2011 දී ගෘහ සේවිකාවක ලෙස සිංගප්පූරුවට ගිය ශ්‍රී ලංකා තරුණියක් ඉන් වසර පහළොවකට පමණ පසුව සාර්ථක ව්‍යාපාරිකාවක් බවට පත්වී ඇතැයි සිංගප්පූරුවේ පළවන ස්ට්‍රේට් ටයිම්ස් පුවත්පත කියයි.
සිය දෙමාපියන්ගේ වියෝවෙන් පසු අනාථ නිවාසයක වාසය කළ නිලූෂිකා ජයවීර (36) දිරිය තරුණිය මුලින්ම සිංගප්පූරුවට පිවිසෙන්නේ සිය ජීවිකාව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් සොයාගැනීම සඳහායි.
නමුත් ඇය සිය දිවිය නව මානයකට යොමු කරමින් සිංගප්පූරුවේ ව්‍යාපාරිකාවක බවට පත්වූවාය. එසේම ඇය සිංගප්පූරුවේ විවිධ අවස්ථාවලදී ධනාත්මක චින්තනය පිළිබඳ හා ව්‍යවසායික ක්ෂේත්‍රයන් හි දේශනද පැවැත්වූවාය. නිලූෂිකා ශ්‍රී ලංකාවේ තේ වතුවලින් ලබාගන්නා තේ ජාත්‍යන්තර ගැනුම්කරුවන් වෙත අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නීය. එසේම ඇයට ඒ සඳහා 500ට අධික ජාත්‍යන්තර ගැනුම්කරුවෝ සංඛ්‍යාවක් සිටිති.
සිංගප්පූරුවේ පැවැති ටී.ඊ.ඩී නම් වැඩසහටනකදී ඇය සිය ජීවිත කතාව පිළිබඳව දැක්වූ අදහස් සිංගප්පූරු මාධ්‍ය ඉහළ වටිනාකමකින් වාර්තා කළේය.
මෙම වැඩසටහනේ දේශකයන් ලෙස නිලූෂිකාට අමතරව ලෝකයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් වන බිල් ගේට්ස්, හිටපු ඇමෙරිකා උප ජනපති අල් ගෝ හා පර්යේෂක ජේන් ගුඩාල් සහභාගිවී සිටියහ.
දෙමාපියන්ගේ වියෝවෙන් පසුව තම කුඩා සහෝදර සහෝදරියන් සිවු දෙනකු ජීවත් කරවීමට ඇය තෝරා ගන්නේ සිංගප්පූරු ගෘහ සේවයයි. සිංගප්පූරුවේ ගත කළ කාලයේදී ඇය අයිඩා නම් රාජ්‍ය නොවන සංවිධානයකට එක්ව තම මුදල් කළමනාකරණය කරගන්නා අයුරු හා ව්‍යාපාරයක් ආරම්භ කරන අයුරු ඉගෙන ගත්තාය.
සිය දැනුම වර්ධනය කරගැනීමට ඇය මූල්‍ය සාක්ෂරතාව, ව්‍යාපාර හා නායකත්ව ගුණාංග පිළිබඳව හැදෑරීම් කළාය. ඉන් අනතුරුව ඇය සිය සැමියා සමග එක්ව ක්‍රමයෙන් ව්‍යාපාරික කටයුතු ආරම්භ කළාය.
ඇය ශ්‍රී ලංකාවේ සිටින ගැමි කාන්තාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට ද කටයුතු කළාය. ඒ සඳහා ඇය රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටුවා ඇති අතර ඒ හරහා ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳව කාන්තාවන්ට උගන්වන්නීය. එසේම දුප්පත් දරුවන්ට අධ්‍යාපනය ලබාගැනීමට ද උදව් කරයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
මෙහෙකාරකමට ගිහින් ලොවම දිනයි
යාපා Thursday, 22 December 2016 08:33 AM
මොනතරම් ආඩම්බරයක්ද රටට? (නි)
අනුරාධ Wednesday, 21 December 2016 11:33 AM
දියණියනි,ඔබට ජයෙන් ජයම වේවා! (බ)
රජිත් Wednesday, 21 December 2016 10:03 PM
ඇගේ ජයග්‍රහණය ගැන අපෙන් සුබ පැතුම්! (නි)
හරිශ්චන්ද්‍ර Wednesday, 21 December 2016 11:18 PM
ඔබගෙන් ගත හැකි ආදර්ශ බොහොමයි (නි)
චමින්ද Wednesday, 21 December 2016 11:18 PM
ඔබ ගැන හරිම ආඩම්බරයි (නි)
සංජු Thursday, 22 December 2016 05:15 AM
මටනම් මම ගැනම ලැජ්ජාවක් ඇතිවුණා ආඩම්බරයි සොහොයුරිය ඔබ ගැන. ඔබට ජයෙන් ජයම වේවා! (බ)
රුවන් Thursday, 22 December 2016 08:33 AM
දීප්තිමත් අනාගතයකට ආසිරි පතමි! (නි)
මොහොට්ටාල Thursday, 22 December 2016 08:33 AM
ඔබ වැනි අය තව තවත් බිහිවේවා! (නි)
අප්පුහාමි Thursday, 22 December 2016 08:33 AM
මේ රටේ හිටියා නම් මෙහෙම තැනකට කවදා එන්නද? (නි)
ප්‍රීති Thursday, 22 December 2016 08:33 AM
ලංකාවේ ඇතුළේ මෝඩයෝ ටික ඉතුරුවෙලා දක්ෂයෝ ටික පිටරට ගියා. බුද්ධිගලනය හේතුවෙන් වැඩබැරි ටාසන්ලා ටික තමයි අන්තිමේ ලංකාවේ ඉතුරු වුණේ. කයිය විතරයි වැඩ නැහැ. ලංකාවේ අනුවණයින්ට වටිනාකමක් තිබුනට, පිටරට දක්ෂයින්ට වටිනාකමක් තියනවා කියලා අපිත් දන්නවා නංගි. ඔබට ජය!! (නි)
දිලිප් Thursday, 22 December 2016 08:32 AM
අපේ අයට කොහෙද ඉතින් මෙහෙම මිනිසුන්ගේ අගයක් දැනෙන්නේ? (නි)
අනුරාධ Wednesday, 21 December 2016 11:33 AM
දියණියනි, ඔබට ජයෙන් ජයම වේවා! (නි)
ප්‍රියංකර Thursday, 22 December 2016 09:29 AM
ඔබට ජයවේවා! (නි)
ලාල් Thursday, 22 December 2016 01:50 PM
මම ජිවත්වන්නේ විදේශ රටක. මා මෙතැනට ගෙනාවෙත් ලංකාවේම කුහක මිනිස්සු. කුඩා කල සිටම මට පුදුම කෙණෙහිළිකම් කළා. මගේ දියණිය වෛද්‍ය විද්‍යාලයේ. මාව පහළට දාපු ගොඩක් අයට පින්සිදුවන්නට මම මේ සුද්දන්ගේ රටේ ඉහළ තලයක සිටින්නේ (නි)
ලාල් වීරසිංහ Thursday, 22 December 2016 01:52 PM
මම ජිවත් වන්නේ විදේශ රටක මාව මෙතැනට ගෙනාවෙත් ලංකාවේම කුහක මිනිස්සු කුඩා කල සිටම මට පුදුම කෙනෙහිළිකම් කළ මිනිසුන්ට වැඩ අදම ඉහල ජිවිතයක් ගෙවනවා ,මගේ දියණියන් දෙදෙනාටමත් වෛද්‍ය විද්‍යාලයේ,මාව පල්ලහාට දාපු ගොඩක් සිජහලයින්ට පින්සිදුවන්නට (බ)
මනෝජ් Saturday, 24 December 2016 01:49 AM
ඉදිරියටම යන්න දියණියනි! (නි)
බමුණු ආරච්චි Saturday, 24 December 2016 01:51 AM
ඔලුව ඇති කෙනාට උවමනා ස්ථානයකට මොන ආකාරයකට හෝ ඇතුළුවීම පමණයි කළයුත්තේ. එතනින් නැගිටින හැටි එයා දන්නවා. බොහෝ අය කරන්නේ පටන් ගැන්මේදීම ලොකුතැන් සොයනවා. ලොකු ව්‍යාපාරික චරිත දිහා බැලුවම අපිට ඉගෙනගන්න පුළුවන්. (නි)
සුනිල් විජේසේන Sunday, 25 December 2016 11:07 AM
උත්සාහවන්තයා ජය ගනී (බ)
සමන් Monday, 26 December 2016 05:02 AM
තවත් ඉහළට යන්න ලැබේවා! (නි)
විජේ Monday, 26 December 2016 06:01 AM
මෙවන් වීර දියණියන් ලද ලක්මාතාව වාසනාවන්තයි (නි)
නුවන්තක Monday, 26 December 2016 06:03 AM
ඔබ අපේ රටට අභිමානයක්! (නි)
දමයන්ති Tuesday, 20 December 2016 07:52 PM
හරිම ආඩම්බරයි ඔබ ගැන. ඔබට ජය! (නි)
සම්පත් Tuesday, 20 December 2016 02:37 PM
හරිම ආඩම්බරයි ඔබ ගැන.(හේ)
අමල් Tuesday, 20 December 2016 02:38 PM
ගොඩක් සතුටුයි මේ ගැන.(හේ)
ඩලස් Tuesday, 20 December 2016 02:39 PM
දිරිය කාන්තාවනි ඔබට අපගේ සුබ පැතුම.(හේ)
ආසිරි Tuesday, 20 December 2016 02:38 PM
හරිම ආඩම්බරයි ඔබ ගැන.(හේ)
ජාලිය Tuesday, 20 December 2016 02:38 PM
ජීවිතය ජයගත් ඔබට සුබ පැතුම්!!! (හේ)
සමන්ති Tuesday, 20 December 2016 02:40 PM
මෙය කාට කාටත් ලොකු ආදර්ශයක්.(හේ)
අනිල් Tuesday, 20 December 2016 02:38 PM
හරිම ආඩම්බරයි ඔබ ගැන. ඔබ වැනි උත්සාහවන්ත වැඩිමල් සොහොයුරියක් ලැබීමට ඔබේ කුඩා සහෝදර සහෝදරියන් පින් කරලා තිබෙනවා. ජීවිතය ජයගත් ඔබට සුබ පැතුම්!!! (හේ)
රොහාන් Tuesday, 20 December 2016 05:46 PM
ඔබ වැනි අය රටට වාසනාවක්! (නි)
ගුණසිරි Tuesday, 20 December 2016 05:48 PM
ඒ තවත් එක් දිරිය කතක්. ශ්‍රී ලංකාව නම් වූ අපේ පින් බිමේ නම ඉහළින් රැන්ඳු ඔබට අපේ ගෞරව ප්‍රණාමය සුභාශිංසනය හිමියි. (නි)
දොන් Tuesday, 20 December 2016 06:57 PM
මේ රටේ සමහර ළිං මැඩියන්ට විදේශ රටක් කිව්වොත් අජීර්ණයි. මේවා දැකලා හරි යමක් ඉගෙනගත්තොත් අනික් අයටත් කරන උදව්වක් වේවි. (නි)
අයිරාංගනී Tuesday, 20 December 2016 02:36 PM
හරිම ආඩම්බරයි ඔබ ගැන. ඔබ වැනි උත්සාහවන්ත වැඩිමල් සොහොයුරියක් ලැබීමට ඔබේ කුඩා සහෝදර සහෝදරියන් පින් කරලා තිබෙනවා. ජීවිතය ජයගත් ඔබට සුබ පැතුම්!!! (බ)
ජනහිත Tuesday, 20 December 2016 09:00 PM
බලන්න මේ දිරිය කාන්තාව ඉහළට ගිය හැටි. බොහෝ දෙනෙක් විදෙස්ගතව තම ජීවිතය අයාලේ යන්න දෙන අතරේ තව කෙනෙක් තම ජීවිතය පමණක් නොවෙයි අනෙක් අයගේ ජිවිතත් නඟා සිටුවන්න හිතන හැටි. ඇයව අපි අගය කළයුත්තේ ඒ නිසාම පමණක් නොවෙයි, ලෝකයේම ඉහළම ව්‍යාපාරිකයින් සමඟ එකට ඉඳගන්න පුළුවන් කෙනෙක් වීම නිසයි. ඕනෑකම තියෙනවා නම් කෙනෙකුට ඉහළ යන්නත් පුළුවන්, නැත්නම් අගාධයට යන්නත් පුළුවන්. (නි)
ටෙෂාන් Tuesday, 20 December 2016 11:50 PM
දිරිය ලඳක්. සුබ පැතුම්! (නි)
රාජසිංහ Tuesday, 20 December 2016 11:51 PM
සියලුම ලාංකිකයන්ට ඔබ ආදර්ශයකි. ඔබට තව තවත් ඉදිරියට යාමට සුබ පැතුම්! (නි)
උපසේන Wednesday, 21 December 2016 03:34 AM
ඇය සියල්ලන්ටම ආදර්ශයක් (නි)
නිල්හාන් Wednesday, 21 December 2016 03:34 AM
ඔබට සුන්දර අනාගතයක්! (නි)
ද සිල්වා බෙර්ලින් Wednesday, 21 December 2016 03:51 AM
සුභ පැතුම් ,හරිම දක්ෂ කාන්තාවක් , ලංකාවේ හිටියනම මෙතුමියට මේ ම තත්වයට එන්න බැහැ, ලංකාවේ තිබෙන ක්‍රමය අනුව මෙවැනි දියුණුවක් ලබන්න නම් දේශපාලන සම්බන්ධ කම් ඉත අවශ්‍යවේ , (ම)
ජයසිරි Wednesday, 21 December 2016 07:20 AM
මේ වාසනාවන්ත උවතියට තෙරුවන් සරණයි (ම)
අශිකා Wednesday, 21 December 2016 07:57 AM
සිංහල කාන්තාවෝ සුවිශේෂ දක්ෂයින් ඔවුන් පරදින්නේ බ්‍රිතාන්‍ය කාන්තාවන්ට පමණයි අවුරුදු 30ක වර්ගවාදී යුද්ධයේදී හැමෝම සිහි කරන්නේ, පිරිමි සොල්දාදුවන් පමණයි, යුද්ධයේදී අනේක දුක ගැහැට වින්දේ සිංහල කාන්තාවෝය ඔවුන් අතර මව්වරු සෙබලියන් ,සාත්තු සේවිකාවන් සිටිනවා (බ)
සරත් Wednesday, 21 December 2016 09:20 AM
උත්සාහවන්ත දක්ෂ කාන්තාවක් සුභ පතනවා (ම)