මෙරට ප්‍රමුඛ පෙළේ ටයිල් ඇතුළු නාන කාමර උපාංග නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික් ලංකා පීඑල්සී සිය සමාගම් කළමනාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් ලෙස සංජීව රේණුක ජයවීර මහතා සහ ජිතේන්ද්‍ර ආර්. ගුණරත්න මහතා පත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජිතේන්ද්‍ර ආර්. ගුණරත්න මහතා වසර 40කට අධික කාලයක් ජෝන් කීල්ස් සමූහයේ සාර්ථක ලෙස නායකත්වය දැරූ ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහු 2005 සිට 2020 වර්ෂය දක්වා ජෝන් කීල්ස් සමූහයේ සමූහ විධායක කමිටුවේ සාමාජිකයකු ලෙස ද, 2016-2018 කාල සීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක සභාවේ සාමාජිකයකු ලෙසද, Beverage Association of Sri Lanka හි ආරම්භක සභාපති (2012-2018) ලෙස ද, 2018-2020 කාලය තුළ ලංකා සේව්‍ය සම්මේලනයේ හෝටල් සහ සංචාරක කවුන්සිලයේ සාමාජිකයකු ලෙස ද, ජෝන් කීල්ස් සමූහයේ සමාගම් කිහිපයක ද අධ්‍යක්ෂ තනතුරු දරා ඇත.
සංජීව රේණුක ජයවීර මහතා ද රොසෙල් හා සම්බන්ධ වීමට පෙර ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයකම කටයුතු කර ඇත. ජෝන් කීල්ස් සමූහයේ මෙන්ම ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක දශක දෙකකට අධික කාලයක අත්දැකීම් ඔහු සතුය. මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය, හෝටල් කළමනාකරණය, නිෂ්පාදන හා විගණන යන ක්ෂේත්‍රවල වසර ගණනාවක විශේෂඥ දැනුම ද ඒ මහතා සතුය. ජයවීර මහතා 1996 වර්ෂයේ දී මාලදිවයින් හෝටල් අංශය වෙත, ජෝන් කීල්ස් සමූහය ව්‍යාප්ත කරන ලද මූලික කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම, 2012-2013 කාල සීමාව තුළ Keelsසුපිරි වෙළඳසැල් ජාලයේ සහ 2015-2017 කාල සීමාව තුළ Ceylon Cold Stores PLC හි ඉහළ වර්ධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කළ නායකයෙකි.
ඡායාරූප විස්තරය
සංජීව රේණුක ජයවීර සහ ජිතේන්ද්‍ර ආර්. ගුණරත්න
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
රොසෙල් අධ්‍යක්‍ෂ අධ්‍යක්ෂ මණ්ඩලයට සංජීව සහ ජිනේන්ද්‍ර පත්වෙති