(තිළිණි ද සිල්වා)
රත්මලාන ගුවන්තොටුපළින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත ඉලක්ක කර කලාපීය ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (15) පැවසීය.
ඊට අදාළව දැනටමත් ජාත්‍යන්තර ගුවන් සමාගම් සමඟ සාකච්ඡා කරමින් සිටින බව සංචාරක අමාත්‍යවරයා කීය.
ඒ අනුව මාලදිවයින් ගුවන් සමාගම සහ විලා ගුවන් සමාගම දැනටමත් සාකච්ඡා කර තිබෙන අතර, දකුණු ඉන්දීය ගමනාන්ත සඳහා ගුවන් ගමන් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය ගුවන් සමාගම් කිහිපයක් සමඟ සාකච්ඡා කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් පැවසීය.
රත්මලාන ගුවන්තොටුපළ තුළ ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් වැඩි කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ආයතනික හා ව්‍යාපාරික ජෙට් යානා සඳහා පහසුකම් සැපයීම, දේශීය සිවිල් හා වාණිජ මෙහෙයුම් වැඩිකිරීම, කලාපීය ගුවන් මෙහෙයුම් සඳහා ඇති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් මාලදිවයින හා දකුණු ඉන්දියානු ගමනාන්ත සඳහා ගුවන් මෙහෙයුම් ඇරඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ඒ අනුව රත්මලානේ ගොඩබස්සවනු ලබන ජාත්‍යන්තර ගුවන් යානා වසරක කාලයක් සඳහා ගොඩබෑමේ හා නතර කර තැබීමේ ගාස්තු වලින් සම්පූර්ණයෙන්ම නිදහස් කිරීමට තීරණය කර ඇතැයි බවත්, ඊට අදාළව ගැසට් නිවේදනය ද ඉකුත්දා ප්‍රකාශයට පත් කළ බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.
තවද රත්මලාන ගුවන්තොටුපලට පැමිණෙන ජාත්‍යන්තර ගුවන්යානා සඳහා සහන මිල ගණන් යටතේ ඉන්ධන ලබාදීමටත්, රත්මලාන ගුවන්තොටුපලේ ගුවන්තොටුපළ අපගමන බද්දෙන් 50%ක මුදලක් වසරක කාලයක් සඳහා නිදහස් කිරීමටත් කැබිනට් මණ්ඩලය අනුමැතිය පල කල බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
1935 ඇරඹුණු රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ මෙරට පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළ වේ. කොළඹ නගරයේ සිට කිලෝ මීටර් 14ක දුරින් පිහිටි මෙම ගුවන්තොටුපළ වාණිජ මගී ගුවන්යානා, ගුවන්සේවා පුහුණු පාසල්, ජාත්‍යන්තර ආයතනික ජෙට් යානා, ප්‍රභූන් හා විශේෂ අමුත්තන්ගේ ගමන් බිමන්, ජාතික අර්බුදකාරී අවස්ථාවන්හිදී මානුෂීය මෙහෙයුම් හා ශ්‍රී ලංකාවේ ගුවන් හමුදාවේ ගුවන් මෙහෙයුම් ද ඇතුළුව දේශීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානය ලෙස රත්මලාන ගුවන්තොටුපළ දිනකට ගුවන්යානා මෙහෙයුම් 75ක් පමණ ක්‍රියාත්මක කෙරෙන බව ද සංචාරක අමාත්‍යාංශය කියා සිටී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රත්මලාන ගුවන්තොටුපළින් කලාපීය ගුවන් මෙහෙයුම්
sena Tuesday, 15 September 2020 07:55 AM
ඒ කියන්නේ අපේ දැනට තියෙන ජාත්‍යන්තර ගුවන් තොටුපළවල් වලට කරගන්න බැරිතරම් මෙහෙයවීම් සංඛ්‍යාවක් තියෙනවද?
de silva Tuesday, 15 September 2020 08:42 AM
කටුනායක සහ මත්තල වේලෙනවා. ඒ මදිවට පලාලිත් තියෙනවා. දැන් රත්මලානත් ජාත්‍යන්තර ගුවන් තොටුපළක් කරන්න හදනවා. ඔය ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම ආරක්ෂක සහ ගලවාගැනීමේ කටයුතු මෙහෙයවන්න ගුවන් හමුදාවට බාරදෙන්න.
chandima Tuesday, 15 September 2020 04:09 PM
ඒත් ඉතින් ප්ලේන් එකෙන් බැහැලා යන්න ඕනේ තැනට යන්න දවසක් විතර යනවනේ... ට්‍රැෆික්වලට අහුවෙලා කොටකොට යද්දී...