X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ලයිසියම් 20 සපුරයි

‘‘සිසුන් හත් දෙනකුගෙන් කුඩා පෙර පාසලක් ලෙස ආරම්භ වූ පාසල අද  ලංකාවේ  විශිෂ්ටතම ජාත්‍යන්තර පාසලක් ලෙසින් ඉදිරියට පැමිණ ඇති බවත් අධ්‍යාපනයෙන් පමණක් නොව ගුණ ගරුක  අපේ සංස්කෘතිය අගයන දරුවන් පිරිසක් මේ ගෙවී ගිය විසි වසරේ රටට දායාද කරන්නට හැකිවීම පිළිබදව ආඩම්බර වන බවත් ‘‘යෞවන කටුයතු නිපුණතා සංවර්ධන හා  අධ්‍යාපන අධික්ෂණ  මන්ත්‍රී හා  නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නිර්මාතෘ මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.

නුගේගොඩ  ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විසිවැනි සංවත්සරයේ කේක් ගෙඩිය කැපු ඔහු  පාසලේ  විශිෂ්ටත්වය වෙනුවෙන්  කැපවු ගුරුවරුන් හා කාර්යාල සේවකයනට සම්මාන පිරීනැමීය. විදුහල්පති වෙනුරි හෙට්ටිආරච්චි , සම්බන්ධීකරණ විදුහල්පති කුමාරි ග්‍රේරු නියෝජ්‍ය විදුහල්පති බන්දුල ගල්ප්පත්ති, විජිත් ප්‍රනාන්දු , ප්‍රාථමික  අංශ ප්‍රධානාචාර්ය  දුලිකා මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු ද එහි වුහ.



අදහස් (0)

ලයිසියම් 20 සපුරයි

ධම්මිකා Sunday, 16 June 2013 10:08 PM

සුබ පැතුම්!(නදී)

:       0       0

සරත් Tuesday, 18 June 2013 10:15 AM

සංජිව , ලංකාවේ විශ්ව විද්‍යාල වලට නිග්‍රහ කරන්න එපා. ලංකාවේ විශ්ව විද්‍යාල වලින් ලබා ගන්න උපාධි වලට සම කරන්න බැහැ සල්ලි දීලා ගන්න උපාධි.ඒවා තරගකාරී විබාග වලින් පාස් වෙලා ලබා ගන්න ඒවා. ඒක නිසා මිල කරන්න බැහැ. සල්ලි දීලා උපාධි ගන්න පුළුවන් උසස් පෙළ පාස් වුනේ නැති වුනත්. කරුණාකර දන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් අහන්න ලියන්න හෝ කියන්න කලින්. ජාත්‍යන්තර පාසල් අතරින් ලයිසියම් හොද බව තර්කයක් නැහැ. නමුත් පිළිගත් පාසල් හා රජයේ විශ්ව විද්‍යාල එක්ක සසදන්න යන්න එපා (නි)

:       0       0

රූපා Tuesday, 18 June 2013 09:56 AM

ළමයි වෙනුවෙන් හොද තැනක් (දී)

:       0       0

ලසන්ත Tuesday, 18 June 2013 09:50 AM

මම හිතන්නේ අධ්‍යාපනයට හොදම තැනක් තමයි මේ (දී)

:       0       0

ජෝයි Tuesday, 18 June 2013 09:47 AM

හේමාල්, මම ඔබව විවේචනය කරනවා නොවේ. නමුත් මට කියන්න සල්ලි ඇති අය මොකටද ආණ්ඩුවේ සහනාධාර වලින් යැපෙන්න සලස්වන්නේ?ලෝකේ කොහෙවත් එහෙම කරන්නේ නැහැනේ.සල්ලි තියන අයට බෙහෙත්,පෙට්‍රල් සහනාදාර නොදිය යුතුයි.එහෙම කරන රටවලට වැරදිලා තියනවද. (නි)

:       0       0

අනූෂා Tuesday, 18 June 2013 09:45 AM

ග්‍රේරෝ සර් කියන්නේ උපතින්ම සල්ලි කාරයෙක් නෙමේ. ඉතා අමාරුවෙන් ඉගෙන ගෙන ඔය තත්වයට ආපු හැටි සර් පන්ති වලදී කියල තියනවා. ඔහු පන්ති කලේ නොමිලේ.හෝල් ෆීස් විතරයි ගත්තේ. දේශපාලනේ කොහොම උනත් ඔබ ඉතාමත් හොද මහත්මයෙක්. සුබ පැතුම් සර්.(අ)

:       0       0

ප්‍රියන්ත Tuesday, 18 June 2013 09:03 AM

සුභපැතුම්

:       0       0

හේමාල් Monday, 17 June 2013 11:39 PM

නන්දන, හිසරදයට කොට්ට මාරු කළාට වැඩක් නැහැ.අපි ඔය ප්‍රශ්නෙට හොද පාසල් ටිකක් හදමු .තද බදේ අඩු වේවි. ගුරුවරුන්ව නිසි ලෙස අගයමු.රෝහල් වල තියෙන තදබදයට ඒවා පුද්ගලීකරණය කළාම හරිද ? ඔබතුමාට කවද හෝ දවසක වැටහේවි.අදටත් අපේ දැනුම ලෝකයේ අන් සැමට ඉහලින් ඇත්තේ ඒවා නිසි ලෙස පැවතුන නිසා.ඔබට ස්තුතියි (නි)

:       0       0

සුසා Monday, 17 June 2013 03:48 PM

ඇත්තටම හොඳ ඉස්කෝලයක්. මගේ දරුවෝ යන්නේ ඒකට.සාර්ථකව දිගු කාලයක් දිනේවා! ආණ්ඩුවේ ඉස්කෝල වලට මට දරුවෝ දාන්න බැරි වුනා.නිදහස් අධ්‍යාපනයට වුන දේ ගැන කණගාටු වෙනවා . (නි)

:       0       0

ප්‍රියදර්ශන Monday, 17 June 2013 12:58 PM

පන්තිය ඇතුලේ ඉංග්‍රීසි කතා කිරීම අනිවාර්ය කරන්න.(නදී)

:       0       0

අයන්ති Monday, 17 June 2013 12:35 PM

හොද ගුණගරුක දරුවන් බිහිකරන පාසලක් වේවා.(ස)

:       0       0

සන්ජීව Monday, 17 June 2013 10:47 AM

මගේ පුතා යන්නේ මෙම පාසලට . මගේ පුතාගේ අද්‍යාපනය වගේම විනයත් උසස් . මගේ පුතාට වයස 11 දැන් භාෂා 4ක් කතා කරනවා . මගේ පසෙල් කාලයේ මට නොහැකි වූ දේවල් සිලල්ල මම මගේ පුතා තුලින් ජය ගන්නවා . පුද්ගලික පාසලක් උනත් , වාරයකට ඉහල පාසල් ගාස්තු ගෙව්වත් එම මුදලට මගේ පුතාට උපරිම ප්‍රතිපල ලැබෙනවා . නිදහස් අද්‍යාපනය ගැන විතරක් බලාගෙන හිටියොත් මගේ පුතාටත් වෙන්නේ නිකම් බහුබූත උපාදියක් අරන් ගෙදෙට්ට වෙලා ඉන්න. මම මෙම පසෙලට මගේ ගෞරවය පුදකරනවා.(ස)

:       0       0

නීලා Monday, 17 June 2013 10:17 AM

බලන්න කොයි තරම් දේශපාලකයන්ට ආවඩන්ට මිනිස්සු අපේ රටේ ඉන්නවද කියලා. මොකක් හෝ හේතුවක් හදාන ගුන වයනවා. කවදද අපේ රටේ වාසියකින් තොරව දේසපාලනය කවුරුත් කලේ. මේ ශක්තිය නොතේරෙන මෝහයෙන් අපේ මිනිස්සු ගැලවෙන තාක් ලංකාවට දියුණුවක් නැත.(නදී)

:       0       0

සරත් Monday, 17 June 2013 04:59 AM

මම මොහාන් මහතා ගැන අහලා තියනවා එයා හොඳ මහත්මයෙක් කියලා. මගේ සුබ පැතුම්. (නි)

:       0       0

ඇන්ජෙලෝ Monday, 17 June 2013 01:29 AM

ජයවේවා! මගේ පුතුත් යන්නේ මෙම පාසලට. තවත් දියුනු වේවා! ගාල්ලේත් ශාකාවක් අවශ්‍යයි (නි)

:       0       0

අනුෂි Friday, 14 June 2013 03:16 PM

ජාත්‍යන්තර පාසල් පිලිබදව චින්තන විප්ලවයක් කරමින් ලයිසියම් ජාත්‍යන්තර පාසැල රටට කරන සේවය ඉමහත්. දුප්පත් ගම් වල දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නොමිලේ ලබා දෙමින් ලයිසියම් පාසැල කරන්නේ ලොකු සේවයක්. ඔබ කරන සේවය ඉදිරියටත් කරගෙන යාමට සුබ පැතුම්. (ත)

:       0       0

වසන්ත රාජපක්ෂ Sunday, 16 June 2013 01:20 PM

මොහාන් ලාල් ග්‍රේරෝ මහතාණෙනි, ආනන්දයේ සමාන්තර පන්ති වල සිටි මිතුරෙක් ලෙස ඔබ ආ ගමන ගෙන සතුටුයි. ආනන්දයෙන් ලැබුනු පන්නරය තුලින් තව දිගු සාර්ථක ගමනකට සුභ පැතුම්.(නදී)

:       0       0

ගමගේ Sunday, 16 June 2013 10:58 AM

ලයිසියම් ඉතා උසස් පාසලක් බවත් අධ්‍යාපනය හොඳ මට්ටමක පවතින බවත් පිලිනත යුතුයි. එත් මේ කොටස "දුප්පත් ගම් වල දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නොමිලේ ලබා දෙමින් ලයිසියම් පාසැල කරන්නේ ලොකු සේවයක් " කොහෙන්ද හොයාගත්තේ අනුෂි. ඇඩ්මිසන් ටර්ම් ෆීස් එහෙම දැන් නවත්තල වත්ද ? මම මේ පාර මගේ පුතා උ පෙළ දාන්න බැලුව. ලක්ෂ 1.5 විතර ඉල්ලුවා. දැම්මේ නෑ.(නදී)

:       0       0

ධනංජය Sunday, 16 June 2013 10:56 AM

එයාලා 20 සමරද්දී එක මාසෙට අපේ පොඩි ඉස්කෝල 20ක් වැහෙනවා. සල්ලි තිබ්බොත් මේවට ගියහැකි, නැත්තන් පොල් කැඩූවැකි මේවට ගිහින් ඉගෙනගත්තු මහත්තුරුන්ගේ නොනලගේ,හැමෝම ගඟෙන් දිය බී මුහුදට ආවඩනවා.(නදී)

:       0       0

සංජු Sunday, 16 June 2013 09:44 AM

මට මතකයි 1990 දී සර් අපිව එක දවසක් එලෙව්වා සුබද්‍රරාම පක්තියේ ඇතුලේ ගැරඩියෙක් වැටිලා හූ කිව්වට. හරිම ලස්සන අතීතයක්. ඒ කාලේ තිබුනේ.(නදී)

:       0       0

නිලන්ත Sunday, 16 June 2013 02:55 AM

සුභපැතුම්

:       0       0

පහන් Sunday, 16 June 2013 01:39 AM

මගේ භෞතික විද්‍යා ආචාර්ය තුමා ග්‍රේරෝ සර්ට දීර්ගායුෂ ප්‍රර්ථනා කරමි. මාව සුබද්‍රාරාම පන්තියෙන් එලෙව්වට මම තරහ නෑ සර්.(නදී)

:       0       0

පියල් Saturday, 15 June 2013 09:01 PM

දේශපාලන පැත්ත කුමක් වුනත් ග්‍රේරෝ මහතා හොද සර් කෙනෙක් (අ)

:       0       0

කල්ප Saturday, 15 June 2013 03:54 PM

ලොක්කට යූ.එන්.පිය දාල ආණ්ඩුවට පනින්න වුනේ ලැයිසියම් එක හින්දම තමයි.(නදී)

:       0       0

පෙරේරා Saturday, 15 June 2013 11:55 AM

කොහොමත් මේ මහතා මුල සිටම හොද වැඩතමා කලේ. බොහෝ අයට නොමිලේ ඉගැන්නුව. මේ මහතාට අධ්‍යපන ඇමතිකම දුන්නනම් මීට වඩා අධ්‍යාපනය දියුණු වේවි. පක්ෂය සලකන්න එපා. (අ)

:       0       0

නන්දන Saturday, 15 June 2013 11:29 AM

හේමාල් පෞග්ලික අධ්‍යාපන ආයතන බිහිවෙන එක හොද. .සල්ලි තියන අය ඒවාට ගිහාම රජයේ පාසල්වල තදබදේ අඩුවෙනවා. අනික රටක අයිතියක් තියෙන්න ඕන පුළුවන් කෙනාට තෝරාගන්න. ඒ වගේම ඔය නිදහස් අධ්‍යාපනේ දැන් අලුත් වෙන්න ඕන.එහෙම නොවුනොත් නිකන් දුන්නයි කියල වැඩක් නැහැ. (අ)

:       0       0

හේමාල් Saturday, 15 June 2013 09:18 AM

මටත් මතකි ඒ කාලේ මට සල්ලි තිබුනේ නැහැ ඔයගොල්ලන්ගේ පන්ති වලට යන්න. මා ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනයට පින් සිද්ද වන නිසා. නිදහස් අධ්‍යාපනය දිනේවා! (නි)

:       0       0

සංජු Saturday, 15 June 2013 08:45 AM

සල්ලි තියන ළමයි යනවා. ඒත් සල්ලි නැති ළමයි? (නි)

:       0       0

ජීවන් Friday, 14 June 2013 04:21 PM

ජාත්‍යන්තර පාසල් අයිතිකරුවෝ දේශපාලනේ කරද්දී අපේ අය කියන්නේ සල්ලි කාරයන්ට අමුතුවෙන් හොරකන් කරන්න ඕන නැහැ එයාලට උපතින්ම සල්ලි තියනවා කියල.මන් නම් කියන්නේ උපතින් සල්ලි කාරයෝ දේශපාලනේ කරන්නේ තියන ගොඩ වැඩි කරගන්ට කියල.(අ)

:       0       0

නීල් Friday, 14 June 2013 03:21 PM

ක්ලාස් සිසුන් කෑ ගැසුවා මතකයි.. කඳුළු පෙරා ඔබ හැඬුවා මතකයි..// සුබ පැතුම් (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site