කතරගම ප‍්‍රදේශයේ ජිප් රථ හිමියන් එක්ව නව සෆාරි ජිප් රථ සංගමයක් පිහිටුවා තිබේ.
කතරගමට පැමිණෙන සංචාරකයින්ට අඩු දුරකින් කටගමුව ඔස්සේ යාල සිරි නැරඹිමට ඉඩ අවස්ථාව උදාකර දෙමින් සේවාවක් ඉටු කිරීමට ජිප් රථ හිමියන් 85 දෙනකුගේ සහභාගිත්වයෙන් කදිරපුර සෆාරි ජිප් රථ සංගමය පිහිට වු බව එහි සභාපති ඒ බී දමිත් නිස්සංක මහතා කියයි.
අඩු මුදලකට කෙටි දුරකින් යාලට සංචාරකයින් රැගෙන ගොස් වන සතුන් පෙන්වීම පිණිස වැඩි කාලයක් සංචාරකයින්ට ලබාදීමටත් පරිසරයට හා වන සතුන්ට අවහිරයකින් තොරව සංචාරකයන්ට යාල නැරඹිමට ඉඩ අවස්ථාව සලසන බවත් එහි ලේකම් වසන්ත සුරනිමල මහතා පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
යාල යන්න නව සෆාරි සේවයක්
හේමා Thursday, 29 October 2015 06:48 AM
අඩු මුදලක් කියනවට වඩා ගොඩක් හොදයි ගණන් ප්‍රකාශ කළා නම් (බ)
අමාලි Wednesday, 28 October 2015 10:19 AM
සංචාරකයන්ගේ ආරක්ෂාව ගැන වැඩියෙන් හිතන්න. (ර)
නිලංකා Wednesday, 28 October 2015 10:22 AM
පරිසරයට හානි නොවන ලෙස කටයුතු කරන්න. (ර)
සුදේශ් Wednesday, 28 October 2015 10:22 AM
ඔබට සුබ පැතුම්.! (ර)
කුමාරි Wednesday, 28 October 2015 10:22 AM
සංචාරකයන්ව රවට්ටන්නේ නැතිව අවංකව කරගෙන යන්න. රටේ නම ආරක්ෂා කරන්න හිතට ගන්න. (ර)
ලලිත් Wednesday, 28 October 2015 10:22 AM
හොද වැඩක්.(හේ)
සම්පත් Wednesday, 28 October 2015 10:22 AM
සංචාරකයන්ව රවට්ටන්නේ නැතිව අවංකව කරගෙන යන්න. රටේ නම ආරක්ෂා කරන්න හිතට ගන්න. (හේ)
අමරවීර - බෙන්තොට Thursday, 29 October 2015 02:30 AM
බුද්ධිමත්ව වැඩ කරන්න. වනය විනාශ නොකර, දේශීය විදේශීය සංචාරකයන්ගෙන් අසාධාරණව මුදල් නොගෙන හොඳින් මෙම කටයුත්ත කරන්න. සුබ පැතුම් බෙන්තොට අපෙන්...! (නි)
අමරවීර - බෙන්තොට Thursday, 29 October 2015 02:33 AM
අනෙක් කට්ටියත් එක්කත් සහයෝගයෙන් බුද්ධිමත්ව වැඩකරන්න (නි)
අබේරත්න Thursday, 29 October 2015 02:31 AM
සේවයේ ගුණාත්මකබව තමයි ගොඩක් වැදගත් (නි)
ඉමාෂි Thursday, 29 October 2015 02:32 AM
සාර්ථක වේවා! (නි)
නිලන්ත Thursday, 29 October 2015 02:38 AM
ඉතාම හොඳ අදහසක් (නි)
වරුණ Thursday, 29 October 2015 03:46 AM
හොඳ වැඩක්. නිල ඇඳුමක් එහෙම දීලා පිළිවෙලට කරගෙන යන්න (නි)
එරංග Thursday, 29 October 2015 04:09 AM
අනෙක් අය සමඟිනුත් සහයෝගයෙන් වැඩ කරන්න (නි)
සුනිල් Thursday, 29 October 2015 05:27 AM
මේ අය හිතු හිතු ගණන් අය කරන්නේ. මේවායේ වෘත්තියමය බාවය ඇති කරන්න . එතකොට තමයි මිනිස්සුන්ට විහ්වාසයක් ඇතිවෙන්නේ. රජයමගින් මිටර් සවිකරල යන දුර පමානයට හා කාලයට මුදල් අය කරන ක්‍රමක් ඇති කරන්න වෙනවා. ඒ වගේම ගතවන කාලයටත් මුදල් අයකල හැකියි. රක්සන යක් තිබිය යුතුයි...(රේ)
පෙරේරා Wednesday, 28 October 2015 08:07 AM
මේ ජීප් බොහොමයකට "ෆෝ වීල්" ඩ්‍රයිව් පද්ධති නැහැ. එහෙම වුණොත් යාල කැලේ සමහර ඇතුළු පාරවල ගෙනයන්නේ නැතිවෙන්න පුළුවන්. (නි)
සුමිත් Thursday, 29 October 2015 08:49 AM
අඩු කිව්වට, ඔය ගණන් මිමි ගැන අපි නොදන්නවාද.? (ර)
මහේෂ් Thursday, 29 October 2015 01:47 PM
වැඩේ නම් හරිම වටිනවා. හැබැයි මිනිස්සු ගසාකන්න නම් එපා. සල්ලි සාධාරණව හම්බ කරන්න. (නි)
මහේෂ් Thursday, 29 October 2015 01:46 PM
වැඩේ නම් හරිම වටිනවා. හැබැයි මිනිස්සු ගසා කන්න නම් එපා. සල්ලි සාධාරණව හම්බ කරන්න. චාටර් පොරවල් ගාව ගන්න එපා (අ)
තරංග Friday, 30 October 2015 05:15 AM
හදවතින්ම සුබ පතනවා (නි)
කරුණාරත්න Friday, 30 October 2015 05:15 AM
බොහොම හොඳයි (නි)
බන්දුල Saturday, 31 October 2015 12:22 AM
යාල කැලේ මොනරු, මීහරක් සහ අලි වැනි සතුන් දැන් දැකගත හැක්කේ කලාතුරකිනි. (නි)
තිලක් Sunday, 01 November 2015 02:51 AM
අපේ සුබ පැතුම්!(නි)
තුෂාර Sunday, 01 November 2015 02:51 AM
සංගම් හැදෙන්නේ නම් ඉතින් අපිට ආදරේට නෙමෙයි(නි)
තුසිත Sunday, 01 November 2015 05:48 AM
විශේෂයෙන් දේශීය සංචාරකයන්ට අවස්ථාවක් ලබා දුන්නොත් හොඳයි (බ)
සුගත් Tuesday, 03 November 2015 06:11 AM
සියලුම දෙනාට එක ප්‍රතිපත්තියක් අනුගමනය කර සාදාරන මිලකට ගාස්තු අය කර පවත්වාගෙන යන්නේනම් වැඩේ නියමයි. (ස)
සුගත් Tuesday, 03 November 2015 06:15 AM
සියලුම දෙනාටම එක ප්‍රතිපත්තියක් අනුගමනය කර සාධාරණ මිලකට ගාස්තු අයකර පවත්වාගෙන යන්නේ නම් වැඩේ නියමයි (නි)
සරත් Thursday, 05 November 2015 05:06 PM
මොනදේ කළත් කමක් නැහැ පරිසරය ගැනත් හිතලා (නි)
නාලක Friday, 06 November 2015 09:33 AM
ශ්‍රී ලංකාවේ රට ඇතුලේ තියෙන සංචාරක සේවා සැපයීමෙන් ඒ ගමවල් වල ඉන්න සාමාන්‍ය ජනතාවට අදායමක් එන විදියේ දෙයක් මේ සංගම් නිසා වෙනවානම් හොඳයි. නැත්නම් කොළඹ මුලික වෙච්ච බහුජාතික සමාගම් අතර විතරයි සංචාරක ක්ෂේත්‍රයේ ආදායම් ගැවසෙන්නේ... ඒ වගේම මේ වගේ ප්‍රාදේශීය සේවා සපයන්නන්න්ගේ සේවාවේ දී ගුණාත්මක භාවය ප්‍රමිතිය වගේම වෘත්තියමය සුහදශීලී සංයමයක් සහිත සේවයක් සංචාරකයන්ට ලැබෙන විදියේ මනා විද්‍යාත්මක පුහුණුවක් නම් මේ අයට ලැබෙන්නේ ඕනේ.. එක දෙන්න පුළුවන් සංචාරක මණ්ඩලයට තමයි... හැබැයි ඔක්කොටොම ඉස්සෙ උන් මහපොළවේ පයගහල ඉන්න ඕනේ...(ම)
නාලක Friday, 06 November 2015 11:16 AM
ශ්‍රී ලංකාවේ රට ඇතුළත තිබෙන සංචාරක සේවා සැපයීමෙන් ඒ ගම්වල ඉන්න සාමාන්‍ය ජනතාවට ආදායමක් එන විදියේ දෙයක් මේ සංගම් නිසා වෙනවා නම් හොඳයි. නැත්නම් කොළඹ මුලික වූ බහුජාතික සමාගම් අතර විතරයි සංචාරක ක්ෂේත්‍රයේ ආදායම ගැවසෙන්නේ. ඒ වගේම මේ වගේ ප්‍රාදේශීය සේවා සපයන්නන්ගේ සේවාවේදී ගුණාත්මකභාවය ප්‍රමිතිය වගේම වෘත්තියමය සුහදශීලී සංයමයක් සහිත සේවයක් සංචාරකයන්ට ලැබෙන විදියේ පුහුණුවක් නම් මේ අයට ලැබෙන්නේ ඕනෑ. ඒක දෙන්න පුළුවන් සංචාරක මණ්ඩලයට තමයි (නි)
සාරංග Wednesday, 28 October 2015 07:58 AM
මේ අයට නිළ ඇදුමක් දුන්නොත් නරකද.? (ර)
විතාන Wednesday, 28 October 2015 06:54 AM
නියමයි. සුබ පැතුම්! (නි)
මැටිපහන Wednesday, 28 October 2015 06:57 AM
මට නම් මෙයාලව එතරම් විශ්වාස නැහැ. කෙටි දුරකින් යනවා කියන්නේ...? පුද්ගලික බස් වගේ සේවයක්ද දන්නේ නැහැ. (නි)
මොහමඩ් Wednesday, 28 October 2015 07:03 AM
මෙහෙම අළුත් දේවල් බිහිවෙන එක ගැන සතුටුයි (නි)
යසරත්න Wednesday, 28 October 2015 07:03 AM
සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! (නි)
ටුෂාන් Wednesday, 28 October 2015 07:30 AM
ඉදිරියටම යන්න වාසනා! (නි)
ඇසළ Wednesday, 28 October 2015 07:28 AM
සංගමය නම් මොකක් වුණත් කමක් නැහැ, හැබැයි පුද්ගලික බස් සංගමය වගේ නම් වෙන්න එපා පහුවෙනකොට (නි)
ඇලෙක්ස් Wednesday, 28 October 2015 07:29 AM
මෙවන් නව දැක්මක් ඇති මිනිසුන් තමයි රටට අවශ්‍ය වෙන්නේ (නි)
උඩකුඹුර Wednesday, 28 October 2015 07:30 AM
සතුන්ට කරදරයක් නොවන පරිදි මෙම කටයුත්ත කරගෙන යන්න සිතට ගන්න (නි)
දුල්මිණී Wednesday, 28 October 2015 07:30 AM
අළුත් වැඩක්... සුබ පැතුම්! (නි)
ඇසළ Wednesday, 28 October 2015 07:31 AM
සංගමේ කොහොම උනත් කමක් නැහැ සභාපති කමට නරක කෙනෙක් දාගන්න එපා. පුත්ගලික බස් සංගමේ වගේ වෙයි ඕකත් පහුවෙන කොට. (ර)
ඉසුරන්දි Wednesday, 28 October 2015 07:55 AM
වැඩේ නම් හොදයි, හැබැයි සතුන්ට වගේම නරඹන්න එන මිනිසුන්ටත් හානියක් වෙන්නේ නැත්තම්. මේවා වනරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ලියාපංචි වුනානම් තවත් හොදයි. එතකොට ප්‍රමිතියක් තියෙනවනේ. (බ)
ගමගේ Wednesday, 28 October 2015 07:58 AM
අඩු මුදලට කිව්වට ගාන කියියක් විතර අඩුද දන්නේ නෑ. (ර)
කමනි Wednesday, 28 October 2015 07:56 AM
සංචාරකයන්ට හොද අවස්ථාවක්. (ර)
හංසි Wednesday, 28 October 2015 07:56 AM
හරි ෂෝක් දැන් කතරගම ගිහින් යාලත් ලේසියෙන්ම යන්න පුළුවන්. (ර)
තරංග Wednesday, 28 October 2015 06:45 AM
ප්‍රමිතියක් ඇතුව නිසි කළමනාකාරිත්වයකින් මේ කාර්යය කරන්න (නි)
රෝහණ Wednesday, 28 October 2015 07:58 AM
තරංගගේ කතාවට මාත් එකගයි. (ර)
අචිනි Wednesday, 28 October 2015 07:58 AM
අපිත් ළගකදී යාල ගියා. (ර)
කැලුම් Wednesday, 28 October 2015 07:58 AM
වැඩේ නම් හොදයි. (ර)
සුරිමල් Wednesday, 28 October 2015 07:56 AM
පරණ සංගම් තරහ වෙයිද.? (ර)
කරුණා Wednesday, 28 October 2015 07:58 AM
සංගමේ අලුත් උනාට යොදාගන්නා රථ අළුත් ඒවාද.? (ර)
අමාලි Wednesday, 28 October 2015 07:58 AM
ඔබේ කටයුතු සාර්ථක වේවා.! (ර)
අසංක Wednesday, 28 October 2015 07:59 AM
අපි නිතරම අලුත් දේවල් අත්හදා බලන්න ඕන. (ර)
කමල් Wednesday, 28 October 2015 08:00 AM
හොද සේවාවක් ලබා දෙයි කියා විස්වාස කරමි. (ර)
සමන් Wednesday, 28 October 2015 08:00 AM
පරණ ගාස්තුමද.? (ර)
අමල් Wednesday, 28 October 2015 07:57 AM
හොද වැඩක්. (ර)
ඉසුරන්දි Wednesday, 28 October 2015 08:00 AM
වැඩේ නම් හොදයි, හැබැයි සතුන්ට වගේම නරබන්න එන මිනිසුන්ටත් හානියක් වෙන්නේ නැත්තම්. මේවා වනරක්ෂණ දෙපාර්තමේන්තු යටතේ ලියාපංචි උනානම් තවත් හොදයි. එතකොට ප්‍රමිතියක් තියෙනවනේ. (ර)
පෙරේරා Wednesday, 28 October 2015 08:09 AM
මේ ජීප් බොහොමයකට ෆොර් වීල් ඩ්‍රයිව් පද්ධති නැහැ. එහෙම වුනාම යාල කැලේ සමහර ඇතුළු පාරවල් වල ගෙනියන්නේ නැහැ. මේවග හුඟක් අය දන්නේ නැති කරුණක්. (බ)
ගුණතිලක Wednesday, 28 October 2015 08:07 AM
තරුණ ඔබට සුබ පැතුම්! (නි)