X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගුවන් බුබුළක්


 
(හර්ෂණ තුෂාර සිල්වා)
 
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීම සඳහා ගුවන් බුබුළක් (එයාර් බබල්)  ආරම්භ කිරිම කෙරෙහි අවධානය යොමු වී ඇත.
 
තෙදින නිල සංචාරයක නිරත වූ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා මෙරට ව්‍යාපාරික ප්‍රජාව හමු වූ අවස්ථාවේදී මෙම යෝජනාව ඉදිරිපත් වී තිබේ.
 
‘කොවිඩ්-19’ එන්නත් සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වැඩි කිරීම සහ දෙරට අතර සංචාරක කටයුතු කඩිනමින් ආරම්භ කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ මෙරට ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.
 
ඉන්දු ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් තවදුරටත් ප්‍රයෝජන ගැනීම සහ දෙරට අතර තවදුරටත් පුළුල් කෙරුණු නිදහස් වෙළෙඳ ගිවිසුමක් ඇති කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡාවට ලක්වී තිබේ.
 
තෙදින නිල සංචාරයක් සඳහා ඉකුත් දා (5) මෙරටට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඊයේ (7) නැවත සිය රට බලා පිටත් විය.
 
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් සහ මෙරට ව්‍යාපාරික ප්‍රජාව අතර තිබූ හමුවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේල මාස් හෝල්ඩින්ස් සමූහයේ සභාපති දේශමාන්‍ය මහේෂ් අමලීන්, ජෝන් කීල්ස් හෝල්ඩින්ග් හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන්, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්ද, ඉන්දීය සී.ඊ.ඕ. සම්මේලනයේ සභාපති උමේෂ් ගෞතම්, සන්ෂයින් හෝල්ඩින්ග් සමූහයේ සමූහ කළමනාකරණ අධ්‍යක්ෂ විෂ් ගෝවින්දසාමි, බ්‍රැන්ඩික්ස් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අෂ්රොෆ් ඕමාර්ල හේලීස් සමූහයේ සභාපති මොහාන් පණ්ඩිතගේ සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති හාන්ස් විජේසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
 
(ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඇසුරිනි)



අදහස් (2)

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගුවන් බුබුළක්

CHANDIMA Friday, 08 January 2021 06:30 PM

ඒ නම් ඉතින් විහින් කෙළවාගන්න තමයි යන්නේ...

:       0       0

Qatar sita Sunday, 10 January 2021 07:32 AM

අනේ හොඳයි... කොරෝනා බිස්නස් එක හොඳටම නැගිලා යයි.ඔය බුබුලුයි විදේශික ශ්‍රමිකයින් ඉන්න රටවලට යොදන්න බැරි... ඉන්දියාවේ කටාර් රාජ්‍යය එක්ක ඔය බුබුල ක්‍රියාත්මක කරනවානේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site