X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


ලංකාවටත් මොනෝ රේල්ලුවක්

ශී‍්‍ර ලංකාවටත් මොනෝ රේල් ප‍්‍රවාහන සේවය හඳුන්වාදීමට නියමිත බව පාර්ලිමෙන්තුවේදී පැවසිණි.

එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍ර අඛිල විරාජ් මහතා නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප‍්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම සඳහන් කළේ මොනෝ රේල් පද්ධති 4 ක් හඳුන්වාදීමට ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (ජයිකා) හා එක්ව සැළසුම් සකස් කෙරෙමින් තිබෙන බවයි.

මින් එක් මාර්ගයක් හයිලෙවල් මාර්ගයට සමාන්තරව දිවෙනු ඇති බවද කියැවුනි.

2015 සිට 2035 අතර කාලයේ අදියර කිහිපයකින් මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමට නියමිත බව ප‍්‍රවාහන අමාත්‍යවරයා පැවසීය. කළුතර,වේයන්ගොඩ,මීගමුව ආදී ප‍්‍රදේශයන්ගේ සිට මරදාන හා කොළඹ දක්වා දිවෙන දුම්රිය මාර්ගයන්ද නවීකරණය කිරීම සදහා ඉදිරියේදී ව්‍යාපෘතීන් කි‍්‍රයාත්මක කරන බව සඳහන් කෙරුණි.

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීමට ගුවන්පාලම් ඉදිකිරීම්,මාර්ග සංඥා පුවරු නවීකරණය කිරීම් ආදියද සැළසුම් කර ඇත.

ගෑස් වලින් ධාවනය වන මෝටර් රථ,දෙමුහුම් මෝටර් රථ (හයිබි‍්‍රඩ්) , විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථ ආදිය ප‍්‍රවර්ධනය කිරීමත්, ඇවිදීමෙන්, පාපැදි භාවිතයෙන් ලබා ගත හැකි සෞඛ්‍යමය ප‍්‍රතිලාභයන් පෙන්වාදී ඒවා ජනතාව අතර ජනපි‍්‍රය කරවීමත්,අඩු සල්ෆර් ප‍්‍රතිශතයකින් යුතු ඞීසල් ඉන්ධයනයන් ප‍්‍රවර්ධනය කරවීමත් ආදී ලෙස කොළඹ නගරයේ ප‍්‍රවාහන සේවයට පරිසර හිතකාමී මුහුණුවරක් ගෙනදීමටද කි‍්‍රයාමාර්ගයන් ගැනෙනු ඇත.



අදහස් (0)

ලංකාවටත් මොනෝ රේල්ලුවක්

යසපාල Wednesday, 05 November 2014 06:09 PM

මේක නම් ඉතා හොඳ යෝජනාවක් (නි)

:       0       0

දුල්ලෑව Wednesday, 05 November 2014 03:16 AM

මෙවැනි පහසුකම් ඇති කිරීමෙන් රට දියුණු වෙනවා.මහජනයා සතුටු වෙනවා. (අ)

:       0       0

අමා Wednesday, 05 November 2014 03:16 AM

මේවා හොඳ වැඩ (අ)

:       0       0

දුලනි Wednesday, 05 November 2014 03:16 AM

රටක් දියුණු වෙන්නෙ ඔහොම තමයි. (අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 05 November 2014 03:17 AM

බමුණු ගේ බමුණු මතය වැරදිනේ.තනි රේල් පීල්ලෙන් යනකොට හැම තැනම රේල් පාරවල් දා ගන්න පුළුවන්නේ !!(අ)

:       0       0

දිල්ෂාන් Wednesday, 05 November 2014 09:45 AM

යුද්දේ ඉවරගරන්ඩ බෑ කියල කෑගහපු ඇමතිවරු ජනපතිගේ දෑත සවිමත් කරන්න දැන් ආණ්ඩුවට හේතුවෙලා ඉන්නේ..... ඔය කිසිම දෙයක් බෑ කියල නැ, ආණ්ඩුවේ බලධාරින් කැපවීමෙන් වැඩ කරනවානම් අපිටත් දියුණු රටක හිමිකාරිත්වය හිමිවෙයි. ලෝකේ වටේ ඉන්න අපේ බුධිමතුන් අපේ රටේ දියුණුවට ගෙන්නන, එ් අයගෙන් වැඩ ගන්න දැන් කාලේ හරි....(බ)

:       0       0

දිල්ෂාන් Wednesday, 05 November 2014 09:46 AM

යුද්දේ ඉවරකරන්න බෑ කියල කෑගහපු ප්‍රබල ඇමතිවරු ජනපතිගේ දෑත සවිමත් කරන්න දැන් ආණ්ඩුවට හේතුවෙලා ඉන්නේ..... ඔය කිසිම දෙයක් බෑ කියල නෑ, ආණ්ඩුවේ බලධාරින් කැපවීමෙන් වැඩ කරනවානම් අපිටත් දියුණු රටක හිමිකාරිත්වය හිමිවෙයි. ලෝකේ වටේ ඉන්න අපේ බුධිමතුන් අපේ රටේ දියුණුවට ගෙන්නන්න, එයාලගෙන් වැඩ ගන්න දැන් කාලේ හරි...(අ).

:       0       0

දිල්ෂාන් Wednesday, 05 November 2014 09:46 AM

ලෝකේ වටේ ඉන්න අපේ බුද්ධිමතුන්ගෙන් වැඩ ගන්න කාලේ හරි වාගේ (දිල්)

:       0       0

රන්ජිත් Wednesday, 05 November 2014 10:21 AM

කොමිස් කුට්ටිය කොච්චර වේවිද....(අ).

:       0       0

බිහාර Wednesday, 05 November 2014 06:08 PM

බමුණු ගැන නම් හරිම කණගාටුයි (නි)

:       0       0

අනූපමා Wednesday, 05 November 2014 03:16 AM

පක්ෂ භේදයකින් තොරව අපිනම් කැමතියි .රටේ දියුණුවක් දකින්න. (අ)

:       0       0

සරත් Wednesday, 05 November 2014 06:12 PM

බමුණු තාම බමුණු මතවලම ජීවත්වෙන කෙනෙක් වගේ... (නි)

:       0       0

තිළිණ Thursday, 06 November 2014 01:59 AM

බමුණු නම් කවදාවත්ම ළි‍ඳෙන් ගොඩඑන්නේ නැහැ (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 06 November 2014 02:04 AM

මේවා හොඳ වැඩ තමයි. ඒ වුණාට මේ වැඩවලට ගන්න ණය ගෙවන්නේ අපි. දැනටත් අපි උහුලන්න බැරි ණය බරක් දරනවා. මෙම ණය තොගයෙන් 50% ක්වත් ගෙවා නිමකරලා අලුත් වැඩ ගැන හිතුවා නම් අපේ ජීවනබර ටිකක් හරි අඩුවේවි. දැන් අපි හම්බ කරන මුදලින් සතයක්වත් ඉතිරි කරන්න බැහැ. හැම මාසෙම සිල්ලර කඩේට තියෙන ණය නිමකරගන්න බැරුවයි අපි ඉන්නේ. (නි)

:       0       0

ටිරෝන් Thursday, 06 November 2014 09:54 AM

මේවා ඉක්මනින් ක්‍රියාත්මක උනොත් රටේ සල්ලි විශාල ප්‍රමාණයක් ඉතිරි කරගත්හකිය් කාලයත් ඉතිරිය් දැනටම ප්‍රමාද වැඩියි (බ)

:       0       0

සදුනි Friday, 07 November 2014 09:08 AM

අදහස මගේ වුනාට ප්‍රතිවාදනය මගේ ක්‍රියාවක් නෙවෙයි.(හේ)

:       0       0

බන්දුල ‍ Friday, 07 November 2014 11:49 PM

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වල මොනෝ රේල්ලු ඉවත් කරලා දැම්මේ නඩත්තු වියදම වැඩියි කියලා (නි)

:       0       0

යුගන්ත Friday, 07 November 2014 11:49 PM

මේවා අපේ රටට ඔරොත්තු දෙයිද? (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 13 November 2014 05:08 AM

අජිත් කරුණාරත්න ඔයා රජයේ ණය යි කඩේ ණය යි දෙකම ගෙවන්නේ කොහොමද ? (අ)

:       0       0

බණ්ඩා Monday, 03 November 2014 11:54 AM

මේවා දවල් හීන. (නදී)

:       0       0

ගයාන් Monday, 03 November 2014 04:16 AM

අධික රථ වාහන තද බදය අනුව මුලින්ම මොනෝරයිල් දමන්න ඕන මාලඹේ සිට රාජගිරියට .රජයට සුභ පැතුම් (අ)

:       0       0

ඉසුරන්දි Monday, 03 November 2014 04:17 AM

ඕව ක්‍රියාත්මක කරද්දී අපි ජිවතුන් අතර ඉදීවිද කියලත් සැකයි.කමක් නැහැ අපේ මතු දරු පරපුරටවත් දැකබලාගන්න බැරිය (අ)

:       0       0

ජයනි Monday, 03 November 2014 07:39 AM

ගයාන් සමග එකඟයි. බත්තරමුල්ල තලවතුගොඩ ඉඳල එන වාහන වලට බොරැල්ලට යන්න ගත වෙන කාලය මාතර යන්න ගත වෙන්නේ නැහැ. (නදී)

:       0       0

සඳුනි Monday, 03 November 2014 11:15 AM

ඉසුරන්දි, අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවා නම්. (නදී)

:       0       0

සඳුනි Monday, 03 November 2014 11:16 AM

ඉසුරන්දි, අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවා නම්. (නදී)

:       0       0

සඳුනි Monday, 03 November 2014 11:20 AM

ඉසුරන්දි...අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවානම්..(බ)

:       0       0

සඳුනි Monday, 03 November 2014 11:20 AM

ඉසුරන්දි...අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවානම්..(බ)

:       0       0

අනෝමොයිස් Monday, 03 November 2014 11:40 AM

සිහිනයක් වෙයි කයල හිතපු දේවල් කොච්චර සැබෑවක් වෙලා තියෙනවද අද වෙනකොට. (නදී)

:       0       0

සත්‍යයා Monday, 03 November 2014 12:33 AM

මේ යෝජනා ලක්වැසියනට සිහිනයක් නම් නොවේවා! (නි)

:       0       0

සඳුනි Monday, 03 November 2014 12:02 PM

ඉසුරන්දි...අපි ජීවතුන් අතර නොසිටියාට කමක් නැහැ මෙවැනි වටිනා ව්‍යාපෘති ක්‍රියාවට නැගෙනවා නම්. (නදී)

:       0       0

චන්දිම Monday, 03 November 2014 01:00 PM

අදි වේගී පාරවල් හදනවා කිව්වමත් ඉසුරන්දි මෙහෙම කියන්න ඇති. (නදී)

:       0       0

සරත් Monday, 03 November 2014 06:05 PM

මම ඉන්නේ ස්වීඩන්. මෙහෙවත් නැහැ මේවා. හරිම හොඳයි මේ යෝජනාව (නි)

:       0       0

බමුණු Tuesday, 04 November 2014 12:49 AM

මොනෝ රේල් කියන්නේ තනි රේල්ලුවේ තනි රෝදෙන් යන ඒවානේ. රෝද හතරේ රේල්ලු දෙකේ ඒවත් කොර ගන්න බැරි රටේ මොන මොනෝ රේල්ලුද ? (නදී)

:       0       0

බමුණු Tuesday, 04 November 2014 12:49 AM

මොනෝ රේල් කියන්නේ තනි රේල්ලුවේ තනි රෝදෙන් යන ඒවානේ. රෝද හතරේ රේල්ලු දෙකේ ඒවත් කරගන්න බැරි රටේ මොන මොනෝ රේල්ලුද ? (නදී)

:       0       0

ශ්‍රියන්කා Tuesday, 04 November 2014 11:57 AM

ලොකු දෙයක් ඔයාට ගොඩක් පින්.! වෙල්ගම මහත්මයා. (ර)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Wednesday, 05 November 2014 03:08 AM

සඳුනි- ඔයාගේ ඉසුරන්දි ප්‍රතිවාදනය කරුනාකර නවත්වා කියවන්නන්ගෙන් සමාව භජනය කරන්න!! අපි කතා කරන්නේ තනි පීල්ලේ රේල්ලු ගැන. ඔය තනි ඉරේ ගමන් කරන ග්‍රැමෆෝන් තැටියක් වගේනේ අදහස් දමන්නේ! (අ)

:       0       0

අනුලාවතී Wednesday, 05 November 2014 03:16 AM

එදා වේල කන්න හරියට වැඩපිළිවලක් නැතිව මොන රේල්ලුව තිබුණත් අපිට වැඩක් නැහැ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site