ලෝකයේ දැනට ඇති අධි සුඛෝපභෝගී විශාලතම මගී නෞකාවක් වන ක්වීන් මේරි 2 නෞකාව අද උදෑසන මගීන් 2500ක් ද රැගෙන කොළඹ වරායට සේන්දු විය. මෙය මෙතෙක් කොළඹ වරායට පැමිණි විශාලතම මගී නෞකාව බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.
මේ නෞකාවේ ප්‍රධානතම යාත්‍රා ප්‍රදේශය වන්නේ අන්තර් අත්ලාන්තික් කලාපයයි. යාත්‍රාවේ දේශීය නියෝජිතයන් වන්නේ ඩෙල්මේජ් ෆෝසිත් සමාගමට අයත් ෂිපිං ඒජන්සි සර්විසස් සමාගමයි.
2003 වසරේ ක්වීන් මේරි 2 නෞකාව දියත් කළ අතර එහි පළමු සංචාරය 2004දී සිදු කැරිණි. මීටර් 340ක දිගින් යුත් මෙම නෞකාව මගීන් 2620ක් හා කාර්ය මණ්ඩලය 1253ක් සමගින් යාත්‍රා කරයි. බර්මියුඩා ධජය යටතේ මේ නැව ලොව වටා සංචාරය කරයි.
ස්පාඤ්ඤයේ බර්සිලෝනා වරායෙන් 2013 සිය ලොව වටා සංචාරය ආරම්භ කළ නෞකාව සූවස් ඇළ තරණය කොට මැද පෙරදිග, නැගෙනහිර ආසියාව, දකුණු ආසියාව (කොළඹ, කොචින්) ගිනිකොනදිග ආසියාව (මැලේසියාව, සිංගප්පූරුව, බැංකොක්) නැගෙනහිර ආසියාව (වියට්නාමය, හොංකොං, චීනයේ සැංහයි) ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, සැම්බියාව පසුකොට නැවත ස්පාඤ්ඤයෙන් සිය සංචාරය නිම කිරීමට නියමිතය.
]
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොකුම නැව කොළඹ වරායට
ලලිත් සෞදි Friday, 08 February 2013 08:46 PM
වැරදිලාවත් නැව හම්බන්තොට වරාය පැත්තෙ ගියානම් විපක්ෂය ඉවරයි.. (නු)
දනුෂ්ක Tuesday, 12 February 2013 03:11 PM
සන්තෝසයි (දී)
සුධීර Sunday, 10 February 2013 03:40 PM
මේ නැවේ පින්තුර ගන්න මාද්‍යවෙදියෝට යන්න දෙන්නේ නැද්ද?(නදී)
ලලිත්-කටාර් Sunday, 10 February 2013 02:27 PM
හරිම ආඩමිබරයි. කොහොම උනත් කොළඹ වරායට ආපු එක හොදයි. (නදී)
නෙළුම් Saturday, 09 February 2013 09:25 PM
පුදුම හිතෙනවා. බලන්න ආසයි. ටයිටැනික් වගේ.(නදී)
අමිතා Saturday, 09 February 2013 03:36 PM
අපි හැමෝම රට ගැන ආඩම්බයෙන් කථා කරන්න අවශ්‍යයි. රටේ සාමය ඇතිවෙලා ආර්ථික වශයෙන් දියුණු රටවලින් ලංකාවට එනවා කියන්නේ රටේ ජයග්‍රහනයක්.(ස)
දසන් Saturday, 09 February 2013 10:21 AM
ඇයි මේ නැව හම්බන්තොටට ආවේ නැත්තේ (ස)
බුද්ධික Saturday, 09 February 2013 01:59 AM
මේක ලොකුම නැව නෙමෙයි (ස)
ප්‍රසන්න Friday, 08 February 2013 10:37 PM
මේ වගේ නැවක සංචාරයක් යන්න මුදල් තිබුනට මදි පිනක් තියෙන්න ඕන..!(නු)
බණ්ඩාර Friday, 08 February 2013 10:29 PM
ළගදීම ක්වීන් එලිසබත් නැව හම්බන්තොටට එනවා..!(නු)
ලාල් ජකර්තා Friday, 08 February 2013 10:01 PM
ජය ශ්‍රී ලංකා..!(නු)
ෂාෆික් Wednesday, 13 February 2013 01:50 PM
හොද පුවතක්. ලස්සනයි. (නි)
කුමාර Friday, 08 February 2013 02:59 PM
මගේ රට දැන් හුගක් දියුණුයි. මේ රජයට මම ආදරෙයි.(නදී
ලාල් Thursday, 07 February 2013 02:55 PM
අපරාදේ , හම්බන්තොටට යන්නයි තිබුණේ .(ස)
රංජනී Thursday, 07 February 2013 02:10 PM
ලඟදි ඉදලා ලොකු ලොකු දේවල් හා හොඳ හොඳ දේවල් තමයි ලංකාවට එන්නේ, ලැබෙන්නේ .(ස)
සුමිත් Thursday, 07 February 2013 12:17 PM
මේ ලිපියට තොරතුරු එවපු සහ එවන අයට ස්තූතියි. (නි)
රත්නායක Thursday, 07 February 2013 11:02 AM
හම්බන්තොට වරායටත් යන්නයි තිබුණේ (ස)
චිත්‍රා Thursday, 07 February 2013 09:58 AM
මේ නැව බලන්න අපටත් යන්න දෙනවනම් ඒක තමයි අති විශිෂ්ඨ. (ස)
සේනක Thursday, 07 February 2013 07:41 AM
අනේ හරි ෂෝක්. (නි)
වල්පොල Thursday, 07 February 2013 04:58 AM
ඒක තමා අසුභ විදියටම බලන්න නරකයි.(නදී)
කුමාර Wednesday, 06 February 2013 09:51 PM
හම්බන්තොටට යන්නෙ කොහෙද! අලිය බෝට්ටුවක්වත් යන්න බැරිව. මිනිස්සුන්ගෙ සල්ලිනෙ.මේ දේශපාලන සංස්කෘතිය වෙනස්වෙන්නෙ කවදද?(නදී)
සරත් Monday, 18 February 2013 05:01 PM
බලන්න එපායැ ලස්සන (දී)
රංජිත් Wednesday, 06 March 2013 01:51 AM
අපේ දරුවන්ගේ අනාගතය සුබ වේවි. (නදී)
මේනකා Saturday, 23 February 2013 02:37 PM
හොඳයි ! (ස)
අනුලා Saturday, 23 February 2013 12:54 PM
ලංකාවේ අපිට ආඩම්බරයි... අපේ රට ගැන ආඩම්බර විය යුතුයි!! (ස)
අනුලා Saturday, 23 February 2013 12:51 PM
ලංකාවේ අපි අපේ රට ගැන ආඩම්බර වියයුතුයි. (නි)
අජිත් කරුණාරත්න Friday, 22 February 2013 07:06 PM
හරිෂ්, මටත් ඒකම හිතෙනවා. (නි)
සමීර Thursday, 21 February 2013 04:50 PM
හම්බන්තොටට ආවා නම් කොහොමද? කණක් ඇහිලා ඉන්න වෙන්නෙ නැහැ. (නි)
හේවගේ Tuesday, 19 February 2013 09:39 PM
ලංකාවට ආඩම්බරයක්! (නි)
උපුලි Tuesday, 19 February 2013 12:32 PM
ඔබ සැමට බුදු සරණයි (දී)
හරිශ් Monday, 18 February 2013 07:12 PM
ඇයි මේ මිනිස්සු මේ තරම් මෝඩ ? හම්බන්තොට කියන්නේ අපේ රටේම කොටසක්. එහි ජීවත්වන්නේ අපේම මිනිස්සු. හම්බන්තොට වරාය අපට අයිති තවත් සම්පතක් . (නි)
කීර්ති Wednesday, 06 February 2013 09:09 PM
ඇත්තෙන්ම ලංකාවට ආඩම්බරයක්.(නදී)
අරුණ Monday, 18 February 2013 04:20 PM
ලංකාවට ආඩම්බරයක් . (ස)
මානෙල් Sunday, 17 February 2013 07:53 AM
පුදුමයි මාගම්පුරයට නොගිය එක. (නි)
අචින්ත Saturday, 16 February 2013 06:38 PM
ලංකාව ආසියාවෙ ආශ්චර්යය වෙන එක නවත්වන්න බැහැ. (නි)
ප්‍රියාන් Friday, 15 February 2013 10:30 PM
ලංකාවට ආඩම්බරයක්. (නි)
දිනුක Friday, 15 February 2013 09:22 AM
ඔව්... දැන් ඉතින් ලංකාවේ හැමදේම වෙන්නේ ලෝකෙ ලොකුම ඒවනේ... ඉතින් ඕකත් අවුලක් නෑ. ඕකත් මහලොකු දෙයක් නෙමෙයි ඒක නිසා..(ස)
ලියනගේ Friday, 15 February 2013 03:43 AM
ඒ වරායේ නිර්මාතෘවරුන්ට අපේ ගෞරවය! (නි)
දුලිත Thursday, 14 February 2013 12:35 PM
ලංකාවට මොකක් හරි ආවොත් ඒක ලෝකෙ ලොකුම එක හරි, ලෝකේ හොදම ඒක,,,වෙන ඒවා ලංකාවට එන්නේ නැත්ද,, අනේ මන්ද මේවා මිනිස්සු විස්වාස කරනවනේ...(ස)
ඉෂාන් Thursday, 14 February 2013 08:37 AM
මෙයාලට පිස්සුද කොහේද? (නි)
බණ්ඩාර Wednesday, 13 February 2013 09:27 PM
ඉතාම ආඩම්බරයි! (නි)
සෙනරත් Tuesday, 05 February 2013 02:51 AM
ඒ වුනාට මේ නැවිවල වැඩ කරන අය නම් බොහොම දුක්ඛිත ජීවිත ගතකරන්නේ.(නදී)
හිල්ම් Tuesday, 05 February 2013 05:04 PM
විශිෂ්ටයි (දී)
කුසුම් Tuesday, 05 February 2013 04:08 PM
ඇයි දන්නෙ නෑ මේක හම්බන්තොටට ගියෙ නැත්තෙ...........??? (ස)
වරුණ Tuesday, 05 February 2013 01:48 PM
පුදුමයි ඕක කොළඹට ආවා කිව්වම. මමනම් හිතුවේ හම්බන්තොට වරායට ඒවි කියලා (ස)
සම්පත් Tuesday, 05 February 2013 01:23 PM
හරිම ලස්සනයි. බලන්න යන්නත් ආසාවක් ඇති වෙනවා (ස)
උදිත් Tuesday, 05 February 2013 12:35 PM
ඔවු මංජුල, ඒක ඇත්ත තමයි. (නි)
ලාලිත Tuesday, 05 February 2013 12:10 PM
ඇත්තෙන්ම ලංකාව ගැන හරිම ආඩම්බරයි. (නි)
කිවි Tuesday, 05 February 2013 07:50 AM
මේක හතරවැනි ලොකුම නැවලු. (නි)
සාලිය Tuesday, 05 February 2013 03:53 AM
කාටද ආඩම්බර (දී)
ඩයස් Tuesday, 05 February 2013 03:39 AM
පාලිත ,සාම ගිවිසුම් කාලේ මුලතිවු වලට ආවේ ආයුධ නැවු තුනද? (නි)
ටිකිරි බණ්ඩාර Tuesday, 05 February 2013 05:18 PM
හොද වෙලාවට මේක හම්බන්තොට ගියේ නැත්තෙ.. නැත්නම් උදේ ඉදලා රෑ වෙනකම්ම අහන්න වෙන්නේ මේක ගැන.. (නු)
ප්‍රියා Tuesday, 05 February 2013 02:46 AM
ලංකාවට ආවේ අළුත් නමක් දාගන්න වෙන්න ඇති.(නදී)
සිල්වා Tuesday, 05 February 2013 12:03 AM
හමිබන්තොට වරායට යන්න කාර් ගෙනත් නැහැ.(නදී)
ගාමිණී Monday, 04 February 2013 11:12 PM
හොද වෙලාවට ලස්සන මගී නැවක්. කොළඹට ආවේ. ක්වීන් මේරි 02, මෙච්චර සුඛෝපභොගී නම් ක්වීන් මේරී 01 කොහොම ලස්සනට ඇත්ද?(නදී)
නාලිකා Monday, 04 February 2013 09:35 PM
නියමයි. (නි)
මංජුල Monday, 04 February 2013 09:10 PM
මේ නෞකාව ජර්මනියෙ හැම්බර්ග් වරායට ආවම ඒක පිළිගන්න උත්සව පැවැත්වුවා. නැව වරායෙ තියනකල්ම වරාය උත්සව සිරියක් ගත්තා. මිනිස්සු දහස් ගාණක් නැව දැක ගන්න වරායට ආවා. නැව ගැන සඟරා පවා පළ කළා. මම මේවා දැන ගත්තෙ මගේ ජර්මන් ජාතික මිතුරෙකුගෙන්. ඔහු ලංකාවට එද්දි මට ඒ සඟරාවක් අරන් ආවා. මේ නැව ඔවුන්ගේ වරායට පැමිණීම ගැන ඔහු කතා කළේ ඔවුන් ලබපු ලොකුම ගෞරවයක් විදියට. ඉතින් මේ නැව ලංකාවට ආපු ඒකේ වටිනාකම මට හොඳට දැනෙනවා. (නි)
පාලිත Monday, 04 February 2013 07:52 PM
එතකොට 1980 ගනන් වල ආව කියපු නැව ගැන කව්රුහරි දන්නවා නම් කියන්න බලන්න.(නදී)
බෙනට් Monday, 04 February 2013 06:06 PM
මේ ලොව ලොකුම සුකෝපබෝගී මගී නැව නෙමෙයිනේ.(නදී)
අශෝක Monday, 04 February 2013 05:14 PM
හම්බන්තොටටත් ගියා නම් නේද හොද? (නදී)
ඇන්ටන් Monday, 04 February 2013 04:54 PM
ඔය දාලා තියෙන පින්තූ ලංකාවේ ගත්ත ඒවා නෙමෙයි නේද?(නදී)
පවන් Wednesday, 06 February 2013 09:43 AM
ඔඒසිස් ඔප් ද සීස් කෘයිස් නේද ලෝකෙ ලොකුම නැව.(නදී)
ගයාන් Wednesday, 06 February 2013 09:09 PM
ලස්සන නැවක්.(නදී)
කීර්ති Wednesday, 06 February 2013 09:07 PM
ඇත්තෙන්ම ලංකාවට ආඩම්බරයක්.(නදී)
කීර්ති Wednesday, 06 February 2013 09:06 PM
ඇත්තෙන්ම ලංකාවට ආඩම්බරයක්.(නදී)
අරුණ Wednesday, 06 February 2013 05:58 PM
කෙනත්, ලක්මාල්, අර්ජුන, මේ තොරතුරු වලට ස්තූතියි. (නි)
ජෙරාඩ් Wednesday, 06 February 2013 03:41 PM
මේ නැව එක කාලයකට හලිපැක්ස් වරායට එනවා. ගිය අවුරුද්දෙත් ආවා. අපේ ගෙදර තියෙන්නේ මේ වරාය ලග නිසා නිතර දකිනවා. අපේ ගෙදර ඉස්සරහින් තමයි නැව හරවලා යන්නේ. හරිම ලස්සනයි. මගේ ගාව තියෙනවා ගෙදර ඉදන් ගත්ත නැවේ පින්තූර.(නදී)
අනුර Wednesday, 06 February 2013 02:05 PM
අපේ මිනිස්සු හැමදේම දිහා අසුභ විදියටමනේ බලන්නේ. (නි)
දනුෂ්ක Wednesday, 06 February 2013 12:01 PM
මෙතනදී පක්ෂ භේදයෙන් බලන්න හොද නැහැ. ඔය වගේ සංචාරක නැවක් ආවා කියන්නේ අපේ රටට ගෞරවයක්.(නදී)
සන්ජීව-කුවෙට් Wednesday, 06 February 2013 11:48 AM
අජිත්, ඔයා හැමදේම බල්න්නේ ඇදයටද?(නදී)
පවන් Wednesday, 06 February 2013 09:57 AM
ඔඒසිස් ඹප් ද සීස් කෘයිස් නැව.(නදී)
අනුර Monday, 04 February 2013 04:00 PM
හරිම ලස්සනයි. නියමයි.(නදී)
අජිත් Wednesday, 06 February 2013 08:18 AM
හම්බන්තොටට එන්නේ කාර් නැව් (ස)
ලක්මාල් Wednesday, 06 February 2013 05:04 AM
මේක ලෝකයේ හත් වැනියට ලොකුම නැව. දිග මීටර් 340යි. පළල මීටර් 45යි . 'මුහුදු ආකර්ෂණය' (MS Allure of the Seas)හා 'මුහුදු ක්ෂේමභූමිය' (MS Oasis of The Seas) තමා ලොකුම මගී නෞකා(දිග මීටර් 362යි පළල මීටර් 65යි ). මේරි(RMS Queen Mary 2) හැම අවුරුද්දෙම එනවා ඕස්ට්‍රේලියාවට. සමහරවිට දෙතුන් දොහක්. මෙයාගේ අක්කා(RMS Queen Mary) 1930 ගනන්වල හදපු මීටර් 310ක් දිග නැවක්. එයාව හදලා තියෙන්නේ එංග්ලන්තයේ පස්වැනි ජෝජ් රජ්ජුරුවන්ගේ බිරිඳ මේරි රැජිණගේ අනුග්‍රහයෙන්. (නි)
විමලසිරි Wednesday, 06 February 2013 02:56 AM
මේකෙ ප්‍රතිචාර ලියපු අය හුඟක් අසුභවාදී විදියටනෙ බලන්න පුරුදු වෙලා තියෙන්නේ. ලෝකෙ පිළිගත් ලොකුම නැවක් ලංකාවට ආව කියන එක කොච්චර සතුටු වෙන්න ඕනෑ දෙයක්ද? දකුණු ආසියාවෙන්ම ලංකාව ඇතුළු තවත් රටකට විතරයි ඒක ගිහින් තියෙන්නෙ. (නි)
කෙනත්-ඇමරිකාව Wednesday, 06 February 2013 01:41 AM
කවීන් මේරි 1 නැව (1936-1967) ඉතා විසල මගී නෞකාවක්. දැනට එය සේවයෙන් ඉවත් කොට ඇමෙරිකාවේ ලොස් අන්ජෙලෙස් නුවර , ලෝන්ග් බීච් හි 1967 සිට කෞතුක වස්තුවක් ලෙස නැංගුරම් දා ඇත. නමුත් තවම එය සංචාරකයන ඇදගනිමින් සහ හෝටලයක් ලෙස පවත්වාගෙන යයි. ඕනෑම කෙනෙකුට එහි ඇතුලට ගොස් එන්ජින් සහිත මුහුදු මටටමින් පහල විශාල කොටස් වලටද යන්න පුළුවන්. මමද මෙය තුලට කිහිපවිටක් ගොස් ඇත. කවීන් මේරි 1 දෙවන ලෝක යුධ සමයේ ඇමෙරිකාව හා බ්‍රිතාන්‍ය අතර සොල්දාදුවන් ප්‍රවාහනයට යොදාගෙන ඇත. එහි ආරක්ෂාවට බ්‍රිතාන්‍ය ඩිස්ට්රෝයල් නෞකා 2ක් නිතරම දෙපසින් ගොස් ඇත. නමුත් ජර්මානු සබ්මැරින් ප්‍රහාර මගහැරීමට 'සිග් සැග්' ක්‍රමයට නෞකා හැසිරවීමේදී මෙම එක ඩිස්ට්රෝයල් නැවක් ඉතා දරුනු ගැටීමක් ඇති වී තිබේ. ඩිස්ට්රෝයල් නැව හරි මැදින් දෙකට වෙන් විය, නාවික සෙබළුන් 300 ක් පමණ අත්ලාන්තික් සයුර මැද මරණය වැලදගත්හ. ගිලෙන නැවේ සෙබළුන් බේරා ගැනීමට කුවීන් මේරි 1 නතර නොවීය, මන්ද ඒ ප්‍රමාදය ජර්මානු සබ්මැරීන් ප්‍රහාරයකට ගොදුරක් වී තවත් සෙබළුන් 16,000 ක් පමණ අනතුරේ වැටීමේ අවදානම නිසාය. කුවීන් මේරි නැවේ එන්ජින් කාමරය මෙමගින් දරුනු ලෙස හානි විය , මිනිසුන් ගණනක් මියගියහ. අදද මේ අයගේ හොල්මන් අවතාර මේ නැවේ අදුරු කොටස් වල සැරිසරන බව ඉතා ජනප්‍රිය දෙයක්. මේ සදහා අද නව තුල "හොල්මන් බැලීමේ සංචාර" පවා දෙනවා, එයනම් ඇත්තටම බයහිතෙනවා.(නදී)
වරුණ Wednesday, 06 February 2013 01:16 AM
කොළඹ මේ කට්ටියට මොනවද බලන්න තියෙන්නේ? (නි)
ෂෙරිෆ් Tuesday, 05 February 2013 11:17 PM
අනේ අපිවත් එක්ක යන්නකෝ. (ත)
ගැමුණු Tuesday, 05 February 2013 09:44 PM
මම මේක වරාය ලඟදි දැක්කම හිතුවේ බිල්ඩිමක් කියල, දැන් තමයි හොඳට දැක්කේ. ඇත්තටම හරිම විශාලයි.(නදී)
නිශාන්ත Tuesday, 05 February 2013 09:18 PM
ලංකාවට වැරදිලා ඇවිල්ලද කොහෙද? ඉක්මණට ගියොත් හොදයි. නැත්නම් පොඩි එවුන්ට අසා හිතුනොත්??? (නි)
සජීව-මාලදිවයින Tuesday, 05 February 2013 08:18 PM
ලස්සනයි රටට ආඩම්බරයක්.(නදී)