ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් විස්සයි- විස්ස කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන කණ්ඩායම් හතේ අයිතිය වෙනුවෙන් ඉදිරිපත් වී ඇති ලංසුවල වටිනාකම ඩොලර් තුන්කෝටිය (රුපියල් කෝටි 375ක්) ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය පවසයි. එක් කණ්ඩායමක් ඩොලර් හාර කෝටි තිස් ලක්‍ෂයකට ආසන්න රුපියල් කෝටි 537.5කට අලෙවී ඇත. කී‍්‍රකයන් දහඅට දෙනෙකු ක් කණ්ඩායමකට ඇතුළත් වන අතර එයින් හය දෙනෙක් විදේශීය කී‍්‍රඩකයෝය. ශ්‍රී ලංකාව පකිස්ථානය, ඉන්දියාව, නවසීලනත්ය, ඕස්ටේ‍්‍රලියාව, දකුනු අපි‍්‍රකාව හා බටහිර ඉන්දිය කොදෙව් දූපත් යට රටවලින් බදවා ගැනීමට නියමිතය. අගෝස්තු දහවැනිදා සිට දින විසි එකක් පුරා කොළඹ හා මහනුවරදී පැවැත්වෙන මෙම තරගාවලියේ අරමුණ කි‍්‍රකට් පමණක් නොව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය හා ආයෝජන අවස්ථා විදෙස් රටවල් අතර පිළිගැනීමකට ලක් කිරීම බව ශ්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය කියයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
විස්සයි විස්ස වෙන්දේසියේ සරුයි.
සුසන්ත Friday, 29 June 2012 12:18 PM
මෙම තරඟය හොඳයි..නමුත් මේ හරිහා සිදුවිය හැකි නීති විරොධී වැඩ නතර කල යුතුයි.....
ශානක Thursday, 19 July 2012 11:47 AM
ලොක්කෝ ටික දැන් නියමෙට ගහ ගනී. අනේ ලංකාවට ගිය කලක්. මෙච්චරයි අඩුවට තිබුණේ.
ප්‍රසාද් Friday, 13 July 2012 10:29 AM
අපිට අපේ බලාපොරොත්තු කරා ළගා වෙන්න පුලුවන් වේවි
ඒ යු Saturday, 07 July 2012 12:51 PM
මේවගෙ ලොකු ලොකු කුට්ටි ලොකු ලොකු හොරැන්ට කන්න පුලුවන් වෙයි.
සම්පත් Friday, 06 July 2012 11:46 AM
විදුලිබල ඇමතිතුමෝ, මේකට විදුලිය දෙන්නෙත් අපිට දෙන ගාණටමද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න
දුලාර Thursday, 05 July 2012 02:25 PM
අපේ තරැණ නවක ක්‍රීඩකයින්ට හොද අවස්‍තාවක්.. 2012 20/20 ලෝක කුසලාන සංචිතයට දක්ෂයන් තෝරගන්න පුළුවං වෙයි..!!
ඒකනායක Tuesday, 03 July 2012 11:36 AM
ලංකාවේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් හොද වැඩක් මේක
සමන් Saturday, 30 June 2012 11:11 PM
කේ අපේ බලශක්ති ඇමතිලා..රාත්‍රී ක්‍රීඩාවලට විදුලිය දීල මිනිසුන්ට කියනවා ලයිට් නිවන්න කියලා...
අප්පුහාමි Saturday, 30 June 2012 03:51 PM
අනේ ඒකත් අර ගිවිසුම වගේ වෙයිද ??
ප්‍රභාත් Saturday, 30 June 2012 03:13 PM
නමේ ඉදන්ම කොපියක් නේ.නමවත් වෙනස්කරානම්.....
නීල් Saturday, 30 June 2012 01:49 PM
නියමයි ..හොඳට කරමු
සිසිර Tuesday, 26 June 2012 08:44 PM
කාටහරි ගානක් කැරකෙයි වගේ...
ප්‍රදිප් බි.පි Friday, 29 June 2012 10:09 AM
ලහිරැ මහත්තයෝ ටිකක් හොයල බලලා කතා කරන්න.. අයි.පී.එල් එක්ක හැප්පෙන්න අපට බැහැ....
ලහිරු ගනේමුල්ල Thursday, 28 June 2012 07:15 PM
ශ්‍රී ලංකා පි‍්‍රමියර් ලීග් කණ්ඩායම් හත ඉන්දියානු සමාගම් විසින් මිලදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 30.1 ආසන්න මුදලකටය. මෙම මුදල බංගලාදේශ ප්‍රිමියර් ලිග් තරඟාවලිය විකිණී තිබු අගයට වඩා වැඩි වුවද ඉන්දියානු ප්‍රිමියර් ලිග් තරඟාවලියේ කණ්ඩායම් වල මුළු අගය වූ ඇමරිකානු ඩොලර් මිලියන 723 හා සැසදීමේදී සුළු මුදලකි.
ප්‍රියන්ත විජේසිංහ Thursday, 28 June 2012 04:12 PM
මොන දේ කලත් වැරැද්දක් ම දකින මිනිසුන් ඉන්න රටේ ...හිතට දිරිය ගෙන කරමු මේ වැඩෙත් ... ජයවේ ....දිනවමු ලංකා
වරුණ Thursday, 28 June 2012 02:28 PM
20/20 සරුයි කියන්නේ අරයත් ගොඩ නේ ....
පාලි ඩුබායි Thursday, 28 June 2012 11:31 AM
මේවා ලොකු අයගේ වැඩ ඔය මුදල් වටිනාකම් දන්නා අප්පා පොඩි මිනිස්සුන්ගේ ඔලුව විකාර වේයි ?????????????
පවුල්රාජ් Wednesday, 27 June 2012 09:13 AM
ඉදිරියටම යමු ලංකා
මොහමඩ් නිfපාල් -දෝහා Wednesday, 27 June 2012 12:05 AM
කවුරු ගෙන්න ගත්තත් කමක් නෑ. අපේ සිංහයෝ ටික වැඩ ටික පෙන්නන්න ඕන. මේවා තියන එකනම් හොදයි. ඒත් අපේ රටේ ජීවන වියදමත් අඩු කරානම් හොදයි. අයියෝ සල්ලි,,,,,
අනුරාධ Tuesday, 26 June 2012 11:38 PM
අපි මේ පිළිබදව සුභවාදීව හිතමු
සඳුන් Tuesday, 26 June 2012 11:23 PM
සංගක්කාරලට 5000මද ගෙවන්නේ ?????