X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


රට අල ගෙඩියට තහනමක්

දේශීය වැවිලිකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් රජය අර්තාපල් ආනයනය තහනම් කිරීමට සැළැසුම් කර තිබේ.

මේ තීරණය ගෙන ඇත්තේ දේශීය වැවිලිකරුවන් ආනයන හමුවේ පෙර පරිදි සිය භෝග වෙළදපොළට නිකුත් නොකිරීම නිසාය.ඊට හේතුව ලෙස වැවිලිකරුවන් දක්වන්නේ ආනයනික අර්තාපල් හා තරග කිරීමට යාමේදී තම භෝගයන්ට ලැබෙනුයේ අඩු මිලක් බවයි.

මෙනිසා වැවිලිකරුවන් දිරි ගැන්වීමේ අරමුණින් මේ සැළැසුම කි‍්‍රයාත්මක කිරීමට රජය සැරසේ.

ශී‍්‍රලංකාවේ දෛනික අර්තාපල් පරිභෝජනය මෙටි‍්‍රක් ටොන් 130,000 ක් පමණ වේ.



අදහස් (0)

රට අල ගෙඩියට තහනමක්

අපොන්සු Saturday, 08 June 2013 09:02 AM

ඔන්න අර්තාපල් ප්‍රශ්නෙත් විසඳුනා එහෙනම්. (නි)

:       0       0

ගිමාල් Wednesday, 12 June 2013 01:23 PM

මමත් අදම අර්තාපල් වවන්න පටන් ගන්නවා. (නි)

:       0       0

ලසන්ත Wednesday, 12 June 2013 10:52 AM

කවදා වෙනකම්ද දන්නේ නෑ. බලමුකෝ ? (ස)

:       0       0

තිලින Sunday, 09 June 2013 10:03 PM

නියම වැඩක් වැලිමඩ අල ගොවියාට සුබ අනාගතයක්.(නදී)

:       0       0

රංජිත් Sunday, 09 June 2013 07:24 PM

ඉතාමත් හොඳ දෙයක්. (නි)

:       0       0

දයා අලහාකෝන් Sunday, 09 June 2013 06:16 PM

ඔය කියන ඒවා මොකුත් වෙන්නේ නැහැ. අල ගොවියෝ ඒවා වවපුවම විකුනාගන්න බැරිව කුනුවෙයි. ඊට පස්සේ රජය කියයි ගොවියා පිලිවෙලකට වවලා නැහැ කියලා. පසුගිය දවස්වල දඹුල්ලේ ගොවියට වුන දේ දැක්කනේ අපි.(නදී)

:       0       0

සජිත් Sunday, 09 June 2013 10:58 AM

අල කාල ඉවරයි එහෙනම් මෝඩ වැඩක්. හේතුව ලංකාවේ අපි අලවලින් ස්වයන්පෝෂිත නැහැ අජිත් කියන එක හරි. ගොවියන්ගේ හිත හදන්න ලක්ෂ ගණන් මිනිස්සුන්ගේ බඩට ගහනවා.(නදී)

:       0       0

තේෂාන් Saturday, 08 June 2013 12:26 PM

නියමයි..මෙලෝ රහක් නැති රට අල ගෙන්නවට වඩිය රසක් තියෙන අපේ රටේ අල තියෙන එක හොඳියි....එතකොට මේ නිසා රටින් පිටවෙන විදේශ විනිමය ඉතුරු වෙනවා. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 08 June 2013 10:32 AM

නාමල් ආනයන බදු වැඩි කළහම වෙළෙන්දෝ කරන්නේ මිල වැඩි කරන එක නේ. ලංකාවේ අර්තාපල් අවුරුද්දේ හැමදාම වවන්නේ නැහැ. ඇරත් ලංකා අල රටේ ඉල්ලුමට සපයන්න තරම් ප්‍රමාණවත් නැහැ. බදු වැඩි කලාම වෙන්නේ පාරිභෝගිකයා අමාරුවේ වැටෙන එක විතරයි. (නි)

:       0       0

නීල් Wednesday, 05 June 2013 10:14 PM

ලංකාවේ ගොවිතැනට යන නිෂ්පාදන වියදම අධිකයි. එම නිසා නිෂ්පාදන වියදම අඩු ලාබ ලැබිය හැකි ගොවිතැනකට යොමුවන්න. නැත්නම් වෙනත් කර්මාන්තයකට අතගහන්න අසරණ පාරිභෝගිකයන් තවත් අමාරුවේ නොදමා ! (නි)

:       0       0

සිල්වා Friday, 07 June 2013 09:29 PM

ලංකාවේ ආහාර කල්තියාගන්න කර්මාන්තයක් අවශ්‍යයි. දබුල්ලේ විශාල වශයෙන් තක්කාලි පලතුරු එළවලු විනාශ වෙනවා. තායිලන්තය, ප්‍රංශය ජර්මනිය බෙල්ජියම විශාල වශයෙන් අපනයනය කරනවා. මේක හොද ලාබ ලබන්න වැඩක්. ලංකාවේ තරු 5හේ හෝටල් වලට මේ දේවල් පිටරටින් ගෙන්වන්නේ (නි)

:       0       0

සිල්වා Friday, 07 June 2013 09:15 PM

අජිත් ඔබ හරි.හොද පිලියමක්. මිල පාලනය කිරීමට ඔය දේ කිරීම සුදුසුයි. (නි)

:       0       0

අජිත් Friday, 07 June 2013 11:41 AM

මෙහෙම කලාම ගොවියාටත් පාරිභෝගිකයාටත් වැඩක් වෙන්නේ නැහැ. වෙළෙන්දා පොහොසත් වෙන එක විතරයි සිදුවෙන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන අල රටේ අවශ්‍ය තාවයට ප්‍රමාණවත් මදි. අල වවන්නෙත් එක කන්නයකට,ඒකත් අල වැවීමට සුදුසු පලාත්වල විතරයි. කරන්න තියෙන්නේ ලංකාවේ අල ගලවන කාලෙට මාස 2-3 ට කලින් ලංකාවට අල ගෙන්වීම නවත්වන එකයි. ලංකා අල හිඟ වෙනකොට නැවත ගෙනාවා නම් තමයි වැඩේ සාර්ථක වෙන්නේ. එතකොට ගොවියාත් ගොඩ, පාරිභෝගික අපිත් ගොඩ.(නදී)

:       0       0

නාමල් Friday, 07 June 2013 10:38 AM

රටින් එන අල වලට ආනයන බදු තව ටිකක් වැඩි කළා නම් හොදයි (නි)

:       0       0

ගාමිණී-සිරි Thursday, 06 June 2013 07:45 PM

අල ගොවියා ආරක්ෂා කිරීමටත්, රටේ ධනය විදේශ කරා ඇදී යාම වැලක්වීමට නම් තත්වයෙන් උසස් බීජ සහ පොහොර සහනදායක මුදලකට ගොවියට ලබාදීම කෘෂිකර්ම කටයුතු පිලිබඳ ගරු ඇමති තුමාගේ පරම යුතුකමක්.(නදී)

:       0       0

ජෙෆ් Thursday, 06 June 2013 05:41 PM

නීල්,ඔබත් අල ආනයනය කරන කෙනෙක්ද ? ගොවියට මිලක් නොලැබුණාට අපි අල ගන්න කඩේට ගියහම මිල අධිකම වෙන්නේ ලංකාවේ අලයි (නි)

:       0       0

සංජීව Thursday, 06 June 2013 03:14 PM

කැළේ ඉන්න මී හරක්ට දළදා කරඬුව වඩම්මන්න දුන්නම වෙන්නේ මේ වගේ දේවල්.(නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 06 June 2013 11:30 AM

ලංකාවේ අහර ප්‍රශ්නයට මුල , එළවලු , පලතුරු ,අල වැනි අහර කල්තබගත හැකි ශීතාගාර පහසුකම් සහිත අහර ගබඩා නොමැති කම. අර්තාපල් ගෙන්වීම වැලක් වීමෙන් අමාරුවේ වැටෙන්නේ පාරිභෝගිකයින්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site