X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


මාළුටික යුරෝපයට විකුණ ගන්න රාජිත වෑයම් කරයි

එළැඹෙන වසරේ සිට ශ්‍රී ලංකාවෙන් මසුන් ආශ්‍රීත නිශ්පාදන ආනයනය තහනම් කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් යුරෝපා සංගමය හා සාකච්ඡා කර එම තහනම ඉවත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියයි.

නීතිවිරෝධී, අනවසර, නියමිත පටිපාටියෙන් බැහැර මසුන් මැරීමේ ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නිසි අවධානය යොමු කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත්වී ඇති නිසාවෙන් ශ්‍රී ලංකාවෙන් මසුන් ආශ්‍රීත නිශ්පාදනයන් ආනයනය කිරීම එළැඹෙන වසරේ සිට තහනම් කරන බව යුරෝපා සංගමය පසුගියදා නිවේදනය කළේය.

තහනම ලබන ජනවාරි මාසයේ සිටම ක්‍රියාත්මක වනු ඇත.

යුරෝපයට මසුන් ආශ්‍රීත නිශ්පාදනයන් අපනයනය කරන්නන් අතරින් විශාලත්වයෙන් දෙවැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව යුරෝපයට කරන ලද මත්ස්‍ය නිශ්පාදන අපනයනයන්ගෙන් පසුගිය වසරේ උපයාගෙන ඇති මුදල ඩොලර් ලක්ෂ 940 කි.



අදහස් (0)

මාළුටික යුරෝපයට විකුණ ගන්න රාජිත වෑයම් කරයි

රෝයි Sunday, 19 October 2014 01:57 AM

ලංකාවේ අයට දැන් මාලු කෑල්ලක් අඩු මුදලට කන්න පුළුවන් වෙයි. (නදී)

:       0       0

සම්පත් Thursday, 23 October 2014 07:55 AM

කවදාවත් මූදක් දැකපු නැති අය මෙතන කමෙන්ට් දාන්න එපා. සමහරුත් හරියට මූද දැකපු නැති මාළුන්ගේ නමවත් දන්නේ නැති ධීවර ඇමති වාගේ. පිට රටට මාළු ටික විකුණගන්න බැරිව ගියොත් ධීවර පවුල් දහස් ගානක් අසරණ වෙනවා. මේ රට යවන්නේ ඔයගොල්ලෝ කන සාලයෝ සූඩයෝ නෙවෙයි. කෙන්දා කියන මාළුවා. ඒ මාළුවට පිටරට ඉල්ලුම වැඩියි. දේශීය වෙළදපලට නිකුත් කරනවට වඩා වැඩි මුදලක් උපයගන්න පුළුවන්. යුරෝපයට වැඩියෙන්ම මාළු යවන රට අපි නෙමෙයි. කෙන්දා මාළුවා දේශීය වෙළඳපලට නිකුත් කලා කියලා මාළු මිල අඩුවෙන්නේ නෑ. මාළු මිල අඩුකරන්න නම් ඩීසල් මිල අඩුකරලා හෝ සහනාධාර දීලා හෝ නිෂ්පාදන පිරිවැය අඩුකරන්ඩ ඕනා. මේකත් නිකන් තේ වෙළඳම වාගේ වැඩක්. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 22 October 2014 04:58 AM

අපේ රටේ ධීවරයෝ අල්ලන මාළු විදේශ වලට විකුණලා ගන්න සල්ලිවලින් අපි ටින් මාළු කන්ටේනර් ගණන් ගෙන්වනවා. ඊට හොඳ නැද්ද ඔය කියන මාළු අපේ රටේම ජනතාවට විකුණලා මුදල් කළා නම්. මොකද විදේශ විනිමය එනවට වැඩිය යන නිසා. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 22 October 2014 04:58 AM

අපේ රටේ ධීවරයෝ අල්ලන මාළු විදේශ වලට විකුණලා ගන්න සල්ලිවලින් අපි ටින් මාළු කන්ටේනර් ගණන් ගෙන්වනවා. ඊට හොඳ නැද්ද ඔය කියන මාළු අපේ රටේම ජනතාවට විකුණලා මුදල් කළා නම්.මොකද විදේශ විනිමය එනවට වැඩිය යන නිසා.(හේ)

:       0       0

කුමාර Wednesday, 22 October 2014 04:58 AM

මේ දේ නිසා ලාභ ලබනවට වඩා අලාභය වැඩියි.(හේ)

:       0       0

අජිත් Wednesday, 22 October 2014 04:58 AM

අපේ අයට මේ මාළු මිල අඩු කරලා දුන්න නම් මොකද වෙන්නේ.(හේ)

:       0       0

හේමලතා Wednesday, 22 October 2014 04:57 AM

ඔය මාළු ටික යුරෝපෙට වික්කා කියලා අපේ ධිවරයන්ට ලැබෙන දෙයක් නෑ.(හේ)

:       0       0

සුනෙත් Monday, 20 October 2014 11:45 AM

අපේ රටේ ගොඩක් ඇමතිවරු අපේම සල්ලි වලින් කාල බීල රටට කිසිම වැඩක් නොකොට රටත් කනවා. මේකට ප්‍රදාන හේතුව ජනාදිපති ඇමතිලගේ ඡන්ද වලට යටවෙලා කිසිම දෙයක් හොයන්නේ නැතුව ඔහේ කරන්න දීල ඉන්නවා. මෙහෙම නම් රට හදන්න බැහැ (නදී)

:       0       0

කුමාර Sunday, 19 October 2014 02:45 PM

දැන් ඉතින් වත් මාළු වෙළෙන්දෝ අපේ මාළු සූරාගෙන කන එක නවත්වයි ද දන්නෙ නැහැ (නදී)

:       0       0

ලාල් Sunday, 19 October 2014 12:25 PM

මේ රජයේ ඉන්න අදක්ෂ දේසපාලුවෝ නිසා ශ්‍රී ලංකාව හැම පැත්තෙන්ම බැට කනවා. දැන්වත් අතීසාරෙට අමුඞ ගහන වැඞ නොකර අන්තර්ජාතික නීතී රීතීවලට අනුව වැඞකරන්න. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 19 October 2014 05:57 AM

ඇමතිතුමනි, සාකච්ඡාවට යන්න කලින් අපේ රජය විසින් මෙතනදී කර ඇති චෝදනාවලට භාජනයවූ වැරදි හදා ගත්තොත් උත්සාහය සාර්ථක වේවි නේද? (නදී)

:       0       0

දම් Thursday, 16 October 2014 07:48 AM

මගේ කොම්පැනිය අල්ලන මාලු නම් යන්නේ ජපානයට,කොරියාවට. අනිත් ඒවා ගැන හොයන්නට වෙලාවක් නැහැ. (නදී)

:       0       0

කළුවා Saturday, 18 October 2014 04:14 PM

යුරෝපය බලා ඉන්නේ අපේම මාළු කන්නනේ .....(අ)

:       0       0

අසාම් Saturday, 18 October 2014 01:33 AM

යුරෝපා සංගමය මීටපෙර කිහිප වතාවක්ම රජයට මේ පිළිබඳව අනතුරු ඇඟවීම් කළ බව අසා තිබුණා. අපේ රටේ අමාත්‍යංශම පමණක් කීයක් තියෙනවද? (නි)

:       0       0

අසාම් Saturday, 18 October 2014 01:32 AM

යුරෝපා සංගමය මීට පෙර කිහිප වතාවක්ම රජයට මේ පිළිබඳව අනතුරු ඇඟවීම් කරපු බව කියා සිටියා. කිසිම ප්‍රතිචාරයක් නොදක්වපු බවත් කියා සිටියා. මොකට අපේ රටේ අමාත්‍යංශ හැට හුටහමාරක් තියෙනවද මන්දා (නදී)

:       0       0

ටියුඩර් Saturday, 18 October 2014 01:01 AM

මේක නම් ශ්‍රී ලංකා ආර්ථිකයට වැදුණු මරුපහරක් හා සමානයි නේද? (නි)

:       0       0

ශ්‍රී ලාල් Friday, 17 October 2014 08:10 PM

තමිල්නාඩුවෙන් කරන නීති විරෝධී වැඩත් අපේ ගිණුමට වැටිලා වගේ. ගහන්න ඕනේ වුනාම කොහොම හරි වැරද්දක් හොයාගෙන ගහනවා ප්‍රසිද්ධියේම. (නදී)

:       0       0

ශ්‍රී ලාල් Friday, 17 October 2014 08:10 PM

තමිල්නාඩුවෙන් කරන නීති විරෝධී වැඩත් අපේ ගිණුමට වැටිලා වගේ. ගහන්න ඕනේ වුනාම කොහොම හරි වැරද්දක් හොයාගෙන ගහනවා ප්‍රසිද්ධියේම. (නදී)

:       0       0

නුවන් Friday, 17 October 2014 03:02 PM

ඇමති තුමාගේ කට වගේ වැඩ නැහැනේ (නදී)

:       0       0

සිරිමල් Friday, 17 October 2014 05:10 AM

අනේ බෞද්ධ රටකට ගිය කල. යුරෝපෙට වැඩියෙන්ම මාළු මරල දෙන රට අපේ ධර්මද්වීපය . (ස)

:       0       0

විරාජ් Friday, 17 October 2014 02:20 AM

හැමදාම අපේ අය කරන්නේ අස්සයා පැන්නට පස්සේ ඉස්තාලය වහන එක. මේවට විකල්ප හොයන්න තිබුණේ මීට කලින්. එහෙන් චීන්නු ලංකාවේ කොඩිය ගහන ලංකාවේ මුහුදු සීමාවේ හා අනවසර කලාප වල මාළු අල්ලනවා. මේවා අපි නොදැනුවත්ව වෙන දේවල් නෙමෙයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site