ලබන වසරේ ඉතාලියේ මිලානෝ නුවරදී පැවැත්වීමට නියමිත එක්ස් ෆෝ 2015 ලෝක වෙළද ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම හා ඒ ආශ්‍රිත සියලු වැඩකටයුතු සම්පාදනය කිරීම ව්‍යාපාරික හියුබට් ජයකොඩි මහතාට පවරා ඇති බව වෙළද හා වාණිජ අමාත්‍යංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතා එසැණට පැවසිය.
ලෝකයේ නොයෙක් වෙළද ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් සහභාගී වී හොද අත්දැකීමක් ඇති ජයකොඩි මහතාට ඇති බැවින් මිලානෝ එක්ස් ෆෝ වැඩසටහනද ඔහුට බාරදුන් බව ලේකම්වරයා පැවසුහ.
මෙතුවක් කල් ලෝක වෙළද ප්‍රවර්ධන වැඩසටහන් වෙනුවෙන් ඉදිරිපත් ජයකොඩි මහතා රටට ගෙනා ප්‍රතිලාභ කවරේදැයි එසැණ කල විමසුමට වෙළද අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියේ සොයා බලා ඉදිරියේදී ඒ පිලිබදව පවසන බවයි.
රෝමයේ ශ්‍රී ලංකා තානාපති නාවලගේ බැනට් කුරේ මහතා කියනුයේ ජයකොඩි මහතා මිලානෝ එක්ස් ෆෝ වෙළද ප්‍රවර්ධන වැඩසටහන මගින් කරන සියලු කටයුතු රෝම තානාපති කාර්යාලයේ අනුදැනුම මත කළ යුතු බවයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මිලානෝ එක්ස් ෆෝව හියුබට් ජයකොඩිට
නන්දලාල් Wednesday, 29 January 2014 12:19 AM
මට මේ ජනතාව අහන්නේ ඔය ගැන ඇත්තටම (දී)
පියල් මිලානෝ Wednesday, 05 February 2014 04:55 PM
අනේ ගාමිණි-සිරි බහුබූත දොඩවන්නේ නැතුව ඉන්න. (දී)
ආනන්ද Wednesday, 05 February 2014 03:24 PM
හොද වැඩක් (දී)
ගාමිණී - සිරි Tuesday, 04 February 2014 10:31 PM
සෙනරත් ආනන්ද මල්ලී ,යමක් තේරුම් අරගෙන ප්‍රතිචාර දැක්වීම ඉතා අගයකොට සලකනවා.ඔය කියන කාට, කාටත් ඉතිහාසයක් තියෙනවා. යමෙක් උපදිනවිට රන් කහවනු මිට මොලවා ගෙන එන්නේ නැහැ. වියාපාරික ලෝකයේ පෙරමුණේ අදටත් ඉන්නේ උත්සාහයෙන් දිරිමත් වුවන් අතරින් ,හියු .ජේ.ශ්‍රේෂ්ටයෙක් , ඉතාමත් නිහතමානි පුද්ගලයෙක් මා දන්නා පමණින්.මේ තනතුර දුන්නා කියලා ගුවන් ටිකට් පත,නවාතැන් පහසු කම් ,සේවකයන් උදෙසා ,රජයෙන් කිසිදු දීමනාවක් දෙන්නේ නැහැ. මේවා අතින් කාලා හරක් බලන වැඩ . සම.. හරක් ...නොදන්නා කමින් කියන පුරසාරම් .. හීත් කලකිරවන කතා.ලංකාවේ නිෂ්පාදන ලෝක වෙළඳ පොලට හඳුන්වා දීමෙන් රටට සේවයක් මිස ,ජපානයේ එතුමාගේ ව්‍යාපාර වලට කිසිම රුකුලක් සිදු නොවේ. (දී)
එරා Tuesday, 04 February 2014 10:31 PM
කව්රු හරි කමක් නැහැ මෙතැනදී රට සේවයක් වෙන කෙනෙක් දාන්න ඕන (දී)
කාන්තා Tuesday, 04 February 2014 10:31 PM
අපේ රට වෙනුවෙන් යමක් කිරීමට ශක්තිය දිරිය ලැබේවා (දී)
සෙනරත් ආනන්ද මිලානෝ Monday, 03 February 2014 12:10 AM
ගාමිණී සිරි ඔයාගේ කතාව හරියට හරි. අපි මිලානෝ සියලු දෙනා ජයකොඩි මහතාට මේ වැඩසටහනට සම්පුර්ණ සහයෝගය දෙනවා, අපේ රට වෙනුවෙන් (දිල්)
සෙනරත් ආනන්ද මිලානෝ Sunday, 02 February 2014 10:45 PM
අපේ සහය ලබා දෙනවා සුභ පැතුම් (දිල්)
අමිල Saturday, 01 February 2014 03:19 AM
මේ කතාව ගැන කිසිම දෙයක් දන්නේ නැහැ, සුභපතනවා මම ඔබට (දී)
සෙනරත් ආනන්ද මිලානෝ, Friday, 31 January 2014 01:09 PM
එතුමා විශාල දණයක් වියදම් කරලා මෙවැනි බාරදුර වගකීමක් බාර අරන් තියෙන්නේ සියලු ශ්‍රී ලාංන්කිකන් වෙනුවෙන්, අපේ රට වෙනුවෙන්. ඒ නිසා අපි ඒ දේ අගේ කරමු. එතුමා මේ කරන්නේ සේවයක් ඒක අපේ රට වෙනුවෙන්. ඉතිහාසය ගැන නොවේ වර්තමානේ ගැන මම කියන්නේ.(නදී)
රුවන් කොටුවැල්ල Thursday, 30 January 2014 10:14 AM
මමත් එකකට ගියා. මෙහි කරන්නේ සල්ලි හොයන එක රට ගැන කිසි තැකීමක් නැත (දී)
විජිත Wednesday, 29 January 2014 05:39 AM
ලංකාවට ආර්ථික වාසි ලබාගන්න (දී)
හික්කඩුවේ අපි මිලානෝ Tuesday, 21 January 2014 09:52 PM
අපේ ගාල්ලේ හියුබට් නේද ? අපේ ආශීර්වාදය ඔබට ජයවේවා ! (නදී)
සුනෙත් Sunday, 26 January 2014 09:56 AM
නියමයි සුභපැතුම් (දී)
සුජිත් Sunday, 26 January 2014 09:56 AM
ලංකාවේ ගොඩාක් ප්‍රශ්න තියෙනවා විසදනවානම් (දී)
විශ්ව Sunday, 26 January 2014 09:54 AM
මම මේ ඇත්තමයි කියන්නේ මට නම් වැඩක් නැහැ (දී)
සෑම් Saturday, 25 January 2014 03:09 AM
මේ මහතා අනූවේ දශකයේ මුල එයා ලංකා එක "" හියු ජේ මල් ප්‍රවාහන සේවය "" හැටියට පාවිච්චි කළා. ඉතා විශාල මගීන් ගණනක් ඉන්න ගුවන් ගමන් අවලංගු කර මල් ගෙනයන ගමනාන්ත වලට යෙදෙව්වා. ඉතාම ජනප්‍රියව තිබු කටුනායක/ සිඩ්නි /මෙල්බෝර්න් / කටුනායක ගුවන් ගමන සහ මුලින්ම නවතා දැම්මා (අ)
පී කරුණාසේන මිලානෝ Wednesday, 22 January 2014 11:17 PM
මියගිය 'අහවල්' ජනාධිපති වරයාගේ කාලයේ මොහු කල කෙරුම් කවුරුත් දන්නවා. මෙයා හිටපු ගමන් පැත්ත මාරු කරලා වත්ද? (අ)
සමන්ති Wednesday, 22 January 2014 07:24 PM
මෙයාගේ ඉතිහාසය අපටනම් මතකයි සමහරුන්ට මතක නැත. (නදී)
ලේක්කෝ ගලබඩ Wednesday, 22 January 2014 02:11 PM
එක්තරා අගමැති වරයකුගේ කාලයේ 'එයාර් ලංකා' ගුවන්සේවයේ තම භාණ්ඩ නොමිලේ පැටෙව්වේ කවුද? ලංකාවේ පුරා වස්තු මංකොල්ලකරුවන් මේ පාඨකයන්ට මතක නැද්ද? (නදී)
සමන් නන්දලාල් Wednesday, 22 January 2014 10:05 AM
මේ මහත්තයා දුලංජලී ප්‍රෙමදාස මියගේ මාමණ්ඩිය නොවේ ද? (නදී)
ලුම්බිණි Wednesday, 22 January 2014 07:30 AM
පෞද්ගලික ලාභයක් කිසිදා බලාපොරොත්තු නොවෙන කෙනෙක් ව්‍යාපාර කරන්නේ කොහොමද? (නදී)
ගාමිණී -සිරි Tuesday, 21 January 2014 11:38 PM
ජපානයේ ශ්‍රී ලංකා හෝටල් ව්‍යාපාරය ආරම්භ කිරීමේ පුරෝගාමියා වුයේ හියුබට් ජයකොඩි මහතාය. ජපානයේ ඇති හෝටල් සමුහය සඳහා ලාංකිකයින් විශාල පිරිසකට ජපානයට යාමට දොර ඇරින. ඔවුන්ගෙන් සමහරක් අද ජපානයේ හෝටල් හිමියන්ය. ලංකාවේ මැණික් ව්‍යාපාරය ජපානයේ ප්‍රචලිත කලේ මෙතුමාය. ජපන් භාෂාවෙන් (රන් හනා )ඕකිඩ් මල් ලංකාවෙන් ජපානයට යවා විදේශ විනිමය උපයා දුන්නේය. ජපන් ජාතිකයින් හා ලාංකිකයින් විශාල පිරිසක් අද එතුමාගේ සේවකයින්ය. කරුණාතිලක අමුණුගම මහතා තානාපති වශයෙන් සිටියදී , ජපානයේ ශ්‍රී ලංකා ව්‍යාපාරය කවුන්සිලය ආරම්භ කිරීමත්,ආරම්භක සභාපති වරයා ලෙස රට වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කරන එතුමා 2015 ලෝක වෙළඳ ප්‍රවර්ධන වැඩ සටහන වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට පත් කර ගැණීම රටට සේවයක් මිස එතුමාගේ පෞද්ගලික ලාභයක් කිසිදා බලාපොරොත්තු නොවෙන මනා පෞරුෂත්වයක් ඇති නිහතමානී පුද්ගලයෙක් බව මා සඳහන් කරන්නේ සත් භාවයෙනි. (නදී)