ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන IIHS (iihsciences.edu.lk) ආයතනය එංගලන්තයේ සෞඛ්‍ය සේවා සපයන ප්‍රධානම ආයතනයක් වන NHS East of England සමඟ ඓතිහාසික ගිවිසුමකට එළැඹිණි. IIHS ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා සහ James Paget University Hospital හෙද අධ්‍යක්ෂ පෝල් මොරිස් යන මහත්වරු මෙම ගිවිසුමට අත්සන් තැබූහ.
මෙම අවස්ථාවට NHS East of Englandහි අධ්‍යක්ෂවරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් ලෙස Paul Morris, Neil Fisher, Emms Wakelin, Dayani Baiai යන මහත්ම මහත්මීන් ඇතුළු 15කින් යුත් කණ්ඩායමක් සහභාගි වූහ. මෙම ගිවිසුමට අනුව IIHS ආයතනය වාර්ෂිකව පුහුණු හෙද හෙදියන් 500ක් එංගලන්තයේ සේවය සඳහා යැවීමට නියමිතය. වාර්ෂිකව එංගලන්තයේ සෞඛ්‍ය සේවා සඳහා හෙද හෙදියන් 50000ක් අවශ්‍ය වේ.
NHS ආයතනය පිරිනමන මෙම රැකියා ලබා ගැනීමට IIHS ආයතනය හෙද හෙදියන් සඳහා සය මාසික විශේෂ පුහුණු පාඨමාලාවක් පවත්වයි. පාඨමාලාව සඳහා බැංකු ණය පහසුකම් ලබා ගැනීමට ද IIHS ආයතනය සහාය දක්වයි. ශ්‍රී ලංකා රජයේ පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමේ සංකල්පයට අනුකූලව මෙම ව්‍යාපෘතිය හඳුන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ ලියාපදිංචි හෙද හෙදියන්ට මෙම සය මාසික පාඨමාලාව සඳහා ඉල්ලුම් කළ හැකිය.
එංගලන්තයට යන හෙද හෙදියන්ට සිය සැමියා හෝ බිරිඳ නීත්‍යනුකූලව එරටට ගෙන්වා ගත හැකි අතර ඔහුට හෝ ඇයට පූර්ණ වශයෙන් රැකියාවක් ද කළ හැකිය. එසේ යන සැමියා හෝ බිරිඳ සෞඛ්‍ය සේවා සහකාර ලෙස පුහුණු කිරීමට ද IIHS ආයතනය ක්‍රියා කරයි. මේ අවස්ථාව ලැබුණේ NHS ආයතනය අප කෙරෙහි තැබූ අඛණ්ඩ විශ්වාසය නිසයි. අපගේ අධ්‍යාපන ක්‍රියාදාමයේ ඇති විනිවිදභාවය අපව තෝරා ගැනීමට ප්‍රධාන හේතුවක්.” IIHS ප්‍රධාන විධායක නිලධාරී කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය.
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
වාර්ෂිකව හෙද රැකියා 500ක් සැපයීමට IIHS හා NHS East of England ගිවිසුමකට