(සුජිත් හෙවාජුලිගේ)
ශ්‍රී ලංකා රාජ්‍ය හා සිංගප්පූරු රජය අතර අත්සන් කෙරුණු වෙළඳ ගිවිසුම පිළිබඳ දිනෙක විවාදයක් දෙන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, කොළඹ දිස්ත්‍රීක් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් තුෂාණි රෝහණධීර මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ දිනේෂ් ගුණවර්ධන මහතා මේ ඉල්ලීම් ලිඛිතව කර තිබෙන බවයි.
විවාදය බොහෝ දුරට ලබන 18 වැනි දා පැවැත්වෙන ඇතැයි ද රෝහණධීර මහත්මිය පැවසුවාය.
මේ අතර ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුමේ තොරතුරු කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැතැයි ඒකාබද්ධ විපක්ෂය පසුගියදා රජයට චෝදනා කළේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලක්-සිංගප්පුරු වෙළඳ ගිවිසුම ගැන දිනෙක විවාදයක් ඉල්ලයි
dhamneth Tuesday, 26 June 2018 01:36 AM
සිංගප්පුරුවේ ලංකාවට වඩා වැඩි වැටුප් දෙනවා කියනවනේද .එනිසා සිංගප්පුරු ජනයා මෙහෙ අඩු පඩියට වැඩකරන්න ඒවිද? පොදුවේ මන්ත්‍රීවරුන්ගේ පඩි හා දීමනා වැඩිකරන්න ගෙනෙන යෝජනාවකට හැර ආණ්ඩුව ගෙනෙන අනික් සෑම යෝජනාවකටම ඔබ විරුද්ධ වෙනවා ඔබ විපක්ෂයේ සිටින විට..
Saththaya Tuesday, 26 June 2018 02:47 AM
විවාද ඉල්ල ඉල්ලා රට අගාදයට දාන්න. රටේ කාලය නාස්ති කරන්න එපා. තව වැඩි වයසක් නැහැ නේද විවාද කර කර ඉන්න. ජනතාවට සේවයක් කරන්න, ගන්න වැටුපයි අනිකුත් දීමනා වලටයි හරියන්න. ඒවා මහජන මුදල්.
හෙන්රි Wednesday, 27 June 2018 02:10 AM
ඔබ කියන්නේ සිංගප්පුරුවේ විෂබීජ සහිත කුණු මෙරටට ගෙන්නන්න කියලාද...? මොලේ අඩුවක් ඇති බව නම් පෙනෙනවා..
Ruwan Tuesday, 26 June 2018 08:32 AM
දියුණු රටක මිනිස්සු මේවගේ නොදියුණු රටක "අමන මැති ඇමතිලත් එක්ක" වැඩ කරන්න ඒවිද. නිකන් මිනිස්සුන්ව ගොනාට අන්දන එක දැන්වත් නවත්ත්වන්න මහත්තයෝ. ඔයාගේ පාසල් කාලේ මිත්‍රයත් ඔයාවගේම තමයි අගමැති වුනාට.
rasika Tuesday, 26 June 2018 07:35 PM
මෙතැන් තියෙන්න ප්‍රශ්නේ සිංගප්පුරු වැසියන් මෙහෙ එන එක නොවේ. මේ ගිවිසුම හරහා ඉන්දීය ජාතිකයන්ට මෙහෙ වැඩ කරන්න එන්න අවස්ථාව තියෙනවා. ඉන්දියානු සමාගමක් සිංගපූරුවේ ලියාපදිංචි කලොත් එක ලංකාවේ බ්‍රාන්ච් එකක් දැම්මොත්, එයාලට පුළුවන් ඉන්දීය ජාතිකයන්ව වැඩට ගන්න. එකයි ගැටලුව. දන්නේ නැති නිසා තමා විවාදයක් ඉල්ලන්නේ. ජනතාවට දැනුවත් වෙන්න. අර 20 වෙනි සංශෝධනේ ගැන දැනගත්ත වගේ.
kapThursday, 28 June 2018 05:45 AM
දෑනුත් ඒ වෑඩේ කරන්න පුලුවන්.. වෑඩේ වෙනවා.
Rasika Friday, 29 June 2018 02:37 PM
හරි... දැනුත් කසිප්පු පෙරනවා කියලා එ්ක නීතියෙන් සම්මත කළොත් මොකද වෙන්නේ?
athuraThursday, 05 July 2018 07:59 AM
ඔබ තුමාට ප්‍රශ්නේ ඉන්දියාවේ අය එන එකනේ ඔබතුමා හිතන විදිහට චීන කට්ටිය කියක් විතර දැන් ලංකාවේ ඉන්නවද?
Ajith Nissanka Tuesday, 26 June 2018 08:02 PM
අනේ හැම මගුලටම අදිරාජ්‍යවාදී ලේබල් ගහන්නේ නැතුව අඩු පාඩු තියනවානම් දෙගොල්ලෝ කතා කරලා හදාගෙන මේ වෙළද ගිවිසුම් සාර්ථක කර ගැනීම මේ දෙගොල්ලොගෙම වගකීමක්! සාර්ථක වෙළද ගිවිසුම් මගින් හැමෝටම ආර්ථික වාසි ගන්න පුළුවන්.
Thilanka Wednesday, 27 June 2018 05:02 AM
විවාද කරනවා කියන්නේ රටේ කාලේ කා දැමීමක් නොවේ. විවාද කිරීමෙන් රටට අහිතකර දේ තිබෙනවා නම් නිවැරදි කරගත හැකියි. රටේ මිනිස්සු ඒ දේවල් දැනගත යුතුයි.....
Banda Wednesday, 27 June 2018 11:58 AM
මෙයා අපේ රටට කරපු වැඩක් කියන්නකෝ කවුරු හරි දන්නවනම්.
Chandra Wednesday, 27 June 2018 01:54 PM
බණ්ඩා මයා, ඇයි දූෂණයට කඩේ යාම.... ලේසි පහසු වැඩක් නෙමේ...
ආනන්ද Wednesday, 27 June 2018 10:47 PM
රජය ඉදිරිපත් කරන සැම යෝජනාවකටම දේෂපාලාන වාසි තකා විරුද්ධ වීම නොව ඒවා ගැඹුරින් අධ්‍යනය කල යුතුය. දැන බලන්න අපේ ප්‍රදේශවල මේෂන් බාස් කෙනෙක් වඩුවෙක් සොයා ගැනීම අතිශයින් අපහසුය. සිංගප්පුරුවෙන් ඉන්දියානු කාර්මිකයන් පැමිනෙන්නේනම් මෙම තත්ත්වයට විසඳුමක් ලැබේ. අනික, රජයේ සේවක වෛද්‍ය වෘත්තිකයන් විසින් ලෙඩුන් ප්‍රාන ඇපයට ගැනීමට නොහැකි වන පරිදි සිංගප්පුරුවෙන් හා ඉන්දියාව අතුළු වෙනත් රටවලින්ද මෙවැනි ගිවිසුම් හරහා මෙරටට වෛද්‍ය වෘත්තිකයන්ට පැමිනීමට ඉඩ දිය යුතුය. එයට ඉඩ ලබෙන පරිදි ,මහා බ්‍රිතාන්‍යයේ මෙන් ලංකාවේද මෙඩිකල් කවුන්සිලයේ SLMC සංයුතිය පාර්ලිමේන්තු පනතකින් වෙනස් කල යුතුය.
ජාලිය Friday, 29 June 2018 03:39 PM
මිනිස් ජාවාරම අද ලෝකේ ලාභදායකම වෙළඳාමක්... මේ යටතේ ඉන්දුනීසියානු සහ ඉන්දියන් ශ්‍රමිකයින් ලංකාවට එවන්න පුළුවන්..
Pabath Saturday, 30 June 2018 04:29 AM
මෙයා මේ සිංගප්පූරු ගිවිසුම් ගැන කතා කරනවා. මහරජාගේ කාලේ නැට්ට පස්සේ ගහගෙන හිටියේ... මේ රටේ මොනතරම් අකටයුතුකම් වුණාද ඒ කාළේ? කතරගම දේවාලගම් ඉතිහාස පනත් හොරෙන් වෙනස් කරලා තමන්ගේ ගෝල බාල හමුදුරුගොල්ලෝ දාගෙන දේවාලේ පවා බලය රජා අතට ගත්තා.
ආනන්දSunday, 01 July 2018 09:07 AM
සංවාදයට ඉතා හොඳ අදහසක්. කුරුකුලසරිත්තම් නැමැති ද්‍රවිඩ දෙමළ ඉතිහාස පොතේ කතරගම දේවාලය දුටුගැමුණු රජු විසින් කරවන ලද බවත් එහි දේවාලයේ කටයුතු පහත රට එක ප්‍රදාන කුලයකට අයත් අයව පත් කල බවත් සඳහන් වෙනවා. මෙය රාජ නියෝගයක් බැවින් අද දක්වා කපුවන් එම කුලයට අයත් අය විය යුතුය.!