(තිළිණි ද සිල්වා)
ජෝර්දානයේ සේවය කිරීම සඳහා ලාංකිකයන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර විශේෂ අවධානයක් යොමු කරන්නැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා එරට බලධාරීන් ගෙන් ඉල්ලා ඇත.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ජෝර්දානයේ තෙදින නිල සංචාරයක නිරත වූ අතර එහිදී එරට බලධාරීන් හමුවේ මෙම ඉල්ලීම කර තිබේ.
මේවන විට ජෝර්දානයේ ලාංකිකයින් 12,000 කට අධික පිරිසක් කර්මාන්තශාලා ආශ්‍රිත විවිධ රැකියාවන්හී නිරතව සිටින අතර එම සංඛ්‍යාව වැඩි කරමින් පුහුණු හා නුපුහුණු සේවකයින් බඳවා ගැනීම දිරිගැන්වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ජෝර්දාන් බලධාරීන් සමඟ විශේෂ සාකච්ඡා පවත්වා ඇතැයි එම අමාත්‍යාංශ්‍ය කියා සිටියි.
සේවක බඳවා ගැනීම් වැඩි කිරීම මෙන්ම සේවයින් සඳහා නිසි සුබසාධන සහ සාධාරණ වැටුප් ගෙවීමේ පැකේජයක් සැපයීමේ වැදගත්කම ගැන ද රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මෙහිදී දැනුම්වත් කර ඇත.
රජයේ ඇමැතිවරුන් සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීම සඳහා ජෝර්දානු ව්‍යාපාරික අයිතිකරුවන් හා කළමනාකරුවන් අගය කළ රාජ්‍ය අමාත්‍යවරයා අනෙකුත් ශ්‍රම සැපයුම් රටවල් සමඟ ශ්‍රී ලංකාව තරග කිරීමට ලාංකිකයින්ට වර්තමාන බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා එම බලධාරීන් ගෙන් ඉල්ලුම් කිරීම අමතක නොකළේය.
විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ජෝර්දානය සිදු කළ නිල සංචාරයක අතරතුර දී අම්මාන් නුවර පිහිටි එරට වාණිජ මණ්ඩල නිලධාරීන් හමුවිණි.
එහිදී ද්විපාර්ශ්වික වෙළඳ ගැටළු පිළිබඳව සාකච්ඡා කළ අතරම ලංකාවෙන් බහුල තේ ආනයනය යොදා ගනිමින් විවිධාකාර වූ දේශීය තොග සඳහා අගය එකතු කළ තේ ආහාර සැපයීමේ හැකියාව වර්ධනය කිරීමට ජෝර්දානයේ බලධාරීන් දිරිගන්වනු ලැබීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රැකියා අවස්ථා වැඩිකරන්නැයි ජෝර්දානයෙන් ඉල්ලයි
අසංක තිලින Friday, 02 September 2022 12:24 PM
පිරිමි ළමයින්ටත් ජොබ් වැඩි කරන්න..