X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


ශ්‍රීලංකන් ප්‍රවාහන ආදායම බිලියන 120 දක්වා ඉහළට

(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2017 වසරට සාපේක්ෂව 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09 ක කාලපරිච්ඡේදයේ එහි කාර්ය සාධනය සැලකිය යුතු ලෙස ඉහළ  ගොස් ඇතැයි  සමාගමේ සන්නිවේදන අංශය සදහන් කරයි.

ඒ අනුව ගුවන් යානා යෙදවීම ගුවන් මගීන් සහ භාණ්ඩ ප්‍රවාහන ආදායම, වෙළඳ පොළ ආදායම සහ ඒකක පිරිවැය අඩුවීම යනාදියෙහි සැලකිය යුතු වර්ධනයක් ඇතැයිද සමාගම පෙන්වා දෙයි.
 
මෙම කාල පරිච්ජේදය තුළ ප්‍රධාන ගුවන් සේවා මෙහෙයුම්වලින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ශුද්ධ ප්‍රවාහන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 746 ක් හෙවත් රුපියල් බිලියන 120 දක්වා වර්ධනය වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වර්ධනයකි.
 
නිසි අයුරින් ඵලදායි ලෙස ගුවන් යානා මෙහෙයුම් සඳහා යෙදවීම, ගුවන් ගමන් වාර ක්‍රමවත්ව හා නිවැරදිව මෙහෙයුම් සඳහා භාවිත කිරීම මගින් සමස්ත ආසන ධාරිතාව 6.5%කින් වැඩිදියුණු වි ඇති බවද සමාගම පෙන්වා දෙයි.

 



අදහස් (15)

ශ්‍රීලංකන් ප්‍රවාහන ආදායම බිලියන 120 දක්වා ඉහළට

du Wednesday, 23 January 2019 01:48 PM

එහෙනම් පාඩුයි කියන්නේ ????.

:       4       58

d.upulWednesday, 23 January 2019 06:53 PM

අර හිටපු කෙනා ගියාට පස්සේ ලාබයි.

:       61       36

duThursday, 24 January 2019 01:57 PM

නාටක මාරයි. නවයහ මාරයි.. කිව්වලු..

:       19       0

chandima Wednesday, 23 January 2019 04:48 PM

මේකත් අර මොකක්ද වගේ, හිතාගන්න බැහැ, එක දවසක කියනවා ආදායම බැස්ස, පාඩුයි කියලා. ආයෙත් වෙලාවකට කියනවා ආදායම නැගලා කියලා. එහෙම නැගලා කියපු කාලෙට අලුතින් ප්ලේන් තොගයක් ගන්නවා. බැහැලා කියපු කාලෙට ඒ ඇනවුම් කැන්සල් කරලා ගෙනාපුවත් විකුනන්න කතා කරනවා. අපිට මොලේ කොලොප්පන් වෙලා මෙහෙම හිතෙනවද මන්ද?

:       2       29

Sam Wednesday, 23 January 2019 11:48 PM

කියන්නකෝ වියදම කොහොමද කියලා.

:       2       63

Sunil Thursday, 24 January 2019 12:23 AM

ඒ ආදායම විතරයි. පාඩුවත් ඒවගේම ඉහලට.

:       2       98

abaran Thursday, 24 January 2019 02:46 AM

ශුද්ධ ප්‍රවාහන ආදායම කියලා දමන්නේ අපිට නොතේරෙන ආකාරයට විය හැකියි. මුළු ආදායම සහ මුළු වියදම සඳහන් කළා නම් හැමෝටම පහසුවෙන් තේරුම් ගන්ට තිබුණානේ..

:       0       26

menna Thursday, 24 January 2019 12:17 PM

අාදායම කිව්වට වියදම කියලා නැහැ. කමක් නැහැ අපි අහගෙන ඉන්නම්...

:       0       155

සනත් Friday, 25 January 2019 05:11 PM

කෝප් කමිටුවේ සභාපති හඳුන්නෙත්ති මන්ත්‍රීට අනුව නම් 2018 වර්ෂයේ පාඩුව රුපියල් මිලියන 40000ක් එ් කියන්නේ බිලියන 40ක්...

:       0       6

nimal Saturday, 26 January 2019 01:35 AM

මේ ඔක්කොම හොරු , මේ අයට ඡන්දය දෙන හැමෝබ පල් මෝඩයන් ගොන්නුන්

:       0       1

nimal Saturday, 26 January 2019 12:26 PM

2018 ජනවාරි 1 US $ 1 = රුපියල් 147 2019 ජනවාරි 1 US $ 1 = රුපියල් 183 රුපියල් අගය 25% පමණ අවප්‍රමාණ වෙලා. එතකොට 8% ලාභද? අලාභය 17% වැඩි වෙලාද? අපි ඔක්කොම මෝඩහින්දා හොඳයි.

:       0       3

de silva Sunday, 27 January 2019 04:12 AM

මේක කළමනාකරණය කරන්න අර කලින් කලාවගේ පිටරට සමාගමකට දෙන්න එහෙම නැත්නම් මේක විකුණලා දමන්න , මේක වාර්ෂිකව කොපමණ පාඩු ලැබුවත් අපේ බදුමුදලින් මේ පාඩුව ගෙවා ගෙවා (පක්ෂ භේදයකින් තොරව) දේශපාලකයෝ මේක තියගෙන ඉන්නේ උන්ගේ හෙන්චියලට රස්සාවල් දෙන්න සහ උන්ගේ අවශ්‍යතා පිරිමහ ගන්න , මේකේ ලක්ෂ 10 වැඩියෙන් වැටුප් ගන්න මිනිස්සු 190 ඉන්නවලු , පසුගිය අවරුදු 10 තුල මේකට වෙච්ච පාඩුව රුපියල් කොටි 20000 කට වැඩිය , එම මුදල් ලංගමට බස් ගෙන එන්න හෝ දුම්රිය දෙපාර්තමේන්තුවට වියදම් කලානම් අපේ ප්‍රවාහන ශේත්රය කොපමණ දියුනුවෙවිද ? අපි දුක්විඳිමින් අපේ මුදලින් මෙවැනි සුදු අලි නඩත්තු කල යුතුද?

:       0       4

laksitha paris Sunday, 27 January 2019 05:22 PM

අපිට ලස්සනට ගෙදර යන්න තිබුණු එකත් නැති කළා..

:       9       51

samantha Monday, 28 January 2019 02:31 PM

මේ ආදායම ඩොලර් වලින් දාන්න ඕනි. ඩොලර් අගය සංසන්දනය කරන්න ඕනි. හුගක් ව්‍යාපාර වල රුපියල් ආදායම වැඩි. ඊට හේතුව විකුණු භාණ්ඩ හා සේවා උද්දමනය මත ඉහල ගිහින් ඇති නිසා. හරියට බැලුවොත් ශ්‍රී ලන්කන් එක අධික අලාබයක්

:       0       2

sajith Thursday, 31 January 2019 06:50 AM

වියදම සහ ශුද්ධ ලාභය කීයද? ඇයි ඒක නොකියන්නේ? හිතන්නේ මේ රටේ ඔක්කොම අට පාස් නැති අය කියලද? මේවා නිකන් අගමැති තුමාගේ සුරංගනා කතා වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site