(තිළිණි ද සිල්වා)
මියන්මාරය හා ශ්‍රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක් අලුතින් හඳුන්වා දීමට අවදානය යොමුව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව මියන්මාර සංචාරකයින් ඉදිරියේදී මෙරටට පැමිණීම දිරිගැන්වීම සඳහා වට්ටම් සහිතව මහනුවර, තිරියාය, අනුරාධපුර, පොළොන්නරුව වැනි සැලකිය යුතු ආගමික ස්ථාන ද ඇතුළුව සකස් කළ සංචාරක පැකේජ හඳුන්වා දීමට කටයුතු කළ යුතු බව මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය නලින් ද සිල්වා මහතා කියා සිටී.
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය නලින් ද සිල්වා මහතා ඉකුත් 04 වැනිදා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සමඟ අන්තර්ජාලය හරහා පැවැත්වූ රැස්වීමකදී මේ බව සාකච්ඡා වූ බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ශ්‍රී ලංකාව සහ මියන්මාරය අතර දීර්ඝ කාලීන ඓතිහාසික හා ආගමික සම්බන්ධතාවය පදනම් කර ගනිමින්, වන්දනා සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා භාවිතයට නොගත් විශාල අවස්ථාවක් පවතින බව ද ශ්‍රී ලංකා තානාපතිවරයා මෙහිදී සංචාරක ප්‍රවර්ධන කාර්යාංශ බලධාරීන්ට පෙන්වා දෙන ලදී.
පශ්චාත් කොවිඩ් කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවේ දී වාර්තා චිත්‍රපට නිෂ්පාදනය කිරීමට මියන්මාරයේ ජාතික රූපවාහිනී නාලිකාවට ආරාධනා කිරීම හා මියන්මාර ජාතිකයන් ඉලක්ක කර ගනිමින්, දෙරට අතර ආගමික සම්බන්ධතාවය පිළිබඳ වීඩියෝවක් නිපදවීමට ද මෙම සාකච්ඡාවේදී යෝජනා කෙරිණි.
තවද දෙරට අතර සෘජු ගුවන් සම්බන්ධතාවය ඇති කිරීම කෙරෙහි සැලකිය යුතු අවදානයක් යොමු වූ අතර, ඊට පවතින විකල්පයන් පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කෙරිණ.
මෙම අන්තර්ජාල රැස්වීමට ගුවන් හා අපනයන කලාප සංවර්ධන අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් එම්. දේවසුරේන්ද්‍ර මහතා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් සහ යැන්ගොන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශකවරිය ද සහභාගී විය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මියන්මාරය - ශ්‍රී ලංකාව අතර වන්දනාකරුවන්ට වට්ටම් සහිත සංචාරක පැකේජයක්