උපුල්වික්රමසිංහ - චීනයේ යුන්නාන්හි සිට....
චීනයේ එක් තීරයක්- එක් මාවතක් වැඩසටහන දකුණු ආසියානු කලාපීය රටවල් අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීමෙහිලා වැදගත් බවත් ශ්‍රී ලංකාව ඒ සම්බන්ධයෙන් ක්‍රියාකාරී භූමිකාවක් නිරූපණය කරන බවත් මේ වැඩසටහනත් සමග ඉදිරියේදී ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ආයෝජන පැමිණෙනු ඇතිබවත් මහජන චීනසමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා ඊයේ (15) චීනයේ යුන්නාන්වලදී සඳහන් කළේය.
ඒ මහතා එසේ පැවසුවේ යුන්නාන් පළාතෙහි යුව්ෂිනගරයේදී ඊයේ ආරම්භවූ චීන-දකුණු ආසියා ව්‍යාපාර සහයෝගීතාව සඳහා වන උසස් මට්ටමේ වටමේස සාකච්ජාව ක්‍යසබ්-ීදමඑය ්ිස් ්‍යසටය ඛැඩැක ඍදමබාඒඉකැ ඵැැඑසබට දෙර ඊමිසබැි ක්‍දදචැර්එසදබ අමතමිනි. මේ සමුළුව, ඉකුත් 14 වැනිදින ආරම්භවූ චීන-දකුණු ආසියා සහයෝගීතා සාකච්ජා සමුළුව ක්‍යසබ්-ීදමඑය ්ිස් ක්‍දදචැර්එසදබ ත්‍දරමප ට සමගාමීව පැවැත්වුණි. චීනය හා දකුණු ආසියාතික රටවල් අතර ව්‍යාපාර, ප්‍රාදේශීය ආණ්ඩුකරණ, දුගීභාවය තුරන්කිරීම හා මුල්‍ය සහ පුද්ගල හුවමාරු යන ක්ෂේත්‍ර සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ චීන-දකුණු ආසියා සහයෝගීතා සාකච්ජා සමුළුවෙහිදී විශේෂ අවධානයක් යොමුවෙයි. මේ සමුළුවෙහි සමාරම්භක උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තානාපතිවරයාත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාත් එක්ව සිටියහ. මේ මස 20 වැනි දිනතෙක් එය පැවැත්වෙයි.
චීන-දකුණු ආසියා ව්‍යාපාර සහයෝගීතාව සඳහාවන උසස්මට්ටමේ වටමේස සාකච්ජාව අවසානයේ ලංකාදීපය සමග අදහස් දක්වමින් කොඩිතුවක්කු මහතා පැවසුවේ ආසියානු කලාපයේ විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙන චීනයත් දකුණුආසියානු කලාපයත් අතර ආර්ථික සහයෝගීතාව ගොඩනැගීම කෙසේ සිදුකළ යුතුද යන්න සම්බන්ධයෙන් මේ සමුළුවේදී ඉහළ අවධානයක් යොමුවූ බවත් දැනට එම සබඳතාව චීනයට වාසිසහගත ලෙෂ පැවතුණද එය දිගුකාලීන වශයෙන් ආර්ථික සංවර්ධනයට හොඳ ප්‍රවණතාවක් නොවන බව චීනයද අවබෝධකරගෙන ඇතිබවත් එය සමබර කිරීමටඅවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙහි වැදගත්කම මෙහිදී දීර්ඝ වශයෙන් අවධානයට යොමුවූ බවත්ය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකාවේ චීන ආයෝජන වැඩිවෙයි
pakeer Sunday, 17 June 2018 08:33 AM
ලොකු දෙයක්. මම නම් හරි ආසයි. අපිට ඕනේ විදේශ ආක්‍රමණයක් දැන්. මේ වැඩේ අවුරුදු 70ක් ගිහින් දැන් හරි වෙනවා නම් අපි ගොඩ. මම නම් බලාගෙන ඉන්නේ රට හොඳ රටකට දෙන්න. ඉන්දියාවට නෙමෙයි. හොඳ ආර්ථික ශක්තියක් තියෙන රටකට. මේක දකින අය කියයි මම සුද්දා පස්සෙන් යනවා කියලා. ඒ අය දන්නේ නැහැ සුද්දා නැත්නම් තාමත් ගස් උඩ කියලා.
එරික් Wednesday, 20 June 2018 04:23 AM
අපි චීනයේ යටත් විජිතයක් වෙන්න යන්නේ. ලෝකයම එපා කරපු රටක් චීනය කියන්නේ. එහෙව් රටකින් යැපෙනවා කියන්නේ අපි මොන තරම් එපා කරපු ජාතියකද?