Huawei විසින් විවිධ වූ ස්මාර්ට් උපාංග හඳුන්වා දෙමින් පරිශීලකයාට කාර්යක්ෂම Smart දිවියක් ලබාදීමට අවස්ථාව හිමිකර දෙමින් තිබේ. Huawei Watch GT 2 Pro යනු මෙම ස්මාර්ට් උපාංග අතර කැපී පෙනෙන ස්මාර්ට් වොච් එකක් වන අතර අසමසම විශේෂාංග රැසකින් එන මෙම ස්මාර්ට් වොච් එක බොහෝ දෙනාගේ පළමු තේරීම බවට පත්ව ඇතැයි එම සමාගම සඳහන් කරයි.
සම්ප්‍රදායික ඔරලෝසුවක් භාවිතා කරන බොහෝ දෙනා Huawei Watch GT 2 Pro වෙත යොමු වෙමින් තිබෙන අතර මෙහි පවතිනා විශේෂාංග වැඩිදෙනාගේ කතාබහට ලක්ව ඇත. මනා නිමාව, විවිධ හැඩයෙන් යුතු watch faces, නින්ද, හෘද ස්පන්දන වේගය, රුධිර පීඩනය අධීක්ෂණය වැනි ස්මාර්ට් විශේෂාංග දහස් ගණන් පරිශීලකයන් මේ වෙත ආකර්ෂණය කර ගැනීම සදහා දායක වී ඇත.
Huawei Watch GT 2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි බල බොත්තමක් (power button) සහ ක්‍රියාකාරී බොත්තමක් (Function button) ඇත. එහි ප්‍රධාන රාමුව ටයිටේනියම් වන අතර එහි මුහුණත sapphire crystalවලින් සාදා ඇති අතර, එම නිසා ඉතා සුන්දර නිමාවක් මෙයට ලැබී ඇත. මෙම ස්මාර්ට් වොච් එක ඉතා සැහැල්ලු වන අතර එහි බර ග්‍රෑම් 52 (පටි රහිතව) වේ. Huawei Watch GT 2 Pro පැළඳීම ඉතා පහසු වන අතර ජලයට ඔරොත්තු දීමේ හැකියාවද පවතී.
Huawei Watch GT 2 Pro විසින් fitness technology හි වෙනසක් සිදු කරයි. කඳු නැගීමේ මාදිලිය, එළිමහන් ධාවනය, ඔරු පැදීම, සර්ෆින් සහ ටෙනිස් වැනි ක්‍රියාකාරකම්ද “ව්‍යායාම ක්‍රම” 100 කට අධික සංඛ්‍යාවක්ද මෙහි අන්තර්ගතය. Huawei Watch GT 2 Pro ස්මාර්ට් වොච් එක මගින් හෘද ස්පන්දන වේගය, සාමාන්‍ය වේගය, උපරිම බෑවුම, හිම මත ලිස්සා යාම සදහා විශේෂ වූ වැඩසටහන් ලබාදෙන අතර AI පද්ධතියක් මගින් එම දත්ත විශ්ලේෂණය කරමින් වඩා නිරවද්‍ය වූ වර්ධන ක්‍රමෝපාය යෝජනා කරයි.
AI ඇල්ගොරිදම සමග බල ගැන්වෙන මෙම ස්මාර්ට් ඔරලෝසුව රුධිර ඔක්සිජන් සන්තෘප්තිය (SpO2) හෝ හෘද ස්පන්දන වේගය පැය 24 ක් නිවැරදිව මනින අතර බලශක්ති පරිභෝජනය ඵලදායී ලෙස අඩු කරයි. Huawei TruRelax තාක්‍ෂණයේ සහාය ඇතිව එහි ආතතිය අධීක්‍ෂණය කිරීමේ අංගය අධික වැඩ බරක් ඇති පරිශීලකයින්ට ආතතිය පාලනය කිරීම සඳහා වඩාත් සුදුසු වන අතර එය ආතති මට්ටම් මුදා හැරීම සඳහා හුස්ම පුහුණුව වැනි යෝජනා සපයයි.
Huawei Watch GT 2 Pro අතේ ඇති හෙයින්, පරිශීලකයින්ට ව්‍යායාම හා ක්‍රීඩා වල යෙදෙන අතරතුර දුරකථනය නොමැති වුවද ඇමතුම් ලබාගැනීමේ හැකියාව ලබාදේ. එහි 4GB Memory සමගින්, ගීත 500 ක් දක්වා ගබඩා කිරීමේ හැකියාව ඇති අතර එමගින් පරිශීලකයින්ට දුරකථනය නොමැතිව සංගීතයට සවන්දිය හැකි අතර ඔවුන්ට ඇමතුම් ලැබීමට, ප්‍රතික්ෂේප කිරීමට හෝ නිශ්ශබ්ද කිරීමට දුරකථනයේ බ්ලූටූත් සම්බන්ධතාව උපකාරි වේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විශේෂාංග රැසකින් යුතු Huawei Watch GT 2 Pro