X Advertisement
IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ශ්‍රී ලංකාවේ ‘තේ’ ඉල්ලුම පහළ බසී

(රංජිත්  රාජපක්ෂ)

ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා යුරෝපීය රටවලින් නිකුත් කර තිබු ජාත්‍යන්තර ප්‍රමිති සහතික ගණනාවක් අවලංගු කිරිම නිසා යුරෝපිය රටවල ශ්‍රී ලංකාවේ තේ අලෙවිය සඳහා පවතින ඉල්ලුම පහළ වැටී ඇති බව උඩරට තේ වතු සමාගම්වල විධායක නිලධාරීහු පවසති.

මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් වතු සමාගම්වල විධායක නිලධාරින් කිහිප දෙනෙකු වැඩිදුරටත් කියාසිටියේ යුරෝපීය රටවල ශ්‍රී ලංකාවේ තේ සදහා විශාල ඉල්ලුමක් පැවති, බවත් එම ඉල්ලුම අභියෝගයක් කරගත් අසල්වාසි තේ අපනයනය කරන රටක් රාජ්‍යය නොවන සංවිධාන කිහිපයක් එක කර ගනිමින් කුමන්ත්‍රණයක්, ආරම්භ කර උඩරට තේ වතුවල සේවය කරන වතු කම්කරුවන්ගේ ආර්ථික තත්වය ඉහළ නැංවිමට සහ වතු කම්කරුවන්ගේ යටිතල පහසුකම් සහ සෞඛ්‍යය පහසුකම් ඉහළ නැංවීමට කටයුතු නොකරන බවට බොරු ප්‍රචාරයක් මාධ්‍යය මගින් සහ සමාජ මාධ්‍යය ජාල වලින්  එම රටවල ප්‍රසිද්ධියට පත්කර ශ්‍රී ලංකාව සඳහා නිකුත් කර තිබු  අදාළ ජාත්‍යන්තර ප්‍රමිති සහතික තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

යුරෝපීය රටවල ශ්‍රී ලංකාවේ තේ මිලදී ගන්නා පරිභෝගිකයන් අදාළ ප්‍රමිති සහතික තේ පැකට්වල සඳහන් නොකිරිම නිසා  ශ්‍රී ලංකාවේ තේ මිලදී ගැනීම එම පාරිභෝගිකයන් විසින් ප්‍රතික්ෂේප කර ඇති බව පැවසේ.

ඇමරිකාව විසින් ඉරානයට ආර්ථික සම්බාධක පැනවීම මත ඉරානයට ශ්‍රී ලංකාවේ තේ අපනයනය නොකිරිම නිසා උඩරට සහ පහතරට නිෂ්පාදිත තේ වෙන්දේසිය සඳහා ඉදිරිපත් කිරිමේදී සෑම වෙන්දේසියකම 30% ක තේ ප්‍රමාණයක් අලෙවි නොවීම මත එම තේ තොග තේ කර්මාන්තශාලාවල ගබඩා කර තිබෙන බවත් එම වතු සමාගම්වල විධායක නිලධාරීහු කියා සිටිති.

පවත්නා තත්ත්වය මත ශ්‍රි ලංකාවේ තේ කිලෝවක් සදහා දැනට රු 400 සිට 500ක මුදලක්  වෙන්දේසියෙන් ලැබෙන බවත්, එම මුදල තේ කිලෝවක් නිෂ්පාදනය කිරිම සඳහා වැය වන පිරිවැයට වඩා අඩු නිසා තේ වතු සමාගම් පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වතු සමාගම්වල විධායක නිලධාරීහු පවසති.



අදහස් (8)

ශ්‍රී ලංකාවේ ‘තේ’ ඉල්ලුම පහළ බසී

රජින්ද Monday, 29 July 2019 08:12 AM

ලංකාවේ දේශපාලනයක් නැහැ.. බලය වෙනුවෙන් පත් වෙච්ච දවසේ ඉඳන් කුලල් කා ගන්නා තකතීරුවන් ටිකක් මේ රටේ ඉන්නේ. රටේ හැමදේම පරිහානියට පත්වෙලා. සමහර පාලකයන් මේ රටට සම්බාධක දානවයි කිව්වම, තමන්ව විදුලි පුටුවල ඉන්දවනවයි කිව්වම, දෙමල ඩයස්පොරවෙන් රටේ නාමය කෙලෙසනවයි කිව්වම ඒවා ඡන්දය දිනන මාතෘකා කරගත්තා.. තවත් අය මේ රටේ ජාතිවාදය, ආගම්වාදය ගැන රටේ මිනිස්සුන්ව බය කරලා බටහිර රටවල් එක්ක රට පාවලා දෙන්න කුමන්ත්‍රණය කළා. මෙහෙම රට වෙනුවෙන් ඇවිත් ඒ රටම පාවලාදෙන පාලකයින් එක්ක සියල්ලම අසාර්ථකයි. මිනිස්සු ගොනාට ඇඳගෙන ඉන්න නිසා කරන්න දේකුත් නැහැ.

:       0       118

SL Monday, 29 July 2019 11:53 AM

දැන් ඉතින් තේ දළු කඩන අයට ඒවා කන්න තමා වෙන්නේ... රටේ ප්‍රශ්න ඇති කරන මේ එන්.ජී.ඕ. කාරයෝ ඔක්කොම ටික මුහුදට දාන්න ඕනේ...

:       0       8

himal Tuesday, 30 July 2019 04:04 AM

මේ කතා කරන්නේ සමාගම්වල පැත්තෙන්. වතු කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ගැන අඩු හෝ වැඩි වශයෙන් එහි ඛේදාන්තය ගැන ලෝකෙට කිව්වම මේ වගේ දේවල් වෙනවා. සරලව කිව්වොත් අර පඩි වැඩි කරන ප්‍රශ්නෙදි ඔවුන්ගේ ජීවන තත්ත්වය ගැන ලෝකෙට කිව්වම මේ තේ නිපදවන්නේ මෙහෙමද කියනා ප්‍රශ්නය පැණ නගිනවා. එක්කෝ වතු කම්කරුවන්ට වැඩි පහසුකම් දීලා වැඩි මුදලට තේ අලෙවි කරන්න වෙනවා. එතකොට යුරෝපයේ කෙසේ වෙතත් අනෙක් රටවලට තේ විකුණගන්න ලැබෙන්නේ නෑ, ඉහළ මිල නිසා. එහෙම නැත්නම් මේ තියෙන තත්ත්වයෙන්ම තේ සඳහා වෙනත් වෙළෙඳපොළක් හොයාගන්න වෙනවා.

:       9       7

රවින් Tuesday, 30 July 2019 06:21 AM

මෙහි වෙනස් පැත්තක් ඇත. ලංකාවේ ප්‍රමිතියක් නැති කසල තේ කොහොමද පිටරට ප්‍රමිතියක් තියෙන්නේ. පුවත්පත්වල කිදවසක් තිබුනාද කන්ටේනර් ලෝඩ් ගණන් කසල තේ ප්‍රවාහනය කර අසු උනා කියලා. තව ප්‍රමිතියෙන් බාල තේ කොපමණ ප්‍රමාණයක් පිටරට වලදී ශ්‍රේණි ගත කිරීම්වලදී නිෂ්ප්‍රභා කලාද? එම ක්‍රියාවන්ගෙන් මුළු රටම අපකීර්තියට ලක් නොවුනාද? කිසිම ආයාතනයක් කසල තේවලට ප්‍රමිති සහතිකයක් නිකුත් කරයිද? සේවක ජීවන රටාව ඉහල තත්වයකට ගෙනෙන එක ගැන කතා කරන ඔය කියන අනිකුත් තේ නිපදවන රටවල සේවක ජීවන රටාව ඉහලද? එන් ජි ඕ කාරයින්ට පමණක් මෙහි වරද පැවරිය හැකිද? තම තමන්ගේ වැරදි වලට එම වැරදි නැවත නොවෙන ආකාරයට ගත්තු පියවරවල්? වතු කම්කරු සංගම් නිලතල උසුලන අය කරනුයේ තම සුඛවිහරණය ගැන සිතීම පමණි. ප්‍රශ්න මාලාවකට විසදුම් සෙවිය යුත්තේ ආනයනය කරන රටවල් නොවේ.

:       0       2

Raju Wednesday, 31 July 2019 12:56 PM

ලංකාවේ අපට ලැබෙන්නේත් වැඩිහරියක්ම කසල තේ තමයි. කී දෙනෙක් නම් ලෙඩ රෝගවලට ගොදුරු බවට පත්වෙනවා ඇද්ද?

:       1       0

nanadasiri Thursday, 01 August 2019 01:57 AM

කසල තේ කෙලින්ම පොහොරවලට ගන්න ඕනේ... ආයතන පරීක්ෂණ කරලා ඒවාට ක්‍රම හදන්න ඕනේ.. අම්මා, තාත්තා විකුණන රටක කසල තේ විකුණන එක ගැන අහන්න ඕනේ නෑ.. රටේ දියුණුවට රාජ්‍ය ආයතන වල දායකත්වය 0යි.

:       16       3

kule Thursday, 01 August 2019 06:14 PM

කසල තේ ප්‍රවාහනය තහනම් කරන්න ඕන. ප්‍රවාහනය කරන වාහන රාජ සන්තක කරන්න ඕන. කසල තේ කර්මාන්ත ශාලා පරිශ්‍රමයේදීම විනාස කල යුතු නීති පැනවිය යුතුයි

:       0       2

lalithm Tuesday, 06 August 2019 03:18 AM

අගය එකතු කල නිෂ්පාදනයක් ලෙස තේ වෙළඳපොළට යවන්න අපිට තවම බැරි වුනා. රසගැන්වූ දියර තේ වෙළඳපොල තවම අපි හිතලවත් නැහැ. සමාගම් කීපයක් කුඩා පරිමාණයෙන් කරනවා විතරයි. ඒවා හරිම ඉහල තත්වයෙන් තියෙනවා. මේ වගේම පොල් වතුරෙන් බ්‍රැන්ඩි හදන්න පුළුවන් ව්‍යාපෘති තියෙනවා. මතට තිත කියලා පිටරටින් හොරෙන් එතිල් ඇල්කොහොල් ගෙනෙන්න ඕනේ හින්ද පසුගිය ආණ්ඩුව කලේ ඒවා යට ගැහුවා. දැන්වත් ඒවාට උදව් දීලා විදේශ විනිමය හොයමු. තේ දල්ලයි, රබර් ශීට් එකයි කපපු පොලුයි පිටරට යවන්න ඕනේ කම්කරු මානසිකත්වය. ඊට එහා ගිය උගත් සමාජයක් අද අපිට තියෙන්නේ ඕනේ.

:       0       30

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site