(ටී.කේ.ජී.කපිල )
එමිරේට්ස් ගුවන් සමාගම ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් අද(14) සවස 4.30 ට පමණ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළට එවා තිබිණි.
කොළඹ සිට ගුවන්ගමන් කටයුතු සිදුකිරීම සඳහා කටුනායක ගුවන්පථයට එම යානය ගොඩබස්සවා පරීක්ෂා කිරීම සඳහා යානය එහි පැමිණ තිබූ අතර මෙම යානයේ බඳ තට්ටු දෙකකින් සමන්විතය.
ප්‍රංශයේ නිෂ්පාදිත A -380 වර්ගයට අයත් එකක් වන අතර , එහි මගීන් 540 කට එකවර ගමන් කළ හැකිය . දැනට මෙම සමාගම සතුව මෙවැනි ගුවන් යානා 96 ක් ඇති අතර , තවත් යානා 48 ක් මිලදී ගැනීම සදහා ඇනවුම් කර ඇති බව කියති.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ලොව ලොකුම මගී ගුවන්යානයක් කටුනායකට
Ruwani Monday, 14 August 2017 04:41 PM
නරකද මෙවැනි දෙක තුනක් අරගෙන යුරෝපීය දියුණු රටවල ගමනාන්තයට සේවයේ යෙදුවොත් .
Rex DubaiMonday, 14 August 2017 05:40 PM
ශ්‍රීලන්කන් ආයතනයෙන් පළිගත්තේ නැත්නම් මේ සමාගමෙන් ලංකාවට වැඩි වාසි ගන්න තිබුණා. කෝටි ගණන් පාඩු ලබා මහා භාණ්ඩාගාරයට බරක් නොවී.
uddikaTuesday, 15 August 2017 02:33 AM
එමිරේට්ස් කලේ එයාලට නැති අපට තිබෙන ගුවන් මාර්ග වල ගුවන් යානා ධාවන කරපු එක නේද ? අපට වාසියක් තිබ්බේ නැහැනේ. අපේ කට්ටියට ඔය ආයතන විකුනන්න ඕන නැහැ නිවැරදි දැක්මක් නැහැ එකයි ගැටලුව. ටයි පටිය බෙල්ලට හිර කරගෙන උඩ බලන් ඉන්නවා. රාජ්‍ය ආයතන බොහොමයක් ඔහොම තමා. හැබැයි කරන එක දෙය තම වෙලාවට වැඩට එන එකයි යන එකයි. එකත් 3 ඉදන් ලෑස්තිය
මම1Wednesday, 16 August 2017 11:50 AM
එමිරේට්ස් කළමණාකරණය කාලේ බිලියන ගාණක ලාභයක් ශ්‍රී ලංකන් එක ලැබුව කියලා දන්නේ නැත්ද? මගීන් ඉවත්කරල පවුලේ කට්ටියටයි, ගැත්තන්ටයි සීට් 40 ක් දුන්නේ නැහැ කියලා තමයි දැන් බිලියන 18 ක්ද කොහෙද වෙන පාඩුව කලේ.... අනික 3000 ක් ඉන්න ඕන තැනට නිල් බලකායේ 7000 ක් දාලා. වසරක පඩි වලටම බිලියන 6 ක් විතර යනවා.
ජයරත්න Monday, 14 August 2017 11:11 PM
මෙම යානයේ ප්‍රධාන නියමුවා ශ්‍රී ලාංකිකයෙක්. ඒක රටට ගෞරවයක්
husen-riyad Tuesday, 15 August 2017 06:22 AM
රියාද්වලින් හැමදාම ලංකාවට ශ්‍රී ලන්කන් ෆ්ලයිට්ස් තියෙනවා වගේම හැමදාමත් ෆුල්. ඒ වුනාට පාඩු පිටයි දුවන්නේ කියල හැමදාම වගේ මාධ්‍යත් වාර්තා කරනවා. වැරැද්ද තියෙන්නේ කළමනාකාරිත්වයේ මිසක් වෙන කොහෙවත් නෙමෙයි. යහපාලනයටත් දැන් අවුරුදු දෙකහමාරක්. ඔවුනුත් ප්‍රදර්ශනය කරන්නෙත් ඔවුන්ගේත් නොහැකියාවද .? නැතිනම්, හිටු කියල මුනුත් ගහනවද..? දැන් දැන් යහපාලනේ කියන වචනෙටත් ආණ්ඩුව කැළලක් වෙලයි ඉන්නේ.
aseWednesday, 16 August 2017 08:04 AM
ප්‍රශ්නය එක නොවෙයි. ශ්‍රී ලන්කන් වල වුවමනාවට වැඩ... විශාල සේවක සංඛ්‍යාවක් බඳවාගෙන තියෙනවා. එ්කෙන් ලැබෙන අදායමට වඩා වියදම් කරපු අය දන්නවනේ....
aravinda Tuesday, 15 August 2017 08:50 AM
මෑත කාලයේදී කරනලද ගුවන් පථය අලුත්වැඩියා කිරීමෙන් පසු, මෙවැනි ගුවන් යානා ගොඩබැසිය නොහැකි බවට ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශන නිකුත් කරා නේද?
මම1Wednesday, 16 August 2017 11:47 AM
ඒ ගොල්ලො කිව්වේ ඒවා පාර්ලිමේන්තුවට ගොඩ බස්සන්න බැහැ කියලලු.
janatha anura Tuesday, 15 August 2017 10:53 AM
රුවනිගේ මොලේ, සිත ඇමෙරිකාවේ ඉන්නේ අපි ලංකාවේ එදාවේල තමා ප්‍රශ්නේ නැතිනම් අරන් දාන්න තිබුන
dambane API Tuesday, 15 August 2017 10:55 AM
අනුන්ගේ ගුවන් යානා සේදීම් ගිනි නිවන අංශයේ කාරියක් නොවේ.. හුරේ සබන් අපෙන්
මම1Wednesday, 16 August 2017 11:56 AM
නොදැනුවත්කම නිසා දාපු කමෙන්ට් එකක්. ඕකට කියන්නේ වෝටර් සලූට් කියලා. ගුවන් සේවයක් හෝ ගුවන් යානා වර්ගයක් අළුතින් ගුවන් තොටුපලකට එන විට, එහෙම නැත්නම් ගුවන් සේවයක් ගුවන් තොටුපලකින් ඉවත්වී යන අවසාන ෆ්ලයිට් එකට, එහෙම නැත්නම් කැප්ටන්වරයෙකු විශ්‍රාම ගන්නා අවසාන ෆ්ලයිට් එකට මෙය කරනවා. මේ සඳහා ගිණි නිවීමේ කටයුතු වලට හානියක් නොවන පරිදි ගිණි නිවීමේ රථ ඉරට්ටේ ගණනක් සහභාගී වෙනවා. මීට කලින් ඒ380 ඇවිත් තිබුණත් මෙය තමයි කොලඹටම ආපු පළමුවෙනි එක.
sanjeewa Wednesday, 16 August 2017 09:26 AM
ගොඩයට මැජික් වගේ. මේවා අනිත් ගුවන් තොටුපළවල් වල සාමාන්‍ය අහස්යානා.
PRIYANTHA Wednesday, 16 August 2017 03:36 PM
අපිට අනුන්ගේ යනා වලට වතුර විද විද තමයි ඉන්න වෙන්නේ .
larry Thursday, 17 August 2017 02:15 AM
ලංකාවට මම ආවේ මෙම යානයෙන් ඇමතිවරු කීපයක් මාව පිළිගන්ඩ අවා
Sampath Thursday, 17 August 2017 10:57 AM
මේවා සාමාන්‍ය දේවල්නේ...
rocky Friday, 18 August 2017 04:24 AM
ඔයිට වඩා ලොකු අහස් යානා අපේ රාවනා රජතුමා නිෂ්පාදනේ කෙරුව ලු !මේ මිනිස්සු ඔය තාක්ශනේ ඉගෙනගෙන තියෙන්නේ හොරෙන් අරන් ගිය අපේ පුස්කොල පොත්වලින්!
AsankaFriday, 18 August 2017 08:55 AM
මම මේ කතාව අන්තර්ජාලේ තැන් ගණනාවක දැක්කා. හිනා ගිහින් බඩත් රිදෙනවා...