(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලොකු ලූනු අස්වනු නෙලීම ආරම්භ කිරීමත් සමඟ වෙළඳපොලේ දේශීය ලොකු ලූනු ගැනුම් මිල පහත වැටීම නිසා මෙවර දේශීය ලොකු ලූනු ගොවියා අපහසුතාවයකට පත්විය හැකි බව ගොවීහු පෙන්වා දෙති.
මෙවර වගා කෙරුණු ඉතා සීමිත දේශීය ලොකු ලූනු වල අස්වැන්න නෙළීම දිනවල ආරම්භ කර තිබේ. දඹුල්ල, සිගිරිය , වෑවල වැව,ගලේවෙල ,ආදී ප්‍රදේශවල ලොකු ලූනු අස්වැන්න නෙලන අතර කිලෝවක ගැනුම් මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 55 සිට 70 දක්වා වූ මිල පවතින බව ගොවීහු පෙන්වා දෙති.
දේශීය ලොකුලූණු ගොවීන් කියා සිටියේ විශාල පිරිවැයක් ලොකුලූනු වගාව සඳහා යෙදු බවත් එහෙත් අති සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින බවය. ලූණු ගෙඩි ප්‍රමාණයෙන් කුඩාවීම නිසා ඉහළ මිලක් නොලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.
වසර කිහිපයක සිටම දේශීය ලොකු ලූනු ගොවියා මිල පහත වැටීම හේතුවෙන් මෙන්ම අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දැඩි අපහසුතාවයකට පත්ව බොහෝ ලොකුළූණු ගොවීන් මෙවර වගාවෙන් ඈත්ව ඉතා සීමිත කොටසක් පමණක් වගා කර තිබීම විශේෂත්වයකි.
වර්ෂාව ලැබීම ප්‍රමාද වීම සහ මහවැලි ජලාශවල ජලය නිකුත් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් මෙවරද දේශීය ලොකු ලූනු වගාවන් ප්‍රමාද වූ බවත් ගොවීන් පෙන්වා දෙති.
ඒ හේතුවෙන් අස්වැන්න නෙළන සමය එද්දි වර්ෂාව ලැබීමත් සමඟ දේශීය ලොකු ලූනු අස්වැන්න ට බාධා එල්ල වෙන බවත් ඒවා කුණුවී විනාශ වී යන බවත් ගොවීහු පෙන්වා දෙති. එමනිසා බොහෝ ගොවීන් ලොකුළුණු වගාවෙන් ඉවත්ව වෙනත් වගාවන් කරන්නට පෙළඹී සිටිති.
ලොකු ලූනු අස්වැන්න නෙළන එක් කුලී කම්කරුවෙක් සඳහා දිනකට රුපියල් 1500ක පමණ මුදලක් වැය වෙන බවත් විශාල මිනිස් ශ්‍රම ප්‍රමාණයක් අස්වැන්න නෙලීම සඳහා යොදාගැනීමට සිදුවීම එමෙන්ම වල් මර්දනය කිරීම සඳහා වල්නාශක වෙළඳපොලේ නොමැතිවීම ලොකු ළූණු සඳහා යොදවන කෘමිනාශක ද්‍රව්‍ය මිල ඉහළ යෑම ආදී කරුණු නිසා ලොකු ලූනු ගොවීන් සිය වගාවෙන් ඉවත් ව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොකු ලූනු මිල පහළ යාමෙන් දඹුලු ගොවීහු කබලෙන් ලිපට
lalith Tuesday, 11 September 2018 07:21 PM
තෙලේ දාලා කරවෙන්න බැදපු ලුණු බෑග්වල දාලා වෙන රටවල්වල විකුනනවා. එව්වා එන්නේ තායිලන්තෙන්. අපිටත් ඒවගේ වැඩක් වත් කරන්න බැරිවෙයිද? සිනිසම්බෝල වත් හදලා අධිශීතකරණ වල දාලා අවුරුදු කාලෙට විකුනන්න වත්?
hesaTuesday, 11 September 2018 09:35 PM
ඇත්ත, බෝතල් කල සීනි සම්බල් නම් දැනුත් තියෙනවනේ... බැදපු ලුණු අදහස නම්´ අයිඩියල් ආහාර කල් තබා ගන්න ක්‍රම කොයි තරම්ද? කලකදී විකුණා ගන්න බැහැ කියනවා වෙළෙන්දා, දවසක මිල වැඩියි කියනවා පාරිභෝගිකයා...
chathuri Tuesday, 18 September 2018 10:37 AM
ගොවියන්ට තමන්ගේ මහන්සිය තරමට මුදල්හොයාගන්න අමාරුයි...... හැම අස්වැන්නක්ම අසල්වැසි රටට යවල නැවත ගෙන්වන්න එතකොට කියන්නේ පිටරටින් ගෙනාපුවා කියලා...... අධික මිලකට විකුණන්න පුළුවන්