X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ලන්කන් ගුවන් සේවය දුර්මත පිටුදකියි.

සියලූ දුර්මත බැහැර කරමින්, දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ගුවන් සේවයක් ලෙස ශ්‍රී ලංකන් ගුන් සේවය ලොව ප‍්‍රධාන පෙළේ ගුවන් සේවා  සමාගම් කිහිපයක් හා එකතුවීමෙන් සැදුණු ”වන් වර්ල්ඞ්” සංවිධානය හා අනුබද්ධව සේවා  සැපයීමට සුදානම් බව ශ්‍රී ලංකන් ගුන් සේවයේ ප‍්‍රධානි නිශාන්ත රණතුංග මහතා ”වන් වර්ල්ඞ්” විධායකයන් සමග ඇතිකරගත් ගිවිසුමකින් පසුව සඳහන් කළේය. මේමගින් ශ්‍රීලංකන් ගුවන් සේවා සැපයුම් කලාපය පුළුල් කිරීමටත් සිය ගනුදෙනුකරුවන්ට උසස් සේවයක් ලබාදීමටත් බලාපොරොත්තු  වන බව ඔහු පවසයි.



අදහස් (0)

ලන්කන් ගුවන් සේවය දුර්මත පිටුදකියි.

තරු Thursday, 14 June 2012 09:40 AM

ඇත්තටම අපේ ගුවන් සේවය දැන් නම් අන්තිමයි. අපේ අම්මලා තාත්තලා ඒ කාලේ යනකොටනම් මේකට වඩා හොඳ එකක් නැතිලු. අපේ මිනිස්සු යන්නේ නෑ දැන්, යන්නෙම ඉන්දියන් මලබාරි එවුන්. උන්ට උලත් එකයි. පිලත් එකයි.

:       0       0

කේ.ඒ. සංජීව Wednesday, 13 June 2012 03:46 AM

අපේ ගුවන් යානා හොදයි. නමුත් සේවිකාවොතමයි ප්‍රශ්ණෙ..

:       0       0

කළු පුබ්බා Wednesday, 13 June 2012 07:39 AM

නිහාල් සී අදහස් ඉතා අගය කරමි... සහතික ඇත්ත

:       0       0

නිශාන් Wednesday, 13 June 2012 08:58 AM

සේවය අනිතිමයි. customer care ඇත්තෙම නෑ.තත්ත්වය වැඩි දියුණු විය යුතුයි

:       0       0

ප්‍රභාත් Wednesday, 13 June 2012 09:46 AM

හමදාම ෆ්ලයිට් ඩිලේ මෙක UL හැමදාම පරක්කුයි කිඅයන නිසා වෙන්න ඇති... අනික දැන් ඉන්න හොස්ටර්ස්ලා ලස්සනක් නැ හරි අහන්කාර අම්මන්ඩිල ටිකක් සුදු ලස්සන හුරුබුහුටි කෙල්ලො ටිකක් අරගන්න....

:       0       0

ඇන්ටන් Wednesday, 13 June 2012 11:18 AM

කවුරු මොනවා කිවුවත් අපේ ගුවන් සේවය හොදයි.සුළු අතපසුවීම් වන එක ඇත්ත.නමුත් සමස්තයක් වශයෙන් ගත් කල හොදයි

:       0       0

හෙළය Wednesday, 13 June 2012 01:28 PM

ඔකේ යන්නේ ඔක්කොම සංවර කමක් නැති බේබද්දෝ. ළඟ ඉඳගෙන යන්න බැහැ ගන්දස්සරේ. මේකද ලංකාවේ සංස්කෘතිය කියන්නේ ,බෞද්ධ රට කියල කියන්නේ....

:       0       0

සිසිර Wednesday, 13 June 2012 04:52 PM

මෙලෝ රහක් නෑ ... මේකේ කෑම

:       0       0

ආතල් Wednesday, 13 June 2012 04:21 PM

මේකේ වැඩ කරන ගෑණු ළමයින්ගේ ඇදුම ඇග පේන විදියට වෙනස් වුණා නම් මගීන් ඉබේම වැඩි වෙලා ගුවන් සේවයත් දියුණු වෙනවා ඉබේටම

:       0       0

ජගත් Wednesday, 13 June 2012 05:14 PM

මේකත් ගුවන් සේටයක්ද?

:       0       0

වසන්ත Wednesday, 13 June 2012 11:24 PM

ඇයි අපේ කියලා ගුරුවරයෙක් තනියෙන් තියා ගන්න බැරි?

:       0       0

වසන්ත Wednesday, 13 June 2012 11:40 PM

සිසිර, මේක හෝටලයක් නෙමෙයි.ගුවන් සේවයක්

:       0       0

බණ්ඩා Thursday, 14 June 2012 02:26 AM

ලොකුලොක්කන්ගෙ ගෙවල් හොරු කැඩුවම තමා තේරෙන්නෙ ආර්ථික වර්දනය​. ෴ ඊලග ඡන්ඳය අමතක කරන්න එපා.

:       0       0

කුක්කා Thursday, 14 June 2012 02:41 AM

මේකේ ලාංචනය දියබරිය වත් ගල් ආදාවත් නෙමේ අනේ පාත්තයා.... පාත්තයා..

:       0       0

කරු Thursday, 14 June 2012 06:43 AM

අපිත් ආසයි ලන්කන් ගුවන් ‍සේවය දියුණු වෙනවා නම්.හැබැයි ස්ටා‍ෆ් එකනම් අනිතිමයි.එයාලා හිතන් ඉන්ටන් මගීන් ඒ අයගේ අනුකම්පාව ලැබිය යුතු කොටසක් කියලා

:       0       0

තරංග Thursday, 14 June 2012 09:28 AM

අපෝ අන්තිම චාටර්. යන්න වෙන එකක නැතිනිසා ගියා..කියන්නේ නම් අහස අපිට" චාටරේ තොපිට හි හි... මේකේ මෙනු එක තනිකර ඉන්දියන්... සිංදුවක් අහන්න හෙඩ් ෆොන් එකක් නෑ..බැල්න්කට් එක කොම්පඤ්ඤ වීදියේ ඉදි ආප්පයක් වගේ.. ත්‍රීවීල් එහෙක නැග්ග වගේ හෙලවෙනවා.. ලංකාවේ මිනිස්සු 10 යි 5 යි වගේ යන්නේ..එනකොට පැයක් ප්‍රමාදයි....වැඩක් නෑ කියලා..

:       0       0

කුමාර මෙන්ඩිස් Wednesday, 13 June 2012 03:17 AM

ශ්‍රී ලන්කන් එයාර් ලයින් ගුවන් සමාගමේ සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ සොහොයුරා නේද?

:       0       0

සපුමල් Thursday, 14 June 2012 10:00 AM

වසන්ත, ඔයා දන්න හැටි තමයි.කියන්න බලන්න ඔයා මීට කලින් මේකේ ගිහින් තියෙනවද?

:       0       0

ඉෂාන් Thursday, 14 June 2012 12:49 PM

මම කටාර් ඉදලා පළමු වරට නිවාඩු යද්දි කම්පැණියට කියලා ලන්කන් ගුවන් සේවයේ ආවේ.ඉන්දියන් කාරයෝ තමයි ගොඩක් හිටියේ.අපි අපේ ජාතික දේ ගැන කතා කළාට ඒ අය බලන්නේ අපෙන් සල්ලි කඩා ගන්න.ඉතිං කොහොමද ජාතික සේවය දියුණු වෙන්නේ?

:       0       0

වසන්ත Thursday, 14 June 2012 01:20 PM

ඔව් මම ඉන්නෙ ඩුබායිවල‍... මම ලංකාවට එන්නේ ශ්‍රී ලංකන් එකේ...

:       0       0

තරු ඩුබායි Thursday, 14 June 2012 04:12 PM

එකනම් ඇත්ත මාත් ඉන්නේ ඩුබායි වල, මම එන්නෙත් ශ්‍රී ලන්කන් වල ඒ මොකද අපේ දේවල් අපිටනේ කියලා අපේ රටට හම්බ කරලා දෙනවා කියන අදහසින් තම අපි යන්නේ එන්නේ ....

:       0       0

අජිත් බණ්ඩාර Thursday, 14 June 2012 04:13 PM

අපේ ගුවන් සේවය හොදයි.. නමුත් පාඩු ලබන ස්ටේෂන් වහන්‍ේන නැහැ ‍හොදට ලාබ ලබන්න පුළුවං Zurich වගේ ස්ටේෂන් වහනවා.. Zurich හොද හබ් එකක් හැබැයි දැන් වහන්න යන්නෙ.. පාඩු පිට පාඩු ලබන මිලානෝ එක තාමත් ඇරලා. ඇයි මේ වගේ මෝඩ තීරණ ගන්නෙ..ජනාධිපතිට රට හදන්න ආසාව තිබ්බට අනිත් අයට එහෙම අදහසක් නැහැ.

:       0       0

ගමරාළ Friday, 15 June 2012 08:33 AM

දුක තමයියි.

:       0       0

ශ්‍රි ලංකන් මගියා Friday, 15 June 2012 09:28 AM

අපිත් ඕවයේ එනවා තමා අපේ දේනේ, මොකටද අපේ සල්ලි පිටට දෙන්නෙ කියලා.. ඊට පස්සෙ අපි සින්හලෙන් කතාකරනවා අපේ දේනේ කියලා.. බල්ලෙකුට ගනන්ගන් ගන්නෑ සිංහලෙන් කතා කලාම. කවදාවත් කෑමත් එක්ක වතුර එකක් දෙන්නෑ. මුන්ට දැන් අමතක වෙලාද කොහෙද ලංකාවෙන් උන් කාලා ඉවර වෙලා වතුර බොනවා කියලා. වතුර එකක් ඉල්ලලවත් ගෙන්ඩ ගන්න බැරි උන. ඇයි ඒ ? ඉල්ලුවෙ සිංහලෙන්. ඒකයි. ආයෙනම් යන්නෑ කියලා තමා හිතා ගත්තෙ. අපි රට ගැන හිතලා ඒකෙ ගියාට උන් අපිව ගනන් ගන්නැත්නම් මොකටද ?

:       0       0

ලහිරු ,ගනේමුල්ල Friday, 15 June 2012 10:01 AM

cathay pacific නම් නියමයි මම බැංකොක් ගියේ ඒකෙන්

:       0       0

සන්තෝෂ් Friday, 15 June 2012 02:20 PM

ලන්කන් ගුවන් සේවය ඉතා හොදයි.මම කැමතියි ඒකට

:       0       0

ආර්. දිසානායක Saturday, 16 June 2012 05:51 PM

තමන්ගෙ නෑදෑ හිතවතුන්ට සළකන එකම ගුවන් සමාගම.. වැඩිපුර බඩු ප්‍රමාණයක් ගෙනයන්නට පුළුවං එයාලට පමණයි..

:       0       0

කපිල Sunday, 17 June 2012 06:05 PM

දැන් කාන්තා ගුවන් නියමුවෙකුත් ඉන්නවා නේද?

:       0       0

දුලිප් Sunday, 17 June 2012 07:17 PM

ලන්කන් ගුවන් සේවය ඇත්තටම අන්තිමයි.මම නම් දන්න කෙනෙකුට කියන්නේ ඒකේ යන්න එපා කියලා

:       0       0

ගස් ගොනා Tuesday, 19 June 2012 08:09 PM

නොදෝමකින් ශ්‍රී ලංකන් එයා ලයින්. Qatar 1000* තමයි නියම

:       0       0

රෝහිත Tuesday, 19 June 2012 11:12 PM

මමත් කිහිපවරක් ගමන්කරල තියෙනවා සේවාව අන්තිමයි.. මම කවදාවත් කියන්නෙ නැහැ කාටවත් ශ්‍රීලංකන්වල ගුවන් සේවාවක යන්න කියලා...

:       0       0

කිරිමාටින් Wednesday, 20 June 2012 12:46 PM

කිවුවට වැඩක් නෑ මෙයා.ලංකාවේ ඉදලා ඩිරෙක්ට් ප්ලයිට් ගොඩක් අඩුයි.ඒ නිසා අපි කැමැති වුණත් අකමැති වුණත් යන්න වෙන්නේ මේකෙම තමයි

:       0       0

හූනා Tuesday, 12 June 2012 04:50 PM

ගිනි ගනන් අයකළත් අපේ එක කියල හිතාගෙන අපිත් ආව ගියා තමයි.. ඒත් දැන් නම් කාර්යමණ්ඩලය අන්තිමයි..(ගුවන් යානා වල අය නෙවෙයි) මේක ඇත්තද කියල බලන්න ඕන නම් ටිකට් කාර්යාලයකට කතා කරල බලන්න.. මේක ලාභ ලබන්න ඕන නම් දත්ෂ අය ඉහළ තනතුරැවලට පත් කරන්න...

:       0       0

ඉල්ලන්කා Tuesday, 12 June 2012 11:07 AM

මේක ආසියාවේ වැඩක් නැතිම ගුවන් සේවය බවට පත්වෙමින් තිබෙනවා...

:       0       0

සිංහලයා Tuesday, 12 June 2012 11:21 AM

ලන්කන් ගුවන් සේවය දැනට ආසියාවේ වැඩියෙන්ම අය කරන සේවයයි.අපි නම් යන්නේ වෙන එකක.

:       0       0

ද කරෝලිස් Tuesday, 12 June 2012 01:03 PM

පාරේ හයර් තිබුනට වැඩක් නෑ අපේ ත්‍රීවීල් එක අබලන් නම් හරි ඩ්‍රයිවර් කමකට නැත්නම් . ඒ වගේ තමයි ගුවන් සේවයත්. ඉස්සෙල්ලම වියදම් අවම කරගෙන මෙහෙයුම් ලාභයක් අරන් පෙන්වන්න. එතකොට වටේ පිටේ බිස්නස් නිකම්ම එයි. හරියට හොද හැදියාවක් තියන ඩ්‍රයිවර් ල ඉන්න ත්‍රීවීල් වලට හයර් තියනව වගේ.

:       0       0

දම් චා Tuesday, 12 June 2012 01:05 PM

දියබරියා ආපු දා ඉදල ඕක ඉවරයි..

:       0       0

සුදු මාටිං Tuesday, 12 June 2012 01:47 PM

මේක ර්‍ශි ලංකන් කිව්වට ලංකාවේ නෙමෙයිනෙ.. ලංකාවට තියෙන්නෙ කොටස් විතරයි... නේද? ඒ හින්ද අපිට ඕන ඕන විදියට දේවල් කරන්න බැහැ...

:       0       0

ලාල් ගලබඩ Tuesday, 12 June 2012 01:49 PM

ශ්‍රී ලන්කන් නැවතත් විකුණන වක්‍ර ක්‍රමයකට අර අදින බවනම් කියන්න පුළුවන්.ලස්සන සලකුණක් තිබුණු අපේ ගුවන් සේවය දියබරියෙක් දාලා කැත කලේ ධර්මසිරි සේනානායක සහ චන්ද්‍රිකා නෝනා එකතුවෙලා,නැවතුනේ එමිරේට්ස් වලට විකුණලා.....අපේ ගුවන් සමාගමේ එචුරෝ 50 වැඩියෙන් ගෙවලා එන්න කියන අපේ නව කට්ටිය,පවුල් පිටින් නොමිලේ සවාරි ගහනවා.කතාව ඇත්ත අඩුවෙන් තියෙද්දී මොකටද වැඩියෙන් දීල ගන්නේ.තවම අපේ නායකයින්ට තේරිලා නැහැ.විදේශ වල ඉන්න අය එක අවුරුද්දක් මුදල් නොඑවා හිටියොත් කාට කාටත් හොදට තේරෙයි

:       0       0

මතුචාන් Tuesday, 12 June 2012 02:19 PM

නරක ගුවන් සේව‍යක්

:       0       0

සිසිර Tuesday, 12 June 2012 02:50 PM

මිහින් ලංකා ,එයා ලංකා කියල ගුවන් සේවා දෙකක් ඕනමද ?

:       0       0

කිරිමාටින් Tuesday, 12 June 2012 02:11 PM

මෙක දියබරියෙක් කියන්නේ කවුද ...........මේක ශ්‍රී ලංකාවේ සලකුණ...."ගල් ආඳා "

:       0       0

වරැණ Tuesday, 12 June 2012 03:00 PM

ලංකාවෙ විදේශ රැකියා ඒජන්සිවලටයි දඹදිව වන්දනා චාරිකා ඒජන්ට්ලයටයි නීතියක් ගොනවනම් හොදයි. මේගොල්ල අනිවාර්යයෙන්ම මිහින් ලංකා ගුවන් ගමන් සදහා යොදාගත යුතුයි..

:       0       0

එස්.කේ Tuesday, 12 June 2012 02:30 PM

දෙකක් මදි.තුන හතරක් තියෙන්න ඕන ....ලෝකෙට පරකාසී...‍ගෙදරට මරගාතේ..

:       0       0

ලුම්බිණි Tuesday, 12 June 2012 03:39 PM

ශ්‍රී ලන්කන් එයාර්ලයින් මතක් කරන්න එපා. හොඳ අත් දැකීම් තියෙනවා ඕකෙ ගිහින්.

:       0       0

chandana Tuesday, 12 June 2012 03:41 PM

දියඹරියට නෙමෙයි ඉගිලෙන මොනරැ

:       0       0

කාශ්‍යප Tuesday, 12 June 2012 04:37 PM

ටිකක් ලස්සන ගුවන් සේවිකාවන් යොදවනවානම් හොදයි..

:       0       0

දම් චා Tuesday, 12 June 2012 04:43 PM

හත්වලාමෙ.. අපේම කියල එක අහස් යානයක්වත් මේකෙ නැහැ කියන්නෙ.. මේකත් ආසියාවෙ ආශ්චර්යයද දන්නෙ නැහැ.. නේද?? ගුවන් පථයෙන් ප්‍රයෝජනයක් ගන්නත් එක්ක කාර් රේස් වලටවත් ගත්තොත් මොකද?

:       0       0

කළු මාටිං Tuesday, 12 June 2012 11:22 AM

යුද්ධය ඉවරවෙලා සාමකාමී රටක් හැටියට දැන් දැන් ලංකාවට ලොකු ඉල්ලුමක් හැදීගෙන එනවා... ලො‍්කයෙන්.. හැබැයි මේ වගේ ගිවිසුම්වලට යනකොට ටිකක් පරිස්සම් වෙන්න... විශ්වාසයෙන් ක්ෂේත්‍රයේ මේ වෙනකොට හොදින් ස්ථාවර වෙලා තියෙන සමාගම් එක්ක ගිවිසුම් ගහනකොට...

:       0       0

ගාමිණී ගොඩගමපල Tuesday, 12 June 2012 04:28 PM

ජනාධිපති තුමාගේ මස්සිනා නිශාන්ත රණතුංග නෙමෙයි, එයා නිශාන්ත වික්‍රමසිංහ.............

:       0       0

බන්ඩා Tuesday, 12 June 2012 05:19 PM

සුදුස්සාට සුදුසු තැනදී, දේශපාලන නුසුදුස්සන්ව පත් නොකොට හිටියොත්, හරියට හරී, දූෂණය වන්චාව තිබෙන තාක්කල්, මගේ රට අදුරේ, මේ සියල්ලටම වගකිව යුත්තේ දේශපාලනයයි,

:       0       0

හෙළයා Tuesday, 12 June 2012 05:54 PM

නම විතරය් ශ්‍රී ලන්කන් ගුවන්ගත උනාම ලංකාවේ අයව සත පහකට ගණන් ගන්නේ නැහැ. ඉංග්‍රීසි කතා කලොත් විතරය් පොඩ්ඩක්වත් බලන්නේ පව් අර මැද පෙරදිග යන අය වතුර ටිකක් ඉල්ලගන්න විදින දුකක්. ඕව දැක්කම ඇගේ මාළු නටනවා....

:       0       0

ෂාන් Tuesday, 12 June 2012 05:56 PM

ටිකට් ගාන වැඩිම ශ්‍රී ලංකන්.. ඒත් ආදායමක් නැහැ.. පුදුමයි..කවුද මේවට වගකියන්නේ.???

:       0       0

ප්‍රේම් Tuesday, 12 June 2012 06:18 PM

‍‍ගොඩක් රටවල්වල ගුවන්යානා සේවාව එක්ක සැසදීමේදී අපේ ගුවන් සේවාව ඉතාම දුර්වලයි...

:       0       0

සකල බුජන්ග් Tuesday, 12 June 2012 06:45 PM

මේ නිශාන්ත රණතුංග අර ක්‍රිකෙට් බෝර්ඩ් එකේ ඉන්න එක්කෙනාමද? එහෙනම් ඉතින් අහන්න දෙයක් නෑ හොඳට දුයුණු වේවි

:       0       0

mr ‍දොන් දෝහා Tuesday, 12 June 2012 07:51 PM

හෙලයා ඔබ හරියට හරි.. ඒකෙ සභාපතිලා රැපියල් තිස් දා‍හෙ රොලෙක්ස් ඔර‍ලෝසු දාන්නේ පේනවා නේද??

:       0       0

රැඩිකල් කොල්ලා Tuesday, 12 June 2012 08:32 PM

දැන් බලාගෙන ගියම මේක වහල දාන එක හොදයි වගේ...

:       0       0

සතා Tuesday, 12 June 2012 08:44 PM

හෙළයා කියන දේය හරියටම හරි... මමත් ඔය ගුවන් සේවයේ ඕන තරම් ගිහින් තියෙනවා. ආසියාවේ නරකම ගුවන් සේවාවයි..

:       0       0

ගුවන් නියමුවා Tuesday, 12 June 2012 08:58 PM

අපෝ අපිට ඔය ශ්‍රී ලංකන් ගුවන්සේවය නැතිවුනා කමක් නෑ. ඔනාතරමි ගුවන්සේවා තියෙනවා. මුදලත් සාදාරණයි. සැලකීමත් ඉතා උසස්. ලංකාවෙ කවද්ද හරිදෙයක් කළේ?

:       0       0

නිලූ Tuesday, 12 June 2012 09:10 PM

මේකෙ අය හිතාගෙන ඉන්නෙ අපි එයාලගෙ සල්ලිවලින් ටිකට් එක අරනෙ එන්නෙ කියලා.. මමනං ආයෙ කවදාවත් මේගොල්ලන්ගෙ ලොකුකම් බලන්න යන්නේ නැහැ... ‍

:       0       0

නිහාල් සී Tuesday, 12 June 2012 09:25 PM

ශ්‍රි ලන්කන් සහ මිහින් ලන්කා ගුවන් සේවා දෙක දියුනු කිරීමට, 1. මිහින් ලංකා Hub එකක් බන්ගලිදේශයේ,මාලදිවයිනේ හෝ වෙනත් ආසියාතික රටක පිහිටුවා, එම ස්තානයේ සිට ද මෙහෙයුම් කටයුතු අරාම්භ කිරීම. උදා: Air arabia 2. A340 හා A330 ගුවන් යානා ඈතුලත නවිකරනය කිරිම හෝ විකුනා දමා A320 නව ගුවන් යනා ලබා ගෑනීම. 3. ශ්‍රි ලංකාවෙ වන්දනා චාරිකා සංවිදායකයින් හට නීතියක් පෑනවීම "මිහින් ලංකා ගුවන් සේවය ඒ සදහා භාවිතා කරන ලෙස" 4. ශ්‍රි ලංකන් ගුවන් සේවයේ සිටින වර්තමාන ගුවන් සේවිකාවන් වෙනුවට රුමත් හා නිහතමානී අය බදවා ගෑනීම. 5. වර්තමාන ශ්‍රි ලන්කන් ගුවන් සේවිකවන් හට වෙනත් කාර්යන් සදහා පුහුනුවක් ලබාදි, වෙනත් කාර්යන් සදහා යෙදවීම. උදා : ශ්‍රි ලංකන් කේටරින්,ශ්‍රි ලංකන් කාර්ගො. 6. මිහින් ලංකා සදහා තවත් ගුවන් යානයක් ලබාගෙන Bangkok, Singapore,Mumbai වෑනි ගමනාන්ත සදහා යෙදවීම

:       0       0

කෙවින් Tuesday, 12 June 2012 09:51 PM

ලංකාවෙ අයට සිංහලෙන් කතා කරන්න ඕන.. ඒක දුර්වල කමක් නෙමේ..

:       0       0

කුමාර මෙන්ඩිස් Wednesday, 13 June 2012 02:33 AM

ශ්‍රී ලන්කන් එයාර්ලයින් නමට,එක කිලෝ එකක් වැඩියෙන් ගේන්න මේකෙ දේන්නේ නැහැ.අනික ගිනි ගනන්

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site