ශ්‍රී ලංකා රජය සහ ප්‍රංශ රජයේ ටෝටල් එස්.ඒ සමාගම ඛනිජ තෙල් සම්පත් ගවේෂණය සඳහා ගිවිසුමකට එළැඹීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසයි.
මේ මස මැද භාගයේදී අධ්‍යයන ගිවිසුමට අත්සන් තැබෙන අතර ලංකාවේ නැගෙනහිර ගැඹුරු මුහුදේ ඇති ප්‍රදේශවලට පමණක් එය අදාළවන බවද කියති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලංකාවේ තෙල් සොයන්න ප්‍රංශ සමාගමක් එයි
මහින්ද සෞදි Friday, 12 February 2016 01:47 PM
තෙල් අඩුවෙලත් මිල අඩු නොකරන රටේ, තවත් මොනවද කතා? (නි)
අහමඩ් Saturday, 20 February 2016 04:55 AM
ඔයිල් මාෆියා පටන්ගනි. දන්නේ නැද්ද ඔයිල් ගණන් බසී (බ)
දහම් Tuesday, 16 February 2016 02:48 AM
අලුතෙන් හොයන්න සල්ලි පූජා කරන්නේ මොකටද? යහපාලනේ තමයි. කාට කියන්නද මේ අවනඩු? (නි)
දහම් Tuesday, 16 February 2016 02:30 AM
අර ඇමතිතුමා පහුගිය දවස්වල බෙරිහන් දුන්නනේ ලංකාවේ සොයාගෙන තිබෙන තෙල් නිධි නිසා ඉන්ධන ප්‍රශ්නය මුළුමනින්ම විසඳෙනවා කියලා. ඉතින් මේ අලුතෙන් හොයන්න සල්ලි පූජා කරන්නේ මොකටද, හොයාගත් ඒවා ගොඩට අදින්නේ නැතුව. (නි)
බටගල Tuesday, 16 February 2016 01:58 AM
මොන දේ කළත් ප්‍රවේශමෙන් (නි)
නන්දලාල් - ප්‍රංශය Tuesday, 16 February 2016 01:52 AM
තිලක්-ඩුබායි, නාලි, ඔබ හරි. දැන් බලන්න අපේම රට දිහා.....පසුගිය වසර කිහිපය තුළ මොනවද වුණේ කියලා (නි)
මිහිඳු Tuesday, 16 February 2016 01:45 AM
අනේ අපි නම් මේවට මොකුත් කියන්න යන්නේ නැහැ (නි)
ලහිරු Monday, 15 February 2016 04:14 AM
මේවට වැඩිය වියදම් කරන එකේ තේරුමක් නැහැ (නි)
ලෙස්ලි Monday, 15 February 2016 04:13 AM
විශේයෙන්ම අපේ රට දියුණු නොවන්න ප්‍රබලම හේතුව තමයි හොර දේශපාලනය. දැන් කී සැරයක් නම් තෙල් සොයන්න කිය කියා සල්ලි කොච්චර නාස්ති කළාද? පරිභෝජනයට නුසුදුසු තෙල් ආනයනය කළාද? කෝ ඒවාට දඬුවම්? ආයෙත් මේ විශාල මුදලක් වැයකරන්න නේද යන්නේ? කෝ කලින් වාර්තා? (නි)
ලසන්ත Monday, 15 February 2016 04:05 AM
විශේෂයෙන්ම අපේ රට දියුණු නොවන්න ප්‍රබලම හේතුව තමයි මේ හොර තක්කඩි දේශපාලනය, දැන් කී සැරයක් නම් තෙල් සොයන්න කියා කියා සල්ලි කොච්චර නාස්ති කළාද? පරිභෝජනයට නුසුදුසු තෙල් ආනයනය කළාද? කෝ ඒවාට දඬුවම්? අායෙත් මේ විශාල මුදල වැය කරන්නේ ඇයි? කෝ කලින් රිපෝර්ට්ස්? මේ දේශපාලකයන්ට අයෙත් නම් ඡන්දෙ දෙන්න එපා (බ)
සල්ගාදු පැරිස් Saturday, 13 February 2016 05:50 PM
සේනක, දේශපාලකයෝ කවුරුත් එකයි. සමහර දේශපාලකයෝ ඡන්දෙට කලින් ඇවිල්ලා ගඟක් දොළක් නැති තැන වුණත් පාලමක් දානවා කියලා ඡන්දෙ ගන්නේ. ඡන්දෙන් පස්සේ ඔහුව දකින්නේ ඊළඟට එන ඡන්දෙදි (නි)
සේනක Friday, 12 February 2016 06:22 PM
අර එකතරා ඇමති කෙනෙක් පසුගිය මහා මැතිවරණයේදී පොරොන්දු වුණා වගේ මතකයි මුළු රටටම ඇතිවෙන්න තෙල් හම්බවෙනවා කියලා. කෝ ඉතින්?? (නි)
නලින් යහම්පත් Friday, 12 February 2016 02:21 PM
අද කාලේ ඔලුවට පීනසට දමන තෙල් බෝතලයක් උනත් ඉතා මිල අධිකය. ඔය තියෙනවා කියන තෙල් කවදා හම්බ වෙයිද දන්නේ නෙහැ , (කෞ)
ආනන්ද දොඩන්ගොඩ Thursday, 11 February 2016 07:23 PM
මෙවරවත් හරියට තෙල් හම්බ උනොත් හොඳයි , කලින් කරේ බොරුවමයි , චන්දයක් එන කොට කොහෙන් හරි ගෑස් ටිකක් හෝ තෙල් බෝතලයක් පෙන්වා චන්ද ගුණ්ඩු පමණි (කෞ)
මහින්ද Friday, 12 February 2016 12:38 PM
පසු ගිය දවස්වල නම් බූමී තෙල් හම්බ වුනා නලයක් හිල් වෙලා මුතුරාජ වලින්.(හේ)
තිලක්-ඩුබායි Friday, 12 February 2016 07:57 AM
නාලි . ඔබ හරි. නයිජිරියාවට තෙල් සම්පත තිබුනට දුප්පත් මිනිස්සු ගොඩාක් ඉන්නවා. (ර)
අබරන් Friday, 12 February 2016 07:15 AM
අපි පොඩි කාලේ ඉඳලා තෙල් හම්බ වෙනවා. මේ වගේ දේවල් අපි වයසට ගිහිල්ලා මැරෙන්ට කිට්ටුවත් අහන්ට ලැබේවි. කොයි පක්ෂයත් එකයි. (ර)
අමල් Friday, 12 February 2016 07:08 AM
හොඳ වැඩක්. (ර)
නාලි Friday, 12 February 2016 03:40 AM
තෙල් සල්ලි නිසා නයිජිරියාව දුෂණයෙන් විනාශ වුණා. හැමෝටම සල්ලි ලැබෙන්නේ හොඳකටම නෙමෙයි. (ම)
අමිල Friday, 12 February 2016 02:31 AM
ඇයි අර ඒ දවස් වල මැතිවරණයකට කලින් හිටපු ජනාධිපති මුළු රටටම කිවුවේ තෙල් හම්බුණා කියලා? (නි)
යසපාල Friday, 12 February 2016 02:22 AM
මුලින්ම මන්නාරමේ තෙල් නිධි වලින් තෙල් ගන්නකො වෙන ඒවා යවනින කලින් (නි)
චමින්ද Friday, 12 February 2016 02:22 AM
රටට ප්‍රශ්නයක් වෙන දෙයක් නම් කරන්න එපා (නි)
චමින්ද Friday, 12 February 2016 01:59 AM
අනේ අපි දන්නෙ නැහැ ඕවා (නි)
රොෂාන් Friday, 12 February 2016 02:05 AM
සුබ පැතුම්! (නි)
රුක්ෂාන් Friday, 12 February 2016 01:58 AM
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
රාජා Friday, 12 February 2016 12:21 AM
මේ ගමන කවුද පෝසත් වෙන්නේ. ප්‍රංශයට සම්බන්ධ අපේ දේශපාලුවෝ ලිස්ට් එක කවුද දන්නේ.(කෞ)