(තිළිණි ද සිල්වා)
ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී දකුණු අප්‍රිකාවෙන් තීරුබදු සහන දීමට අවධානය යොමුව ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව ශ්‍රී ලංකාවේ තේ සඳහා වසර තුනකට නොවැඩි කාලයකට තීරුබදු පහත හෙළීම සඳහා කෙරෙන ඉල්ලීම හැකි අයුරින් සලකා බලන බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකා මහ කොමසාරිස් රොබීනා පී. මාර්ක්ස් මහත්මිය පැවසූ බවද එම අමාත්‍යාංශය කියා සිටී.
දෙරටේ ව්‍යාපාරික ප්‍රජාව සම්බන්ධ කර ගනිමින් අන්තර්ජාලය ඔස්සේ පැවති ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා ව්‍යාපාර ප්‍රවර්ධන රැස්වීම’ අමතමින් දකුණු අප්‍රිකා මහකොමසාරිස්වරිය මේ බව සදහන් කර ඇත.
ජාත්‍යන්තර සිල්ලර වෙළඳ සන්නාමයක් වන දකුණු අප්‍රිකාවේ ස්පාර් සමූහය සහ සිලෝන් බිස්කට් සමාගම අතර සිදුවූ හවුල් ව්‍යාපාරයක් හරහා ශ්‍රී ලංකාවේ අලෙවිසැල් 4 ක් විවෘත කර ඇති බවත්, එය වෙළඳසැල් 20 ක් දක්වා ව්‍යාප්ත කිරීම සඳහා සැලසුම් කොට ඇති බවද දකුණු අප්‍රිකා මහකොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසූවාය.
කොවිඩ්-19 අතරතුර දෙරටේ ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා වලදී ශ්‍රී ලංකාව තුළ සිය වෙළඳ උපායමාර්ගය නැවත සකස් කිරීමේ අවශ්‍යතාවයද ඇය මෙම ව්‍යාපාරික ප්‍රජාව වෙත පෙන්වා දුන්නාය.
දකුණු අප්‍රිකාවට මත්ස්‍ය අපනයනය ඉහළ නැංවීමේ හැකියාව, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ අගය එකතු කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීම, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අවස්ථා සහ ටින්වල ඇසුරුම් කිරීමේ කර්මාන්තයේ ආහාර සංරක්ෂණය සඳහා විශේෂඥ දැනුම බෙදා හදා ගැනීම පිළිබඳව මහකොමසාරිස්වරිය ලාංකික ව්‍යාපාරික ප්‍රජාවේ නියෝජිතයින් සමඟ අදහස් හුවමාරු කර ගත්තාය.
මෙම අන්තර්ජාලය හරහා පැවති රැස්වීම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ඉල්ලීමත් මත පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ව්‍යාපාරික කවුන්සිලයේ සභාපති කෝසල වික්‍රමනායක මහතා, වෙස්ග්‍රෝ සමාගමේ, ආසියාව සඳහා රටේ කළමනාකරු බෙන්ජමින් ජෝර්ඩන් මහතා, වෙස්ග්‍රෝ සමාගමේ ජාත්‍යන්තර වෙළඳ සංවර්ධන කළමනාකරු නාඩින් ස්මිත් ක්ලාක් මහත්මිය, ටෙස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ශිරාන් ප්‍රනාන්දු මහතා, සේෆිර් කැපිටල් සමාගමේ සභාපති ආර්මිල් සම්මූන් මහතා සහ රන්ෆිකා සමූහයේ අලෙවිකරණ අධ්‍යක්ෂ, රුවිනිකා කිනිගම මහත්මිය ඒ සඳහා සහභාගී වූහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රී ලංකාවේ තේ අපනයනයේදී අප්‍රිකාවෙන් තීරුබදු සහන
chandima Sunday, 03 January 2021 11:18 PM
කපුටා මැරිලා නැහැනේ... තට්ටක් විතරයි බිම වැටිලා තියෙන්නේ නේද?