත් සම්බන්ධතාව මෙන්ම ආරක්ෂාව සඳහා වැඩි දියුණු කළ ද්විත්ව එයාර් බෑග් සහ ABS ද ඇතුළත් වේ.
KUV 100 NXT දීප්තිමත් සුදු, රතු, කළු සහ රිදී යන වර්ණවලින් ලබා ගත හැකි අතර වගකීම වසර 3ක් හෝ කිලෝමීටර් 100,000කි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මහින්ද්‍රා KUV 100 පාරිභෝගිකයන් 1000 සීමාව පසු කරයි
කල්පනා Saturday, 30 October 2021 08:30 AM
අවශ්‍යම තොරතුරක් වන මිල නොදක්වා ඇත්තේ ඇයි. මෙහි මිල කීයද?
Shantha - Qatar Tuesday, 02 November 2021 03:07 PM
මේක කීයක් විතර වෙනවද කියලා සඳහනක් කලොත් වටිනවා