(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකාව හා මාල දිවයින අතර ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මාලදිවයිනේ ශ්‍රී ලංකා තානාපති ඕමර් අබ්දුල් රසාක් මහතා සහ කාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අතර පැවති සාකච්ඡාවකදී එකඟතාව පළ වී ඇත.
ශ්‍රී ලංකාවට විදේශ සංචාරකයින් ගෙන්වා ගැනීමටත්, ලංකාවේ සංචාරය කිරීමෙන් පසු ඔවුන් මාලදිවයින වෙත යොමු කර විවේකීව එහි කාලය ගතකිරීමට අවස්ථාව ලබා දීමටත් හැකියාව ඇති බව මාලදිවයින තානාපතිවරයා රණතුංග මහතාට පවසා ඇත.
මාලදිවයින සංචාරකයින්ට නැරඹීමට ස්ථාන අඩු බවත් එරටට පැමිණෙන සංචාරකයින් පැමිණෙන්නේ නිදහසේ විවේකීව සිටීමට බවත් කියන මාලදිවයින් තානාපතිවරයා ලංකාවේ දී සංචාරකයන්ට නැරඹීමේ ස්ථාන රැසක් ඇති බවද සඳහන් කර තිබේ.
සංචාරක අංශයේ ප්‍රධානීන් සමග ද සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් ඒකාබද්ධ වැඩ පිළිවෙළක් සකස් කළ හැකි බව ඇමතිවරයා මෙහිදී තානාපතිවරයාට පෙන්වා දුන්නේය.
මාලදිවයිනේ විදේශ කටයුතු ඇමතිවරයා ජනවාරි 28 සිට තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණෙන බැවින් එහිදි මේ සම්බන්ධයෙන් ඉදිරි සාකච්ඡා පැවැත්වීමට එකඟතාවය පළ කර ඇත.
සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ලේකම් මරීනා මොහොමඩ්, කාර්මික අපනයන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශ ලේකම් මාපා පතිරණ යන මහත්වරුද මෙම සාකච්ඡාවට එක්වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකාවත් - මාලදිවයිනත් අතර සංචාරක ප්‍රවර්ධන වැඩපිළිවෙළක්
Walter White Thursday, 02 January 2020 04:01 AM
ඇත්තටම කිව්වොත් අපේ මොළයක් නැති ආණ්ඩුව සහ මාලදිවයින් ආණ්ඩුව ගැන කල්පනා කරාම පුදුම හිතෙනවා. ඇත්තටම නම් ලැජ්ජයි. මාලදිවයිනේ අය තව විදේශිතයෝ ගෙන්වාගන්න අදහස් කරනවා. ඒ අය හදන්නේ අපට එන ටිකත් ඩයිවර්ට් කරගන්න. නිදහසේ ඉන්න තැන් ලංකාවේ ඇත්තෙම නැද්ද? තියෙන ලස්සන තැන් ටික කාගන්නේ නැතිව ඒ අයට නිදහසේ ඉන්න මාලදිවයිනේ යවන්න ඕනද ? අපේ බූරුවෝ විදේශිතයන්ට ආතතියක් දෙනාවා. ඒ අයට දෙන්න පුළුවන් හැම වදේම දෙනවා. හැම දේම ඒ අයට බලෙන් විකුණනවා. වංචා කරනවා. ත්‍රීවීල් කාරයන්ගෙන් බේරෙන්න බැහැ. හිනා වෙලා සතුටින් එන විදේශිකයෝ ලංකාවෙන් යන්නේ අඬාගෙන. ඔන්න ඕවයි හදන්න ඕන. සංචාරක ව්‍යාපාරය තමයි අපේ රටට තියෙන එකම ගැළවීම. අපේ රටේ තත්වයට මහා පරිමාණ කර්මාන්ත හරි යන්නේ නැහැ. ඒ හීනෙන් ඇහැරිලා සේවා ආර්ථිකය දියුණු කරන්න ඕන. රටම ඒ ගැන දැනුවත් වෙන්න ඕන. මුළු රටම ලැස්ති වෙලා ඉන්න ඕන මේ දෙයට. රටේම ඉන්න බස්, ත්‍රීවීල් රියදුරන්, සංචාරක මගපෙන්වන්නන්, වෙළෙන්දෝ පුහුණු වෙන්න ඕන. මිනිස්සුන්ට සංචාරක කර්මාන්තය ගැන අවබෝධයක් දෙන්න ඕන. ඉතින් සංචාරක කර්මාන්ත ඇමති වෙන්න ඕන ඒ ගැන ඉහළම දැනුමක් ඇති බුද්ධිමතෙක්.
lanka Thursday, 02 January 2020 09:33 AM
නැව් සේවාවක් තමයි ඕනේ.. 2020ත් වෙලා තාම අපේ රටෙන් පිටරකට යන්න ක්‍රමවත් නැව් සේවාවක් නැහැ. අඩු තරමේ ඉන්දියාවට මාලදිවයිනට යන්නවත්.. නමුත් රට වටේට මුහුද..? සංචාරක අමාත්‍යාංශයත්, නාවික කටයුතු අමාත්‍යාංශයත්, ධීවර අමාත්‍යාංශයත් මෙච්චර කල් කළේ බොරු නීති පනව පනවා දඩගහන එක මිසක් මේවා දියුණු කරන එක නෙමෙයි.
Amula Saturday, 04 January 2020 10:36 AM
මේ මොකක්ද? ලැජ්ජා හිතෙන වැඩ. නැගිටගන්නවත් බෑ. අනේ හිරිකිතයි. ලැජ්ජයි. ඔක්කොම අත ඇරලා රට දියුණු කරපල්ලා. අපි ඉන්නේ ඔක්කොටම පිටිපස්සෙනේ.