X Advertisement
IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඇමෙරිකාවෙන් කෝටි 8000ක්


 
නිමල කොඩිතුවක්කු
 
ශ්‍රී ලංකාවේ  සංවර්ධන  ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා රුපියල් කෝටි 8000ක ප්‍රදානයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය පියවර ගෙන ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා  පැවසීය.


ඉඩම්, ප්‍රවාහන, කෘෂිකර්ම, උසස් අධ්‍යාපන සහ විදුලිබල යන අංශවල සංවර්ධනය වෙනුවෙන් මෙම ප්‍රදානයන් යෙදවීමට යෝජිත බවද රාජ්‍ය ඇමැතිවරයා මාධ්‍ය හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සඳහන් කළේය.


යෝජිත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබීමෙන් පසු අගැමැති කාර්යාලය මගින් ඇමෙරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය සමඟ අවසන් අදියරේ සාකච්ඡා සිදු කරමින් පවතින බවද ඔහු කියා සිටියේය.


මෙම කෝටි 8000ක යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳ අදාළ ගිවිසුම් ශ්‍රී ලංකා රජය සහ ඇමෙරිකානු එක්සත් ජනපද සහ සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය අතර එළඹෙන දෙසැම්බර් මාසයේ දී අත්සන් තැබීමට නියමිතය.


යෝජිත සංවර්ධන ව්‍යාපෘති වලට අනුව  මෙම මුල්‍ය ප්‍රධානයන්ගෙන් අවිස්සාවේල්ල සිට පැල්මඩුල්ල දක්වාත්, බෙරගල සිට වැල්ලවාය දක්වාත් නාවුල සිට දඹුල්ල දක්වා සහ දඹුල්ල සිට තලගහවැව දක්වා මාර්ග රැසක් සංවර්ධනය කිරීමට නියමිත බවද පැවසීය.


මෙයට අමතරව දිවයින පුරා සමස්ත ප්‍රවාහන පද්ධතියම ආවරණය වන පරිදි රාජ්‍ය සහ පෞද්ගලික අංශය එකාබද්ධව නවීකරණ වැඩසටහන් සහ කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීමද සිදුවේ.



අදහස් (7)

ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට ඇමෙරිකාවෙන් කෝටි 8000ක්

Pradeep Wednesday, 18 July 2018 03:09 AM

මැති ඇමති වරුන්ගේ ප්‍රවාහන පහසුකම් වලටනම් ඔය මුදල ඇති වෙයි.

:       0       105

kap Wednesday, 18 July 2018 01:28 PM

අපිට අධිරාජ්‍යවාදීන්ගෙ සල්ලි එපෝ..

:       309       120

abaran Thursday, 19 July 2018 02:35 AM

අපේ මැති ඇමතිවරුන්ගේ වාහන ටිකට ඔය ගාන ඇති වෙයිද මන්දා...

:       0       1

siripala Thursday, 19 July 2018 04:02 AM

පිටින් මුදල් ලැබෙන විට හරියාකාරව ඇගයීමක් කල යුතුමයි.

:       11       8

sampath Saturday, 21 July 2018 06:41 AM

ඩොලර් මිලියන 500ක්? සීයට දෙසීයක් විශ්වාසයි මේක ණය මුදලක් බව.

:       64       231

prabash Saturday, 21 July 2018 06:57 AM

අනේ රටකට ගිය කලක්. තනියම කිසිම දෙය කරගන්න බැරි රටක් බවට පත් වෙලා. මේ ණය මුදලින් මොන තරම් අඩු මුදලක්ද මහා ජනතාව වෙනුවෙන් යෙදවෙන්නේ

:       0       76

Mohan Saturday, 21 July 2018 08:47 AM

කෝටි 7999ක්ම දැන් පාලකයින්ගේ සාක්කුවල ඇති. රට පදිංචියට යන්න දඟලන මිනිස්සුන්ට මම ඉස්සර බැන්නා. දොස් කිව්වා ඇයි මෙහෙම පින්බිමක් අතෑරලා රට යන්නේ කියලා. මට හිතෙනවා දැන් මම වැරදි සහගතයි කියලා. මොකද මටත් දැන් මේවා දකිත්දි හිතෙනවා ඔව්න්ගේ තීරණය හරි කියලා. තව අව්රුදු 5කින් 10කින් ගෙදරක ළමයෙක් හදාගන්න බැරි තත්වයක් එනවා. ඉස්කෝලෙකට යවන්න බෑ එතන කුඩු. ආශ්‍රය කරන්න යහපත් යාළුවෙක නෑ හොරු. තේරෙන්නේ නෑ මොකක්ද කරන්න ඕනි කියලා. මේ ආණ්ඩුව හොඳ නෑ. එන ආණ්ඩුව හොඳත් නෑ. කොටින්ම ලංකාවේ දේශපාලනය 100%ක්ම තම මඩිය පුරවාගැනීමේ ක්‍රමයක්. ජනතාව විදියට අදහස් පළකිරීම විනා කළහැකි දෙයක් ඇත්තේම නෑ. ආණ්ඩු පෙරළා ඊළඟ ආණ්ඩුව ගෙන ඒම හරියට ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරුවෙක් අවුට් කළා වගේ. ඊළඟට එන පිතිකරු කළින් පිතිකරුට වඩා ගහනවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site