( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලය සහ ඕමාන වාණිජ හා කර්මාන්ත මණ්ඩලය අතර ශ්‍රී ලංකා - ඕමාන ව්‍යාපාරික කවුන්සිලයක් ස්ථාපනය කිරීම සඳහා දෙරටේ බලධාරීන් එකගතාවය පළ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.
ඉකුත් 15 වැනිදා කොළඹදී ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය මෙලෙස ව්‍යාපාරික කවුන්සිලයක් ස්ථාපනය කිරීමට සහය වීමටද එකඟතාව පළ කෙරිණි.
ආයෝජන ප්‍රවර්ධන හා අන්‍යොන්‍ය සුරක්ෂිතබව පිළිබඳ ගිවිසුමකට හැකි ඉක්මනින් එළැඹීමටද, ශ්‍රී ලංකාවේ සිට ඕමානය වෙත කුසලතා පූර්ණ සේවකයන් යැවීම පහසු කිරීම සඳහා කුසලතා සංවර්ධනය හා අන්‍යෝන්‍ය වශයෙන් සුදුසුකම් පිළිගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළැඹීම සම්බන්ධයෙන් සලකා බැලීමටද දෙපාර්ශ්වය එකඟ විය.
මෙම ද්විපාර්ශ්වික උපදේශන රැස්වීමට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායකත්වය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම් මහතා විසින් දරන ලද අතර ඕමාන නියෝජිත පිරිසේ නායකත්වය එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ රාජ්‍යතාන්ත්‍රිකත්වය පිළිබඳ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම් මහ්මුද් අවාද් අල් හසන් මහතා විසින් දරන ලදී. විදේශ කටයුතු අමාත්‍යාංශ දෙකෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහූ මෙන්ම ශ්‍රී ලංකාවේ රේඛීය අමාත්‍යාංශ හා ආයතන රැසක නියෝජිතයෝද සාකච්ඡාවලට සහභාගී වූහ.
ඊට අමතරව මෙම රැස්වීමේදී ධීවර කටයුතු, ක්‍රීඩාව, ඛනිජ තෙල් සහ ගෑස් අනාගතයේදී සහයෝගීතාව දැක්විය හැකි නව ක්ෂේත්‍ර වශයෙන් හඳුනා ගැනීම සහ පොදු අභිලාෂයන් ඉදිරියට ගෙනයෑම සඳහා කලාපීය සහ බහුපාර්ශ්වීය සංසදවලදී අඛණ්ඩව එක්ව කටයුතු කිරීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින් අවධාරණය වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකා-ඕමාන ව්‍යාපාරික කවුන්සිලයක්