ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය එක්සත් රාජධානියේ Avensis Aviation සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට අනුව එයාර්බස් A330 සහA320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා බවට පත්කිරීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය කටයුතු කර තිබේ.
මෙම සහයෝගීතාවේ පළමු කටයුක්ත වූයේ FitsAir සඳහා එයාර් බස් A320 ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කිරීමයි. එය මෑතකදී නියමිත වේලාවට හා නියමිත වූ පිරිවැය තුළ නිම කරන ලදී. ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහා ද EASA සහතිකය හිමිකරගෙන තිබේ. මෙය ගුවන් යානා වෙනස් කිරීම හා භාණ්ඩ ගුවන් යානා බවට පරිවර්තනය කිරීමට අදාල නඩත්තු කටයුතු සිදුකිරීමට විදේශීය ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට මෙය ඉතා හොද උපායමාර්ගික ක්‍රියාවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී ෂෙවන්ත වීරසේකර මහතා මෙසේ පැවසීය. “කොරෝනා වසංගතය හේතුවෙන් මගී ගමන් සීමා කිරීමත් සමඟ බොහෝ ගුවන් සමාගම් සහ ගුවන් යානා කල්බදු සමාගම් ඔවුන්ට අයත් මගී ගුවන් යානා භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා බවට පරිවර්තනය කරමින් සිටිනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විටත් තමන්ගේම ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කර ඇති නිසාම මෙම සේවාව බාහිරව ලබා දීමට විශේෂ වූ දැනුමක් තියෙනවා. භාණ්ඩ පරිවර්තන වෙළඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් තියෙනවා. එම නිසා අපි නියම වෙලාවට මේ සඳහා යොමු වුණේ. නවීකරණ අනුමත කිරීම් සහ ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමටAvensis Aviation අපට වඩාත් සුදුසු සහකරුවෙකු වෙනවා.
Avensis Aviation හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රුබින් ෆ්ලවර් මහතා සඳහන් කළේ සැහැල්ලු ‘LEVIS’ සිටි ‘NAVIS’ පූර්ණ ගුවන් භාණ්ඩ පරිවර්තනය සඳහා EASA අනුමත කරන ලද වෙනස් කිරීම් හරහා නව්‍යකරනය කිරීම් සඳහා Avensis Aviation විසඳුම් ලබා දෙන බවයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකන් ඉංජිනේරු අංශය A320 මගී ගුවන් යානය භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පත් කරයි
dilene Thursday, 20 May 2021 12:06 PM
සීට් ටික ගලවලා දාලා දොර ලොකුවට හදන්න... මහා ලොකු වැඩක්ද?
Dhammika Thursday, 20 May 2021 12:13 PM
ආසන ටික සහ රාක්ක ටික ගලවලා දාන එකද මේ විශ්ව කර්ම වැඩේ...?
suranga Thursday, 20 May 2021 03:34 PM
ඕක ලෝකෙටම කියන්න තරම් දෙයක් නොවේ...!!!
sampath Saturday, 22 May 2021 10:26 AM
ස්පැනර් එකයි... ස්කුරුප්පු නැයිනයි ඕනෑ වෙනවා මේ වැඩේට... !!!
mihira Sunday, 23 May 2021 05:29 AM
මාර හපන් කමක් නේද? සීටි ටික ගලවන එක ... අනේ ඉතින් පව්...!!!
mihira Sunday, 23 May 2021 05:30 AM
විලි ලැජ්ජාවක් ගෑවිලා නැහැ... ලෝකයා හිනාවෙනවා මේවට...
Jay Monday, 24 May 2021 07:26 AM
උඩ කමෙන්ට් දාලා තියෙන අයට තියෙන දැනුම හිතාගන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බැලුවා නම් තමයි හොඳ.. කොහොමද මගී යානයක් භාණ්ඩ ප්‍රවාහනය කරන යානයක් බවට පරිවර්තනය කරන්නේ කියලා. සීට් ගලවලා දොර ලොකු කලා කියලා හරියන්නේ නැහැ. සම්පූර්ණ කැබින් එකම ඔවරෝල් කරන්න ඕනෑ.. යානයේ ඉදිරි කොටසින් හෝ පැතිවලින් භාණ්ඩ ඇතුළට දැමිය හැකි පරිදි දොරවල් සහ තට්ටු රෝලර් සහිතව සැකසිය යුතුයි. සම්පූර්න කේබ්ලින් පද්ධතියම නැවත අලුත් ඩක්ටින් හරහා සැකසිය යුතුයි. මේ හැම දෙයක්ම ජාත්‍යන්තර සහතිකයන්ට අනුකූල විය යුතුයි. තියෙන වැසිකිලි සියල්ල ගලවා ඊට අදාල කොටස් ගලවා දැමිය යුතුයි. ස්පැනර් එකයි... ස්කුරුප්පු නියනයි විතරක් මදි. කාර්ගො හිරවෙන්න අවශ්‍ය ආරක්ෂක ලොකින් පද්ධතිය සවි කරන්න ඕනෑ. එ්වා සහ තට්ටුව කොච්චර බරක් දැරිය හැකිද කියලා ඊට අනුකූල වෙන විදිහට ඩිසයින් කරන්න ඕනෑ. මේ ටික විතරක් නෙමෙයි.. තව ගොඩක් තියෙනවා.
dilenaMonday, 24 May 2021 10:00 PM
ගලවන සිට් ටික අපේ ගමෙ ස්කොලෙ පන්ති කාමර වලට දෙනවානම්. කම්මලේ වෑල්ඩින් ගුනෙ මමා සහ වඩු මාමා සමග ඈවිත් සතියකින් වෑඩේ කරලා දෙන්න පුලුවන්ලු.
Mr. munpin Wednesday, 02 June 2021 08:24 AM
අලුතින් ගුවන් යානයක් ලෙස නිර්මාණය කළ එකක් වගේ...