X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


මාලේ උදව්වට ලංකාව යයි

මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි මුහුදු ජලය පිරිසිදු කර පානීය ජලය නිපදවීමේ මධ්‍යස්ථානය අක්‍රියව පැවතීම නිසාවෙන් එරටට අවශ්‍ය සහන සැළසීමට ශ්‍රී ලංකාව ඉදිරිපත්ව සිටින බව විදේශ අමාත්‍යංශය කියයි.

ආපදාව නිසා මාලේ අගනුවර වැසියන් 130000 පමණ පානීය ජලය සපයාගත නොහැකිව පීඩා විඳී.

තත්ත්වය යම්තාක් දුරට හෝ සමනය කිරීමට ශ්‍රී ලංකාවෙන් පානීය ජල බෝතල බහාලූම් කිහිපයක් පසුගියදා මාලදිවයින වෙත ප්‍රවාහනය කෙරුණි.

විශේෂ මානවවාදී මෙහෙයුමක් අරබමින් මධ්‍යස්ථානයේ අලූත්වැඩියා කටයුතු වලට අවැසිව තිබූ පැනල කිහිපක් සිංගප්පූරුවේ සිට ගුවන් මගින් මාලදිවයින වෙත ප්‍රවාහනය කිරීමට ශ්‍රි ලංකා ගුවන්හමුදාව පසුගියදා කටයුතු කළේය.මේ පුවරු සාමාන්‍ය ගුවන්යානා වල ප්‍රවාහනය කිරීමට නොහැකි බව සඳහන් අතර මාලදිවයින රජය කළ විශේෂ ඉල්ලීමකට අනුව ජනපතිවරයා ප්‍රවාහන ගුවන්යානා යොදාගෙන අදාළ මෙහෙයුම කරන්නැයි ගුවන්හමුදාවට උපදෙස් දුන් බව විදේශ අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මධ්‍යස්ථානයේ අලූත්වැඩියා කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.බැරෑරුම් කොටස අවසාන යැයි මාලදිවයිනේ රජය නිවේදනය කර ඇත.

ඉන්දියාව, චීනය, බංගලිදේශය වැනි රටවල්ද මාලදිවයිනට සහය ලබාදීම සදහා ඉදිරිපත්ව සිටී.මධ්‍යස්ථානයේ අලූත්වැඩියා කටයුතු වලට වැයවනු ඇතැයි ගණන් බලා ඇති ඩොලර් ලක්ෂ 200 ක මුදලින් ඩොලර් ලක්ෂ 55 ක මුදලක් චීනය විශේෂ ආධාර ලෙස ලබාදී තිබේ.

මධ්‍යස්ථානය නැවත ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒමට තවත් සති දෙකක පමණ කාලයක් ගතවනු ඇතැයි පැවසේ.



අදහස් (0)

මාලේ උදව්වට ලංකාව යයි

චමිල Tuesday, 16 December 2014 10:36 AM

එක නම් හොදයි තමයි!(හේ)

:       0       0

යසිරු Sunday, 14 December 2014 07:16 AM

මාල දිවයින රාජ්‍ය තාන්ත්‍රික වශයෙනුත් අපිට හිතවත් රටක්. ඒ නිසා ඒ රටවැසියන් වෙනුවෙන් මෙහෙම දෙයක් කරන එක යහපත් වැඩක්. (ර)

:       0       0

ලසිත් Sunday, 14 December 2014 12:55 PM

මේ වගේ වෙලාවක නැති උදව් වෙන මොන වෙලාවේ දෙන්නද ? මේ අපේ අසල්වැසි රටක් නේද ? (නදී)

:       0       0

කුමාර Sunday, 14 December 2014 12:57 PM

ෆොන්සේකා වගේ අය ඉන්නකන් අපේ රට ගොඩ ගන්න බෑ. අපි ඉන්නෙත් මාලේ. අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ට වතුර ටිකක දෙන එක මහින්ද කලත් රනිල් කලත් මෛත්‍රී කලත් උතුම් දෙයක්. එ්ක අගය කරපු හැම දෙනාටම ස්තුතියි (නදී)

:       0       0

දිනේෂ් එරංග Tuesday, 16 December 2014 10:18 AM

රතුපස්වල මිනිස්සුත් වතුර නේද ඉල්ලුවේ? දුන්නේ වෙඩි(අ)

:       0       0

සිසිල් Tuesday, 16 December 2014 10:35 AM

පිහිට විය යුතුයි. (අ)

:       0       0

චමරි Tuesday, 16 December 2014 10:35 AM

එක නම් හොදයි තමයි! කරදරයකදි අනුන්ට පිහිට විය යුතුයි. (අ)

:       0       0

චමිල Tuesday, 16 December 2014 10:35 AM

එ්ක නම් හොදයි තමයි! එ්ත් ඔය කිට්ටුව ලොකුතැනගේ කුට්ටලියෙකුගේ මොකක් හරි කම්මලක් තිබ්බ නම් ගුවන් හමුදාව යවල රතු පස්වල පානීය ජලය නැතුව හිටපු මිනිස්සුන්ට කරපු උදව්වම කරාවිද දන්නේ නෑ! (අ)

:       0       0

චමිල Tuesday, 16 December 2014 10:36 AM

එ්ක නම් හොදයි තමයි. එ්ත් ඔය කිට්ටුව දේශපාලඥයෙකුගේ මොකක් හරි කම්මලක් තිබ්බා නම් ගුවන් හමුදාව යවල රතු පස්වල පානීය ජලය නැතුව හිටපු මිනිස්සුන්ට කරපු උදව්වම කරාවිද දන්නේ නෑ (නදී)

:       0       0

කමල් Tuesday, 16 December 2014 10:35 AM

මේ ජනතාවට උදව් කළ යුතුයි.(හේ)

:       0       0

සරත් පියසේන Sunday, 14 December 2014 05:05 AM

ඉතා හොඳ ක්‍රියාවක්. ලෝකයට ආදර්ශයක්, මිතුරු රටක බැඳීමක්. (ර)

:       0       0

දමිල Tuesday, 16 December 2014 10:35 AM

එක නම් හොදයි තමයි. එ්ත් රතුපස්වලට නම් මෙහෙම සැලකුවේ නැහැ (නදී)

:       0       0

කෝලිත Wednesday, 17 December 2014 06:16 AM

රටවල් අතර සුහදත්වය ඇති කරගන්න මේ වගේ දේවල් ඕනා. සුනාමි විපතේදී දුප්පත් රටවල් උදව් කළා. (නදී)

:       0       0

කෝලිත Wednesday, 17 December 2014 06:15 AM

රටවල් අතර සුහදත්වය ඇති කරගන්න මේ වගේ දවල් ඕන . සුනාමි විපතේදී දුප්පත් රටවල් උදව් කළාද නැද්ද (බ)

:       0       0

කෝලිත Wednesday, 17 December 2014 06:15 AM

රටවල් අතර සුහදත්වය ඇති කරගන්න මේ වගේ දේවල් ඕන . සුනාමි විපතේදී දුප්පත් රටවල් උදව් කළේ නැද්ද .(හේ)

:       0       0

ලක්මිණි Wednesday, 17 December 2014 07:02 AM

චතුරංග විතාරණ මහත්මයාණෙනි ඔබගේ අදහසට මගේ ප්‍රණාමය.(හේ)

:       0       0

අනුරුද්ධ Thursday, 18 December 2014 04:21 AM

සියළුදේම දෙස ‍දේශපාලන ඇසකින් බලන ලෝකයක දැනුවත්කමින් අදහස් දැක්වූ සැමට තුති! (නි)

:       0       0

අජිත් Sunday, 21 December 2014 02:26 AM

මොන ප්‍රශ්ණයක් ආවත් දේශපාලනය විදියට බලන්නේ මොලේ අමාරුකාරයෝ අනුකම්පා කරන්න (නදී)

:       0       0

ඉසුරු Sunday, 21 December 2014 03:02 AM

මෙම ක්‍රියාව මානුෂිය වශයෙන් සත් ක්‍රියාවක්, භූ දේශපාලනිකව ගත්විට වත්මන් ලෝකය තුල රටකට තම ප්‍රතිරූපය ඉදිරියට ගෙන ඒමේදී මෙවැනි දේ සදහා ද ඉදිරිපත් වීම සාධනීය ප්‍රතිපල ගෙන එන්නක්. (නදී)

:       0       0

ශිරන්ති Saturday, 13 December 2014 11:02 AM

අල්ලපු ගෙදර මිනිස්සුන්ගේ ලිඳ හිදිලා ළමයි වතුර නැතුව අඩනවානම් ඔයාගේ ලිදෙත් තියෙන්නේ වතුර ටිකයි වුනත් ඔයත් අසල්වැසියාට වතුර ටිකක් නොදී ඉන්නේ නැහැ නේද ?ෆොන්සේකා මහත්තයෝ . (අ)

:       0       0

චතුරංග විතාරණ Friday, 12 December 2014 06:45 PM

අනිත් රටවලත් ලංකාවේ මිනිස්සු ඉන්නවා ෆොන්සේකා මහත්තයා. මාලදිවයින කියන්නේ ලංකාවේ මිනිස්සු සැහෙන ජීවත් වෙන රටක්. එයාල හම්බ කරලා එවන සල්ලි වලින් සැහෙන දායකත්වයක් තියෙනවා ලංකාවේ අදායමට. ඒ නිසා එහෙම කියන එක හරි නැහැනේ. (නදී)

:       0       0

අනුර Saturday, 13 December 2014 04:13 AM

චතුරංග ඔබගේ වචනය හරි.(හේ)

:       0       0

කුසුම් Saturday, 13 December 2014 04:14 AM

පුළුවන් විදියට අපේ රටෙන් මොන දේ හරි කමක් නෑ යවන්න.(හේ)

:       0       0

සජිත් Saturday, 13 December 2014 04:14 AM

මාලේ ජනතාවට වතුර නැතුව දැන් දුක් විදින්නේ.පවු අසරණයින්.(හේ)

:       0       0

අනුර Saturday, 13 December 2014 04:14 AM

දැන් ඒ අසරණයන්ට උදව් කරන්න ඕනේ.ඒක ලොකු පිනක්.(හේ)

:       0       0

අනුර Saturday, 13 December 2014 04:14 AM

චතුරංග ඔබගේ වචනය හරි (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 13 December 2014 04:27 AM

අපේ ආණ්ඩුව ඉඳල හිටලා හරි පින් දහමුත් කරනවා එහෙනම්. යන තැනටත් ගෙනියන්න යමක් තියෙන්නේ ඕනනේ. (නදී)

:       0       0

එච්.පී.බී රංජිත් Saturday, 13 December 2014 04:44 AM

මාත් මාලදිවයින රටේ හිටිය කෙනෙක් මටත් දුකයි (නදී)

:       0       0

එච්.පී.බී රංජිත් Saturday, 13 December 2014 04:47 AM

මාත් මාල දිවයින් රටේ හිටිය කෙනෙක් මටත් දුකයි (නදී)

:       0       0

ෆොන්සේකා Friday, 12 December 2014 02:00 PM

ලංකාවේ වතුර නැතිව මිනිස්සු දුක් විදිනවා .වතුර ඉල්ලලා සමහර අය සටන් කරනවා .මෙයාලට අනික් රටවල් ගැන දුකයි (අ)

:       0       0

චන්දිම Saturday, 13 December 2014 11:36 AM

මේ වෙලාවේ අසරණ වෙලා ඉන්න මාලදිවයින් ජනතාවට අපි උදව් කළ යුතුයි.(හේ)

:       0       0

කාන්ති Saturday, 13 December 2014 08:41 PM

මේක ලොකු පිනක් (නි)

:       0       0

කුමාර Saturday, 13 December 2014 08:41 PM

ෆොන්සේකා, හැමදෙයක්ම දේශපාලන කෝණයකින් බලන්න එපා. 2004 සුනාමිය ගැන හිතන්න. දුප්පත් රටවල් අපිට මොනතරම් උදව්කළාද? (නි)

:       0       0

සඳුනි Sunday, 14 December 2014 02:31 AM

මානව හිතවාදී ඇසින් මෙය දකින කාරුණික ඔයාලා ෆොන්සේකා වගේ මිනිස්සුන්ගේ අදහස් ගැන කලබල වෙන්න හෝ කලකිරෙන්න එපා. (නදී)

:       0       0

සිරිල් මාලදිවයින Sunday, 14 December 2014 04:55 AM

ෆොන්සේකා වගේ කෙනෙක් අපි වගේ මාලේ රස්සාවට ආව නම් තේරේවි දුක, පීඩාව කියන එක. අපි එවන රන්කාසි වලින් ඔයාලා බෙහෙත් හේත් ලාබෙට අරං බොනව කියල අපේ හිතේ කිලුටක් වත් නෙතේ කඳුලක් වත් නැහැ. (නදී)

:       0       0

සරත් පියසේන Sunday, 14 December 2014 05:02 AM

ඉතා හොඳ ක්‍රියාවක්, ලෝකයට ආදර්ශයක්, මිතුරු රටක බැඳීමක්, ජනපති තුමාට ශක්තියක් (නදී)

:       0       0

සරත් පියසේන Sunday, 14 December 2014 05:03 AM

ඉතා හොඳ ක්‍රියාවක්, ලෝකයට ආදර්ශයක්, මිතුරු රටක බැඳීමක්, ජනපති තුමාට ශක්තියක් (නදී)

:       0       0

සරත් පියසේන Sunday, 14 December 2014 05:05 AM

ඉතා හොඳ ක්‍රියාවක්, ලෝකයට ආදර්ශයක්, මිතුරු රටක බැඳීමක්, ජනපති තුමාට ශක්තියක් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site