ගම්පහ ජනතාවට පහසුවෙන් ගුවන් ගමන් සේවා ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ සිව් වැනි ගුවන් මඟී නියෝජිත කාර්යාලය ගම්පහදී විවෘත කළේය.
ආසන වෙන්කිරීම, ට්කට්පත් අලෙවිය ඇතුළු විශේෂ සේවා ලබා දීම, ගාස්තු තොරතුරු, කාලසටහන් හා පැකේජ සේවා ද ලබාගත හැක.
ගම්පහ කොළඹ පාරේ අංක 302 දරණ තැන පිහිටුවා ඇති මෙම කාර්යාලයේ ශ්‍රීලංකා නියෝජිතයා ලැන්ඩෝට්‍රැවල්ස් (පෞද්ගලික) සමාගයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන, ලෝක ව්‍යාප්ත අළෙවි නිලධාරී ලාල් පෙරේරා, කලාපීය කළමනාකරු(ශ්‍රීලංකාව සහ මාලදිවයින) සමින්ද පෙරේරා, ප්‍රධාන වානිජ කළමනාකාර ජේ.ටී ජෙයශීලන් සහ ලැන්ඩ්‍රෝ ට්‍රැවල්ස් පෞද්ගලිත සමාගෙමි අධ්‍යක්ෂක ලෝරන්ස් ප්‍රනාන්දු යන නිලධාරීන්ද මේ උත්සවයට එක් වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකන් ගමිපහට එයි
දෝහා Wednesday, 30 January 2013 04:40 PM
අල්ලපු රටේ අයට නම් අපේ ලංකාව අපිටත් වැඩිය හිතට අල්ලලා වගෙයි. (නි)
විජිත් Monday, 04 February 2013 01:57 AM
ශ්‍රී ලංකන් එකෙන් ඇත්තටම ලාබයිද? (නි)
නීල් Saturday, 02 February 2013 10:32 PM
නියම වැඩක්..!(නු)
ලාල් Saturday, 02 February 2013 06:29 AM
සුද්දොන්ට නැති ගණන් දාන්නේ ගුවන් කෙල්ලෝ අපිට. සුද්දන්ටනම් සර් කියලා හරිම සැලකිලි. අපිට මුකුත් නෑ (ස)
සුනිල් Friday, 01 February 2013 08:18 PM
මේවා ලියන අය ලංකාවෙද කියලා සැකයක් හිතෙනවා(නදී)
අජිත් කරුණාරත්න Friday, 01 February 2013 07:23 PM
දිල්ෂාන්, ඒක තමයි මම කිවුවේ ලැජ්ජයි කියලා. (නි)
වසන්ත Friday, 01 February 2013 03:00 PM
නූගත් මෝඩ කෙල්ලෝ සලකන්නවත් දන්නෙ නෑ , හින්ද අපි ඉවසනවා . (ස)
වරුණ Friday, 01 February 2013 11:43 AM
ගමිපහට ආවට ටිකටි අස්ප ගනන් නිසා සාමාන්‍ය මිනිස්සුන්ට යන්න බෑනෙ (නදී)
හිල්ම් Thursday, 31 January 2013 11:01 PM
ජනතාවට තවත් පහසුවක්. (දී)
දිල්ශාන් Thursday, 31 January 2013 01:44 PM
අසන්ක, එතකොට ගම්පහින් අර අහවලාව පත්කළේ අපිද? (නි)
විජිත් Thursday, 31 January 2013 09:01 AM
කටුනායකට කාර්යාලයක් ඕන.. නැත්නම් මීගමු පාරට.. කටුනායක කවුන්ටරයෙන් වැඩක්කරගන්න බැහැ කතාකරන ඒවා ඇහෙන්නේ නැහැ..! (නු)
සුගත් Wednesday, 30 January 2013 06:21 PM
අසන්ක හරි. (නි)
පුබුදු Wednesday, 30 January 2013 06:20 PM
ශ්‍රී ලංකන් කෙලින්ම ඕස්ට්‍රේලියාවට එවුවොත් ගොඩක් ලාභ ගන්න පුලුවන්. (නි)
ඩෑම් Wednesday, 30 January 2013 04:43 PM
උගත් අයව මහ පාරට ඇදාල දැම්මේ කවුද කියලා දන්නවා ඇතිනේ. (නි)
ගාමිණි Monday, 28 January 2013 06:03 PM
ගම්පහ නම් කොළඹට ළග වැඩියි කියලයි මට නම් හිතෙන්නේ.
දෝහා Wednesday, 30 January 2013 04:37 PM
ඒ වුණාට අපේ නංගිලා අපිට ෆ්ලයිට් එක ඇතුළෙදි මහ රෙස්පට්නේ දාන්නේ. (නි)
දිල්ශාන් Wednesday, 30 January 2013 12:48 PM
මහජන සේවය (දී)
අජිත් කරුණාරත්න Wednesday, 30 January 2013 11:58 AM
අසන්ක, ඔය කතාව ආයි නම් කියන්න එපා. ලැජ්ජා හිතෙනවා. (නි)
අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 11:08 PM
දේශපාලන ඉතිහාසයට එක්වුණු සුප්‍රකට ගිරිධාර මෝල තිබුනෙත් මෙහෙ තමයි..!(නු)
අජිත් කරුණාරත්න Tuesday, 29 January 2013 11:04 PM
පහන් හිටිය වගේ තව මාස දෙක තුනක් ඉන්නකෝ මත්තල ගුවන්තොටුපොල විවෘත කරනකං. ලාභ පෙන්නන්න..!(නු)
අසංක Tuesday, 29 January 2013 10:42 PM
ගොඩක් අයව පාර්ලිමේන්තුවට යෙව්වෙත් ගම්පහ උගත් ජනතාවම තමා (නු)
පහන් Tuesday, 29 January 2013 07:57 PM
ගම්පහ කියන්නේ ඉහලගම ,පහලගම ,මැදගම ,අලුත් ගම ,පට්ටියගම. උගතුන් සිටින නගරයක් . (නි)
පහන් Tuesday, 29 January 2013 07:55 PM
ශ්‍රී ලංකන් එයාර් ලයින් ලාභ ලබන්න නම් ඕස්ට්‍රේලියා ,ඉතාලි ,ඊශ්‍රායල් වගේ රටවල් වලට කෙළින්ම ගුවන් ගමන් ආරම්භ කළයුතුය. (නි)
රිහිත Tuesday, 29 January 2013 03:55 PM
හා හා එහෙම කියන්න එපා ගම්පහ තමයි මම ඉපදුන නගරය.. ගම්පහ තමයි ලොව ප්‍රථම අගමැතිණිය ඒවාගේම ලෝක කුසලානය දිනන ලද ක්‍රිකට් නායකයා.. එමනිසා ගම්පහට ජය..!(නු)
බන්දුල Tuesday, 29 January 2013 04:12 AM
අපේ ගුවන් සේවය ගැන අපිට ආඩම්බරයි. නමුත් සමහර ගුවන් සේවිකාවන් ගැන නම් සෑහීමකට පත්වෙන්න බැහැ. (නි)
චිත්‍රා Monday, 28 January 2013 11:12 PM
ගාමිණී මොලේ ටිකක් පරීක්ෂාකර ගන්න වෙයි වගේ (ස)
දෝහා Monday, 28 January 2013 10:39 PM
ගම්පහ විතරක් නෙමෙයි, රටේ මුලු අස්සක් මුල්ලක් නෑරම මේවා විවෘත කරන්න ඕනෑ. (නි)
ඩෑම් Monday, 28 January 2013 10:36 PM
අපි අපේ කිවුවට එයාලට හැගීමක් තියෙනවද දන්නෙ නැහැ. (නි)