( තිළිණි ද සිල්වා )
රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන්තොටුපල සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළවෙල යටතේ එය ක්‍රියාත්මක වන අතර ඒ අනුව සංචාරක ආකර්ශනීය ස්ථාන වෙත ගමන් කිරීමේ නව දේශීය ගුවන් මාර්ග හදුනාගැනීමත්, ගුවන් යානා සඳහා සුදුසු නව ධාවන පථ හඳුනා ගැනීමත් සිදුකෙරෙන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය .
මීට අමතරව රත්මලාන ජාත්‍යාන්තර ගුවන්තොටුපල නව ක්ෂේත්‍රයන් රැසක් ඔස්සේ ප්‍රවර්ධනය කිරීමට අපෙක්ෂා කරන අතර ඒ යටතේ විනෝදාස්වාද ජනක ගුවන් ගමන් විවාහ උත්සව ගුවන් ගමන් ඡායාරූප, නාට්‍ය හා සිනමාකරණයට අදාල ගුවන් ගමන් සදහා රත්මලාන ගුවන්තොටුපල ප්‍රවර්ධනය කිරීමට ද නියමිත බව සංචාරක අමාත්‍යාවරයා කීය.
මීට අමතරව ජාත්‍යන්තර වාණිජ සහ ආයතනික ගුවන් ගමන් මෙන්ම පෞද්ගලික ජෙට් මෙහෙයුම් සදහා ද රත්මලාන ගුවන් තොටුපල ඉලක්ක කර ගනිමින් ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතයි.
ඉතා ඉහල ආදායම් ලබන පුද්ගලයින් ඉලක්ක කර ගෙන ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේදී පුද්ගලික ගුවන් යානා සදහා තාක්ෂණික නැවතුම් සේවා , ගුවන් ඉන්ධන පිරවීම් වැනි අවශ්‍යතාවයන් සදහා ද රත්මලාන ගුවන්තොටුපල තුළ ඉඩ කඩ සලසා දී ඇති බවද හෙතෙම කීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රත්මලාන ගුවන්තොට හැඩවේ
Athula Sunday, 11 April 2021 03:58 PM
උඹලා විනෝද වෙන්න තැන් හදනවා ජනතාව ජිවිතය ආරක්ෂා කරගන ඉන්න ක්‍රමයක් හොයනවා රටේ හැම තැනම අපරාධ වස විස එදා වේලකන්න නැහැ
sachith Monday, 12 April 2021 08:45 AM
ව්‍යාපෘථිය අවසානයේ ගුවන්තොටුපල කෙසේවෙතත් සමහරුන්ගේ ස්විස් බැංකු ගිණුම් හැඩ වෙලා තියෙයි.
karuMonday, 12 April 2021 10:36 AM
මිනිස්සුන්ගේ මුදල් හොරාකාලා තමයි මේ අදටත් ඇද ඇද යන්නේ. හරියකට ඇවිදගන්නත් බැරි මේ අයව දියවන්නාවට එවපු අයට ශාප වෙනවා.