( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ කුළුබඩු නිෂ්පාදන වර්ග පිළිබඳව අත්හදා බලන්නැයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා එරට ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
තුර්කියේ අන්කාරා හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ “තුර්කි-ශ්‍රී ලංකා ව්‍යාපාරික සභාව” සමඟ එක්ව පැවැත්වූ කුළුබඩු අංශය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීමේ ව්‍යාපාරික අන්තර්ජාල සැසියකදී තුර්කියේ ශ්‍රී ලංකා තානාපති එම්. රිස්වි හසන් මහතා විසින් මෙම ආරාධනාව කළේය.
“තුර්කි - ශ්‍රී ලංකා ව්‍යාපාරික කවුන්සිලයේ” සාමාජික, නෙව්සෙහිර් සඳහා නිර්වේතනික ශ්‍රී ලංකා කොන්සල් සහ සහ ලංකා බැලොනිං (පුද්) සමාගමේ සභාපති මහමුත් උලුවර් මහතා මෙම සැසිවාරයට එක්වෙමින් මෙහදී ශ්‍රී ලංකාවේ සිය අත්දැකීම් බෙදාහදා ගත් අතර, ලංකා කුළුබඩුවල විශේෂත්වය පිළිබඳව විස්තර කළේය.
තුර්කි කුළුබඩු ඇසුරුම්කරුවන්ගේ සංගමයේ සභාපති මුස්තාපා අයිඩාන් අකුන් මහතා සැසිවාරය අතරතුරදී අදහස් දක්වමින්, දෙරට අතර වෙළඳාම පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා සමාගම් සහ ශ්‍රී ලංකා සංගම් සමඟ එක්ව කටයුතු කිරීම සඳහා දක්වන උනන්දුව පිළිබඳව පැවසීය. මෙම සැසිය අතරතුර දී, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලාංකික කර්මාන්ත නියෝජිතයන් වන, ඉන්ටර්නැෂනල් කොමෝඩිටි ට්‍රේඩර්ස්/සිල්වර්මිල්ස් සමූහය (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ නන්ද කොහොන මහතා, එච්ඩීඩීඊඑස් එක්ස්ට්‍රෑක්ට්ස් (පුද්.) සමාගමේ අධ්‍යක්ෂ ගෙහාන් ද සිල්වා මහතා සහ සීමාසහිත ඉම්පීරියල් ස්පයිසස් (පුද්.) සමාගමේ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රූමේෂ් ජයසූරිය මහතා විසින් ලංකාවේ කුළුබඩු පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකාවේ කුළුබඩු වර්ග පිළිබඳව අත්හදාබලන්නැයි තුර්කි ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලයි
de silva berlin Friday, 25 December 2020 04:44 PM
ශ්‍රී ලංකාවෙ කුලුබඩු වගාවෙදී.... ශ්‍රමය සහ වෙනත් අවශ්‍යතාවල මිල අධික නිසා සහ පැරැණි වගා ක්‍රම නිසා කලාපයේ අනෙක් රටවල කෘෂි නිෂ්පාදන සමග තරගයක් දෙන්න අපේ කුළු බඩුවලට බැහැ. අපේ රට පරිභෝජනයට අවශ්‍ය කහ ටිකවත්අපේ රටෙ නැහැ. කොත්තමල්ලි ගෙන්වන්නේ යුක්රෙනයෙන්... ඉතින් අපි කොහොමද කුලුබඩු පිටරට යවන්නේ?