X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


මෛත්‍රී ආ ගමන් ඉන්දියා ව්‍යාපාරිකයෝ 17ක් එති

ශ්‍රී ලංකාවේ  නිෂ්පාදිත භාණ්ඩ අපනයනයට හා ලංකාවේ ආයෝජනයට ඉඩකඩ සොයා බැලීමට ඉන්දියා ව්‍යාපාරිකයින් 17  දෙනෙකු ජනවාරි 21 වැනිදා ශ්‍රී  ලංකාව  බලා පිටත්වන බව මුම්බායි කොන්සල් ජනරාල් සරෝජා සිරිසේන මහත්මිය ලංකාදීප එසැණට පැවසීය.

ඉන්දියා  වාණිජ  අමාත්‍යාංශයත් ශ්‍රී ලංකා වාණිජ කටයුතු අමාත්‍යාංශයත් එක්ව පැමිණෙන ව්‍යාපාරිකයින් සදහා වැඩමුළුවක් පැවැත්වීමටද නියමිතය.

 මේ අතර ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියා  මාධ්‍ය අමතා පසුගියදා කියා සිටියේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉතා ඉක්මනින් ඉන්දියාවේ සංචාරයක් සදහා පැමිණෙනු ඇතැයි තම රජය අපේක්ෂා කරන බවයි. ශ්‍රී ලංකාව සමග සිදුකරන ආයෝජන කටයුතු තව තවත් ශක්තිමත් කිරීමට ද තම රජය අපේක්ෂා කරන බව මෝදි මහතා එහිදී පැවසීය.

 



අදහස් (0)

මෛත්‍රී ආ ගමන් ඉන්දියා ව්‍යාපාරිකයෝ 17ක් එති

සුරේන්ද්‍ර Tuesday, 20 January 2015 04:06 PM

මම එක දෙයක් අහන්නද හැම දෙනාගෙන්ම? ඇයි ඉන්දියාව මේ හදිසියේම එන්න තීරණය කරලා තියෙන්නේ? තවම අලුත් ආණ්ඩුව පත්වීම් ලැබුවා පමණයිනේ. ඇයි හදිස්සි මෙතරම්? හිතන්න ගොඩක් දේ තිබෙනවා. හොඳක් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙන බව පෙනෙනවා (නි)

:       0       0

කලන Monday, 19 January 2015 03:21 AM

ඉන්දියාවේ මිනිස්සුත් එක්ක කිසිම වෙළඳ ගනුවක් කරනු එපා. ඒ අයට වඩා සුද්දෝ හොඳයි. ඉන්දියානුවෝ ජරාම කපටි ජාතියක්. (නදී)

:       0       0

සුගත්.ප්‍රේමලාල් Monday, 19 January 2015 04:53 AM

ඉන්දියාව කියන්නේ ලෝකේ තියන කුහකම රටක්.අතීතය ගත්තත් ඉන්දියාව අපිට හොඳක් කරලා නැහැ.මේ දේවල් නොවෙන්න ජනතාව පෙළ ගැසීමට කාලය ඇවිත් තිබේ. (ස)

:       0       0

සුගත්.ප්‍රේමලාල් Monday, 19 January 2015 04:53 AM

ඉන්දියාව කියන්නේ ලෝකේ තියන කුහකම රටක්. අතීතය ගත්තත් ඉන්දියාව අපිට හොදක් කරලා නැහැ. මේ දේවල් නොවෙන්න ජනතාව පෙළ ගැසීමට කාලය ඇවිත් තිබේ.(නදී)

:       0       0

සම්පත් Monday, 19 January 2015 05:15 AM

දැන් මොකක්ද වෙන්න යන්නේ.(හේ)

:       0       0

ඉෂාර Monday, 19 January 2015 05:15 AM

මෙමගින් ලංකාව ගැන තියෙන විශ්වාසය වැඩි වෙනවා.(හේ)

:       0       0

රන්ජිත් Monday, 19 January 2015 05:15 AM

දැන් අපේ රටට ආර්ථික වාසී ලැබෙන්න වගේ.(හේ)

:       0       0

තිලක් Monday, 19 January 2015 07:45 PM

ඒ වුණාට අපිට බුද්ධාගම ලැබුනෙත් ඉන්දියාවෙන්නේ (නි)

:       0       0

තිලක් Monday, 19 January 2015 07:45 PM

ඒ උනාට අපට බුද්දාගම ලැබුනෙත් ඉන්දියාවෙන් (නදී)

:       0       0

දුල් Tuesday, 20 January 2015 04:45 AM

මෙච්චර කාලෙකට ලංකාවේ භාණ්ඩ ඉන්දියාවෙන් ගත්තේ නෑ.. ලංකාව තමයි ඉන්දියාව පෝෂණය කර කර ඉන්දියන් බඩු ගත්තේ.. ලංකාවේ තේ කර්මාන්තෙටත් ලොකු හානියක් කළා ඉන්දියාව බාල තේ යවල... ඉතින් මෙච්චර කාලයක් ඉන්දියාවෙන් ඉම්පෝර්ට් කරපු එකේ අපි ඉන්දියාවට එක්ස්පෝර්ට් කරන එකේ වැරැද්ද මොකක්ද ?? මේ ගැන වෘත්තීය මට්ටමෙන් දන්නා කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න කාරුණික වන්න...(බ)

:       0       0

ලංකා Tuesday, 20 January 2015 07:24 AM

පටන්ගන්නේ එක්ස්පෝර්ට් වලින්. කරන්නේ ඉම්පෝර්ට්. ඒක තමයි ඉන්දියන්කාරයන්ගේ ස්වභාවය. (නි)

:       0       0

සෑම් Sunday, 18 January 2015 05:10 AM

අයියෝ මේගොල්ලන් මොනවා කියනවද දන්නේ නැහැ. අපේ කොම්පැනි අපි දාල තියෙනවා ඉන්දියාවේ. ඒ වගේම ඒගොල්ලන් අපේ රටේ කොම්පැනි දාන එක අපිට හොඳයි. වැඩි වැඩියෙන් රැකි රක්ෂා. මොන දේ උනත් ජනාදිපතිතුමා ගේ අතේ තමයි තියෙන්නේ අපේ රටේ ආරක්ෂාව. එතුමා එ්ක හරියට ඉටු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා (නදී)

:       0       0

සුරේන්ද්‍ර Tuesday, 20 January 2015 04:06 PM

මට එක දෙයක් අහන්නද හැම දෙනාගෙන්ම. ඇයි ඉන්දියාව මේ හදිස්සියේම එන්න තීරණය කරල තියෙන්නේ. තාම අලුත් ආණ්ඩුව පත්වීම් ලැබුවා පමණයි. ඇයි මේ හදිස්සි මෙතරම්. හිතන්න ගොඩක් දේ තියෙනවා. හොඳක් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ප්‍රශ්නයක් තියෙන බව පේනවා (නදී)

:       0       0

කුමාරි Wednesday, 21 January 2015 06:56 AM

මට තියෙන ප්‍රශ්නෙ අපි මොනවද නිශ්පාදනය කරන්නෙ ඉන්දියාවට යවන්න තරම්? (නදී)

:       0       0

සිරිමෙවන් Wednesday, 21 January 2015 10:32 PM

දැන් බලන්න අපේ පාරවල් වල තියෙන්නේ මොනවද කියලා. දැන් ළඟදීම සිංහල හඬකවපු ටෙලි නාට්‍යත් නැවත පටන්ගනියි. එතකොට ඉන්දියන් දේවල් අපේ සංස්කෘතියට හෙමිහිට ඇතුළත් වෙනවා. කාට කියන්නද? ඕනෑ කියලා ඔයගොල්ලොමනේ මේවා දාගත්තේ. පුළුවන් නම් එහෙම වෙන්න දෙන්නේ නැතුව නවතාගන්න බලන්න (නි)

:       0       0

අශෝකා Thursday, 22 January 2015 12:10 PM

බලාගෙන ජේ.වී.පී එක විරුද්ද වෙයි. ජේ.වී.පී එක මොනවා කියයිද දන්නේ නැහැ (නදී)

:       0       0

ගුණේ Friday, 23 January 2015 05:41 AM

අශෝක ජේ.වී.පි. එක විරුද්ධ වුනේ ඉන්දියන් හමුදාව අපේ රට ආක්‍රමණය කළ නිසයි. නොදන්නා දේ නොලියන්න. (බ)

:       0       0

ගුණේ Friday, 23 January 2015 05:41 AM

අශෝක ජේ.වී.පි. එක විරුද්ධ වුනේ ඉන්දියන් හමුදාව අපේ රට ආක්ක්‍රමනය කළ නිසයි. නොදන්නා දේ නොලියන්න. (අ)

:       0       0

සෝමදාස Friday, 23 January 2015 04:19 PM

ලෝකයේ මොන රටක අයට දුන්නත් කමක්නැහැ, මෙයාලට නැතුව (නි)

:       0       0

චන්ද්‍රලතා පිටරටක සිට Saturday, 24 January 2015 01:20 PM

කරුණාකර මේක වෙන්න නම් ඉඩදෙන්න එපා .ඉඩදුන්නොත් වෙන්නේ ජනතාවට පෙනෙන්න සුලු කාලයක් සුළු සුළු දේ කරයි.නමුත් ඉන්පසුවට වෙනදේට මට නම් කියන්න තිබෙන්නේ මෙවැනි අදහසක්. ඉන්දියානුකාරයෝ හරිම කපටි අවස්ථාවාදීන්. යහපාලනයක් කරන්නේ කොහොමද ඔය වගේ රටක මිනිසුන් සමඟ? ඉන්දියාව වගේ රටක් බලන්නේ අපේ ඔය ලස්සන මව්බිම ඔවුන් යටතේ තබාගන්න. පිටරට ඉන්න ඉන්දියන් ජාතිය අපේ රට හරියට පහත්කරලා කතාකරන්නේ. (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 01 February 2015 07:40 PM

ප්‍රවේශම්වන්න (නි)

:       0       0

ධනුෂ්ක Sunday, 01 February 2015 08:53 PM

ඉන්දියාවෙන් ලංකාවට ආයෝජකයෝ අවශ්‍ය නැහැ. මොකද ඔවුන්ගේ ආයතන කීපයක් දැනටත් ලංකාවේ තිබෙනවා. ඒවායේ පරසර දුෂණය ඉතා ඉහළයි. (නි)

:       0       0

ගයාන් Friday, 16 January 2015 11:46 AM

තව තවත් වැඩි වැඩියෙන් අපි එයාලව ගෙන්වමු (නි)

:       0       0

පින්කි Thursday, 15 January 2015 12:38 PM

මේක නම් වෙන්න දෙන්න එපා. කපටි ඉන්දියානුවෝ මුලදී එන්නේ උදව් කරන විදියට. ලංකාවෙන් අපනයනයට එනව කියන එක විශ්වාස කරන්න එපා. අපනයනය කරන්න වුවමනාව තියෙන්නේ ලංකාවේ අපිට මිසක් ඉන්දියානුවන්ට නෙමෙයි. හරි කපටි ජාතියක්. බාහිර පෙනුමෙන් අපට සමාන නිසා මෙහෙ පැලපදියන් වෙනවා. කිසි බයක් සැකක් නැතුව හැසිරෙන කොට කවුරුවත් සැක කරන්නේ නැහැ ඉන්දියානුවෝ කියල. ඒ වගේ වැඩ වලට හරිම තද ආත්ම විශ්වාසයක් තියනවා ඔවුන්ට. (නදී)

:       0       0

පියල් Thursday, 15 January 2015 02:31 PM

බටහිර ආරයට සිතන අය නම් කියාවි එහෙම එන එක හොඳයි කියලා. නීතිගත කළත් පුදුමවෙන්න දෙයක් නැහැ. මේක නම් වෙන්න දෙන්න එපා. (නි)

:       0       0

නිරුප Thursday, 15 January 2015 02:43 PM

ඇයි ඉන්දියානුවන් එක්ක පාලමක් හදන්නත් ගියා නේද කාලයක්? (නි)

:       0       0

මදීන Thursday, 15 January 2015 03:14 PM

චිනු විතරද හොඳ ..(අ)

:       0       0

නිලන්ත Thursday, 15 January 2015 03:30 PM

අපේ අලුත් ජනාධිපති තුමාගේ යහ පාලනය ගෙන විශ්වාසය තබා එන ඕනෑම ව්‍යාපාරක් පිළිගන්න එක අපේ වගකීම. ඔවුන් අවංකද නැද්ද කියන එක පසුව බලමු. ලංකාවට ඉන්දියාව තරහ කරගෙන දියුණු වෙන්න බෑ. කොහොමත් මහින්දට වැඩ මෛත්‍රී හොඳ බව ලෝකය පිලිගන්නවා.

:       0       0

නිමල් Thursday, 15 January 2015 03:44 PM

චීනුන්ට මෙහෙ පදිංචිවෙන්න බැහැ හොරෙන්. බාහිර පෙනුම වෙනස්. ඉන්දියන් අයගෙයි අපෙයි බාහිර පෙනුම බොහෝදුරට සමානයි. විශේෂයෙන් දකුණු ඉන්දියානුවන්ගේ. (නි)

:       0       0

මහින්ද Thursday, 15 January 2015 05:12 PM

අනේ නිලන්ත,තමුන්ගේ ලෝකය පිළිබඳ පළමුව දැනගන්න (නි)

:       0       0

ලුම්බිණි Friday, 16 January 2015 02:46 AM

ඉන්දියාව සමඟ හොඳ හිත තබාගන්න එක ලංකාවට ඉතා වැදගත්. කවුරුත් හිතුවේ නැති වුණත් ලංකාවේ හැම දෙනෙක්ම නොදැනුවත්වම අනුගමනය කරන්නේ ඉන්දියානු අභාෂය හැර අන් කිසිවක් නොවෙයි. මම ළඟදී විවාහ උත්සවයක් දැක්කා. ගිනිමැලය වටේ ඇවිදීම හැර අන් සියලු දෙයක්ම වුණේ ඉන්දියානු විදියට. හැබැයි ඒ අය ඉන්දියාවට බැන බැන තමයි ඉන්නේ. (නි)

:       0       0

නිමල් ලාලිත Friday, 16 January 2015 02:55 AM

කවුරුන් කෙසේ පැවසුවත් දේශීය ව්‍යාපාරිකයා, විශේෂයෙන් සිංහල ව්‍යාපාරිකයා රැකේවා! (නි)

:       0       0

ගයාන් Friday, 16 January 2015 11:45 AM

අපිට ඉන්දියාව තරහා කරගෙන බැහැ (නි)

:       0       0

තිනුග Thursday, 15 January 2015 12:37 PM

මේක නම් වෙන්න දෙන්න එපා කියලයි මම නම් කියන්නේ. ඉන්දියානුවෝ මුලදී එන්නේ උදවු කරන විදියට. ලංකාවෙන් අපනයනයට එනවා කියන එක මට නම් විශ්වාස නැහැ. අපනයනය කරන්න උවමනාව තියෙන්නේ ලංකාවේ අපිට මිසක් ඉන්දියානුවන්ට නෙමෙයි. හරිම තද ආත්ම විශ්වාසයක් තිබෙනවා ඔවුන්ට. (නි)

:       0       0

සුමිත් Friday, 16 January 2015 01:34 PM

මේක නම් වෙන්න දෙන්න එපා කියලයි මම නම් කියන්නේ. ඉන්දියානුවෝ මුලදී එන්නේ උදවු කරන විදියට. (නි)

:       0       0

තරූ Friday, 16 January 2015 01:35 PM

සුබ පැතුම්! (නි)

:       0       0

සුමිත් Friday, 16 January 2015 01:42 PM

මේක නම් වෙන්න දෙන්න එපා කියලයි මමත් කියන්නේ. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Saturday, 17 January 2015 03:07 AM

ලෝකයේ ඕනෑම රටකට හුදකලාවේ ගමනක් යන්ට බැහැ. අනිත් රටවල් සමග අනිවාර්යයෙන්ම අපි ගනු දෙනු කළ යුතුයි. කලයුත්තේ කොහොමද කියන තෝරා බේරා ගැනීමේ තීරණය රජය සතුයි. (නදී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Saturday, 17 January 2015 03:07 AM

ලෝකයේ ඕනෑම රටකට හුදකලාව ගමනක් යන්න බැහැ. අනෙක් රටවල් සමඟ අනිවාර්යයෙන්ම අපි ගනුදෙනු කළයුතුයි. කළයුත්තේ කොහොමද කියන එක තෝරාබේරා ගැනීමේ තීරණය රජය සතුයි. (නි)

:       0       0

සමන් Saturday, 17 January 2015 06:16 AM

ඉන්දියානු ව්‍යාපාරිකයන් එන්නේ හොඳකට නොවන බව මගේ විශ්වාසයයි. ඔවුන් ලංකාවටත් ලංකාවේ ආර්ථිකය යහපත් වෙනවාටත් කැමති නැහැ. පරිස්සමෙන් කලයුතු දෙයක් මේක. චීන්නුන්ට වඩා ඉන්දියානුවෝ හුඟක් වෙනස්. විශේෂයෙන් දකුණු ඉන්දියානුවෝ. (අ)

:       0       0

රාජා Saturday, 17 January 2015 06:43 AM

අපිට එයාලගේ බඩු එවුවට අපේ බඩු එහෙට ගන්නෙ නැහැ. ඒක අපේ රටට විතරක් කරන දෙයක් නෙවෙයි. ඒක ඉන්දියාවේ වෙළද ප්‍රතිපත්තිය. එනිසා රැවටෙන්නනන් එපා. (අ)

:       0       0

කුමා Saturday, 17 January 2015 09:04 PM

අයියෝ ඔය ඉන්දියානු කාරයෝ කවදාවත් ලංකාව හැදෙනවට අකමැති කුහක ජාතියක්. අතේ දුරින් තියා නොගත්තොත් උන්ගේ පවුල් පිටින් මෙහෙට ගොඩබාලා ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කරාවි (නදී)

:       0       0

කුමා Saturday, 17 January 2015 09:04 PM

අයියෝ ඔය ඉන්දියානු කාරයෝ කවදාවත් ලංකාව හැදෙනවට අකමැති කුහක ජාතියක්. අතේ දුරින් තියා නොගත්තොත් උන්ගේ පවුල් පිටින් මෙහෙට ගොඩබාලා ලංකාව ඉන්දියාවේ කෑල්ලක් කරාවි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site