(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් දක්වා වැඩි කිරීම සඳහා පුළුල් හා ශක්තිමත් පියවර ගන්නා බව දෙරටේ විදේශ අමාත්‍යවරු කොළඹදී අද (14) ප්‍රකාශ කළහ.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීය.
පැයකට ආසන්න කාලයක් පැවැති සාකච්ඡාවලින් පසුව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශ පරිශ්‍රයේදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූහ.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින ද්විපාර්ශ්වීය වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගන්නා බවත් දෙරටේ ද්විපාර්ශ්වීය වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක් දක්වා වැඩි කිරීමට ශක්තිමත් හා පුළුල් පියවර ගන්නා බවත් විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී පැවැසීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 වසරේ රුසියාවේ සංචාරය කළ අවස්ථාවේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 700ක ඉලක්කය ස්ථාපිත කළ බව ද හෙතෙම කීය.
2018 වසරේදී දෙරටේ වෙළෙඳාම ඇමෙරිකානු ඩොලර් මිලියන 388.98ක් වූ බව සඳහන් කළ ගුණවර්ධන මහතා රුසියාවේ ශ්‍රී ලංකාවේ 15 වැනි අපනයන වෙළෙඳපොළ බවත් 24 වැනි විශාලතම ආනයන වෙළෙඳපොළ බවත් කීවේය.
කෘෂිකාර්මික අංශය, ආහාර ආර්ථිකය, ධීවර, ජල කළමනාකරණය, තාක්ෂණික හා වෘත්තීය පුහුණු කටයුතු ඇතළු අධ්‍යාපනය, වෙළෙඳාම සහ ආයෝජන, සංචාරක කර්මාන්තය, ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම ඇතුළු ආරක්ෂාව, විද්‍යාව සහ තාක්ෂණය, පුනර්ජනනීය බලශකිත් සහ තෙල් කැණීම් යන ක්ෂේත්රවලින් දෙරට අතර සහයෝගීතාව ඇති කරගැනීමට එකඟතාව පළ කළ බව ද ගුණවර්ධන මහතා මෙහිදි කීය.
ත්‍රස්තවාදය, අන්තවාදය, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ජාතික හා අන්තර්ජාතික වශයෙන් සිදුවන සංවිධානාත්මක අපරාධ යනාදියෙන් දෙරටට තිබෙන අවදානම් හඳුනාගත් බව කී දිනේෂ් ගුණවර්ධන මහතා ජාතික සහ අන්තර්ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා සහයෝගීතාව ඇති කරගැනීමට ද්විපාර්ශ්වීය සාකච්ඡාවේදී එකඟතාව ඇති කරගත් බව ද පැවැසීය.
ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර තිබෙන සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගන්නා බව කී විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා දෙරටේ අදාළ අංශ අතර ශක්තිමත් සබඳතා ඇති කරගන්නා බව ද කීවේය
පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාර ආකාරයේ ප්‍රහාර නැවත සිදුවීම වළක්වාගැනීමටත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහාත් ශ්‍රී ලංකා හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල හමුදා උපකරණ ඇතුළු අවශ්‍ය සහාය ලබාදෙන බව රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මහතා මෙහිදි කීය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ආදී ගෝලීය සංවිධාන තුළදී රුසියාව ශ්‍රී ලංකාව සමඟ සමීප සබඳතා පවත්වන බව පැවැසූ රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් ‘බි්රක්ස්’ සහ ෂංහායි සහයෝගීතා සංවිධානය ආදී ජාත්‍යන්තර සමුළු හා සංවිධානවලට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය ඉතා වැදගත් බව ද කීවේය.
රුසියාව, ශ්‍රී ලංකාව ආරම්භක පියකු වන ‘නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ’ නිරීක්ෂක සාමාජිකයකු ලෙස කටයුතු කරන බව සඳහන් කළ විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් ‘නොබැඳි ජාතීන්ගේ සංවිධානය’ ඇතුළු ජාත්‍යන්තර සංවිධාන තුළ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය තවදුරටත් ශක්තිමත් කළ යුතු යැයි ද පැවැසීය.
රුසියානු ජාතිකයන් ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් සංචාරය කර ඇති අතර බවත් රුසියානු ජාතිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සතුටු විය හැකි බවත් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් කීය.
රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මහතා අද (14) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් හමුවිය.
ජාත්‍යන්තර සහයෝගීතාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්ණ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකාව - රුසියාව අතර ද්විපාර්ශ්වීය වෙළදාම පුළුල් කිරීමට පියවර
Nimal Thursday, 16 January 2020 09:05 AM
මෙතුමා විදේශ ඇමති හැටියට ලංකාවට ආවාට ලංකාවෙන් පිටත්ව ගියෙත් විදේශ ඇමති හැටියටමද? නැතිනම් ආපහු රුසියාවට ආපහු ගොඩ බැස්සේ ඇමති හැටියටද? එයා මේහේ ආවාට පස්සේ නේද රුසියාවේ ආණ්ඩුව අස්වුනේ?