X Advertisement
IMG-LOGO

2025 මැයි මස 18 වන ඉරිදා


විද්‍යුත් ගනුදෙනුවලදී ලංකාව ඉදිරියෙන්

(හර්ෂණ තුෂාර සිල්වා)

විද්‍යුත් ගනුදෙනුවලදී ශ්‍රී ලංකාව ශීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගනිමින් සිටින බව වීසා කාඩ් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා අද (22) කොළඹදී පැවැසීය.  
 
මේ වසර අවසානය වනවිට විද්‍යුත් කාඩ්පත්වලින් කරන ලද ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 300 ඉක්මවා යනු ඇතැයි ද හෙතෙම කීවේය. වීසා කාඩ්පත් භාවිතය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැති වැඩසටහනක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා එම කරුණු කීය.
 
 
“අද වනවිට රටපුරා භාවිත වන හර හා ණයපත් සංඛ්‍යාව මිලියන 19.5ක්. ඒ වගේම ගෙවීම් කිරීමේදී භාවිත කරන යන්ත්‍ර 44 832ක් රට පුරා තිබෙනවා. එම යන්ත්‍ර සහ ස්වයංක්‍රීය ටේලර් යන්ත්‍රවලින් කරන ලද ගනුදෙනු ඉවත් කළ විට හර හා ණයපත් භාවිතයෙන් පසුගිය වසරේදී කළ ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 290ක්.මෙම දත්ත මහ බැංකු වාර්ෂික වාර්තාවෙන් ලබාගත හැකියි. 
 
 
මේ අනුව ශ්‍රී ලංකාවේ මුදල් භාවිතයෙන් තොර ගනුදෙනුවල ඉහළ යෑමක් පෙන්නුම් කර තිබෙනවා. මේ වසරේදී කාඩ්පත්වලින් කරන ලද ගෙවීම් රුපියල් බිලියන 300 ඉක්මවා යනු ඇතැයි අපට විශ්වාසයි” යැයි ඇන්තනි වොට්සන් මහතා කීවේය. එය ආර්ථික සංවර්ධනයේ ප්‍රධාන ධාවකයක් යැයි ද හෙතෙම තවදුරටත් පෙන්වා දුන්නේය. 
 
 
මුදල්වලින් තොර ආර්ථිකයක් කරා ගමන් කිරීමේදීත් විද්‍යුත් වාණිජ්‍ය පුළුල් කිරීමේදීත් සංචාරක හා ඇඟළුම් යන ක්ෂේත්‍ර කාඩ්පත් භාවිතයෙන් කෙරෙන ගනුදෙනු අවස්ථා වැඩි කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ද වීසා කාඩ්පත් සමාගමේ ශ්‍රී ලංකාවේ කළමනාකරු ඇන්තනි වොට්සන් මහතා වැඩිදුරටත් කීවේය. 
 
වීසා කාඩ්පත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දියත් කළ වැඩසටහනට අමතරව වීසා සමාගම සමාජ සත්කාර වැඩසටහන් ද දියත් කිරීමට කටයුතු කර තිබිණි. එම වැඩසටහන යටතේ විදේශිකයන් 52 කුගේ සහභාගිත්වයෙන් ත්‍රී රෝද රථ 26කින් දිස්ත්‍රික්ක රැසක් ආවරණය කරමින් කිලෝමීටර 1168 ක දුරක් ආවරණය කළ බව ද එම සමාගම සඳහන් කරයි.  
 
ඡායාරූපය රොයිටර්
 



අදහස් (11)

විද්‍යුත් ගනුදෙනුවලදී ලංකාව ඉදිරියෙන්

darshana Thursday, 23 November 2017 07:34 AM

රටේම ඉන්නේ මිලියන 20 පමණ. භාගෙකට වඩා කට්ටිටියට හරි හමන් අදායමක්වත් නැ, නමුත් ක්‍රෙඩිට් කාඩ් තියෙන අය මිලියන 19.5 ක් ඉන්නවලු. ගනුදෙනුවල වටිනාකම රුපියල් බිලියන 300 ක්. මේ ලංකාවේද කියල මට පොඩි සැකයක් තියෙනවා .

:       5       2

pubuduThursday, 23 November 2017 10:18 AM

අද වනවිට රටපුරා භාවිතා වන හර හා ණයපත් සංඛ්‍යාව මිලියන 19.5ක්.

:       0       1

RaveendraThursday, 23 November 2017 01:24 PM

darshana මයා වෙත ඔබගේ අදහස් සමග අපද එකග වන්නෙමු.

:       0       1

රසිකThursday, 23 November 2017 02:15 PM

සමහරවිට වෙන්න පුළුවන්,ඒක හරියට ලංකාවෙ ජනගහනයට වඩා ජංගම දුරකථන සිම් පාවිච්චි වෙනවා වගේ. එක්කෙනාට බැංකු ගිණුම් කිහිපයක්ම තියෙන අය කොච්චර ඉන්නවද.

:       0       62

BamunuarachchiFriday, 24 November 2017 12:01 AM

එහෙම කියන්න එපා මහත්තයෝ සිල්වර් කාඩ් ගෝල්ඩ් කාඩ් ප්ලැටිනම් කාඩ් කියා කියා එක්කෙනාට කාඩ් කීපයක් තිබෙනවා. කටාර් වලදී මගේ ගිණුම තිබුන බැංකුව අපිට ක්‍රෙඩිට් කාඩ් සෙල්ලම පුරුදු කරන්න මම රාජ කාරී කල ඔෆිස් එකට පැමිණ නොමිලේ කාඩ් දුන්න නමුත් මම අවුරුද්දක් කාඩ් එක ළඟ තියාගෙන ඉඳල ආපසු බැංකුවට බාර දුන්න. පුළුවන් තරම් ATM කාර්ඩ් එකෙන් වැඩේ කර ගන්න බලනවා.

:       0       3

himalFriday, 24 November 2017 07:37 AM

සරලයි. එක් පුද්ගලයෙකුට කාඩ්පත් කිහිපයක් තියෙන්න පුළුවන්.

:       0       30

perera Thursday, 23 November 2017 05:57 PM

රට යන්නෙත් ණයට, රටේ මිනිස්සු යන්නෙත් ණයට, රටේ ආර්ථිකේ වලපල්ලට.

:       2       3

රජුන් Friday, 24 November 2017 06:13 PM

ක්‍රෙඩිට් කාඩ් ක්‍රමයෙන් මුදල්වලට ඇති ගරුත්වය සහ මුදල්වල අගය හෑල්ලුවට ලක් වෙනවා. විශේෂයෙන්ම කාඩ් භාවිතා කරමින් ද්‍රව්‍ය සහ සේවාවන් මිළදී ගැනීමේදී. එමගින් තමාට දැරිය හැකි ප්‍රමාණයට වඩා වියදම් කිරීමට පෙලඹෙනවා. කාඩ් නිකුත් කරන්නන් මෙම තත්වයට පැමිණීමට ජනතාව උසි ගන්වනවා වෙළඳ දැන්වීම් ආදී ප්‍රචාරක වැඩ සටහන් මගින්. ඔවුන්ට වාසි ලැබෙන්නේ ජනතාව වැඩි වැඩියෙන් කාඩ් භාවිතයට නැඹුරු වූ තරමටයි. එමනිසා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කිරීම ඉතාම පාලනයකින් යුතුව කළ යුතු දෙයක්.

:       0       46

BamunuarachchiSaturday, 25 November 2017 01:20 AM

ඕක තේරුම් ගන්න බැරි නරුමයෝ කොපමණ ඉන්න වාද?

:       1       13

Pushpa Friday, 24 November 2017 10:23 PM

රාජුන් කියනඑක හරියටම හරි. රාජුන් මගේ විශ්ව විද්‍යාල මිත්‍රයෙක්. මේ ක්‍රෙඩිට් කාඩ් ක්‍රමය නිසා සිය දිවි නසා ගැනීම් පවා වාර්තාවෙලා තියෙනවා. පවුල් කඩා කප්පල් වීම් අනන්තයි. ක්‍රෙඩිට් කාඩ් වලින් වියදම් කරන විට තමාට දැරිය හැකි ප්‍රමාණය ගැන ඇති දැණුම හීන වෙනවා. සමහර රටවල ක්‍රෙඩිට් කාඩ් ප්‍රචාරක කටයුතු ආදිය තද නීති මගින් පාලනය කර තිබෙනවා. සමහර රටවල ක්‍රෙඩිට් කාඩ් භාවිතා කර ඔට්ටු ඇල්ලීම්, සූදුව ආදිය තහනම්. මේ ණය පත් පාවිච්චි කරන විට ඉතාම පරිස්සම් විය යුතුයි. මේ විෂය ගැන පොත් පත්, විමර්ශන ලිපි ආදිය කොතෙකුත් පල වී තියෙනවා. අතට ඔබ ඉතා කල්පනාවෙන් පාවිච්චි කරනවා නම් ක්‍රෙඩිට් කාඩ් ඔබේ ඉතා කීකරු මිත්‍රයෙක් කර ගත හැකියී.

:       0       78

Deepal Nirosh Sunday, 26 November 2017 09:16 AM

මේ සංඛ්‍යාලේඛනවලින් හෙළිවන සත්‍යය අප රටේ ණය කාඩ්පත් භාවිතය ඉහළ ගොස් ඇති බවයි. ඒ ප්‍රවණතාව රටට ආර්ථික වශයෙන් හිතකර නැහැ. මොකද අතැති මුදල් නොමැතිව මිනිසුන් භාණ්ඩ මිලදී ගැනීමට හුරුපුරුදු වීම රටේ උද්ධමනය ඉහළ යාම, දරිද්‍ර‍තා පීඩනය වැඩිවීම වගේ ගැටළු රැසකට මඟ පෙන්වනවා. රටක් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න නම් සිදුවිය යුත්තේ මුදල් භාවිතය ඉහළ ගොස් ණය කාඩ්පත් භාවිතය අවම වීමයි. ණය කාඩ්පත් භාවිතය තුළ ඇත්තේ තාවකාලික පහසුවක් පමණයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site