ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියානු සාගර කලාපීය ප්‍රමුඛ ගුවන් සමාගමක් ලෙස සිය ස්ථාවරය යළිත් තහවුරු කරමින් ලෝක සංචාරක සම්මාන උළෙලෙහි දී අඛණ්ඩව 3 වන වරටත් ඉන්දියානු සාගර කලාපය වෙත මෙහෙයුම් සිදුකරන ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවයට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය.
ලෝක සංචාරක සම්මාන උළෙලේ ආසියාව සහ ඕෂනියාවට අදාළ සම්මාන උත්සවය 2019 ඔක්තෝබර් 12 වැනිදා අති උත්කර්ෂවත් අන්දමින් වියට්නාමයේ දී පැවැත්විණි.
මෙම සම්මානය සඳහා තරග කළ අනෙකුත් තරගකරුවන් අතරට බැංකොක් එයාර්වේස්, කැතේ පැසිෆික්, චයිනා ඊස්ටන් ගුවන් සේවය, චයිනා සදර්න් එයාර්ලයින්ස්, හයිනාන් එයාර්ලයින්ස්, හොංකොං එයාර්ලයින්ස්, කොරියන් එයාර්, මැලේසියා එයාර්ලයින්ස්, සිල්ක් එයාර් සහ සිංගප්පූරු ගුවන් සමාගම් එක්ව සිටියහ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් ආරම්භ කරන ලද නවතාවයෙන් යුත් ප්‍රචාරණ වැඩසටහන් මගින් සංචාරකයින් හට ඉන්දියානු සාගර කලාපය වෙත සංචාරය කිරීමට, නිරතුරුව කරන ලද දැනුවත් කිරීම් සහ පෙළඹවීම මෙම සම්මානය දිනා ගැනීමට ප්‍රධාන හේතුවක් විය.
මේ සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා ප්‍රකාශ කර සිටියේ මෙම ගෞරවනීය සම්මානය හිමිවීම තුළින් ඉන්දියන් සාගර කලාපයේ ප්‍රමුඛ පෙළේ ගුවන් සේවයක් ලෙස කටයුතු කිරීමට ශ්‍රීලංකන් දැරූ උත්සාහයේ සාර්ථකත්වය තවත් තහවුරු කරන බවයි.
එසේම ඉන්දියානු උපමහාද්වීපය වෙත සහ ඉන් පිටතට යාමට ඇති අපගේ ගෝලීය සම්බන්ධතා හේතුවෙන් කොළඹ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සම්මානය දකුණු ආසියාතික කලාපය තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ශක්තිමත් බව හා ස්ථාවරත්වය පෙන්නුම් කිරීමක් වන අතර ඉන්දියාවේ ගමනාන්ත 11 ක් වෙත සතියකට ගුවන් මෙහෙයුම් 121 ක් සිදුකරමින් කලාපය තුළ විශාල සහයක් ලබාදෙයි. ඒ අනුව චෙන්නායි, ට්‍රිවන්ඩ්‍රම්, තිරුචිරප්පල්ලි, මුම්බායි, බැංගලෝර්, නවදිල්ලිය, කොචින්, මදුරෙයි, කොල්කටා, කොයිම්බතූර්,හයිද්‍රාබාද්,ඩකා, කරච්චි සහ ලාහෝර් වැනි ජනප්‍රිය නගරවලට ද ගුවන් සේවය මෙහෙයුම් ක්‍රියාත්මක කරයි.
මෙම වසරේදී ගුවන් සේවය කලාපයේ සම්බන්ධතා වැඩි දියුණු කිරීම් සිදු කළ අතර ඒ අනුව කොළඹ සහ නවදිල්ලිය අතර නව ගුවන් සංඛ්‍යාත තුනක් එකතු කරමින් මේ වන විට සතියකට ගුවන් ගමන් 18 ක් දක්වා ව්‍යාප්ත කර ඇත. එසේම ජපානයේ නරීටා සහ මාලදිවයින අතර සෘජු ගුවන් ගමන් ව්‍යාප්ත කිරීමට කටයුතු සළසා ඇත.
ලෝක සංචාරක සම්මාන උළෙල සංචාරක ක්‌ෂේත්‍රයේ විවිධ අංශ හඳුනා ගැනීමටත්, සංචාර ඇතුළු විශිෂ්ටතා ඇගයීමටත් 1993 වසරේ දී ස්‌ථාපිත කර ඇත. ලෝක සංචාරක සම්මාන ප්‍රධානෝත්සවය ලොව විශිෂ්ටතම වෙළඳ නාම විශිෂ්ටත්වය අගයනු ලබන සම්මාන උළෙලක් බව ගෝලීයව පිළිගනී.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම වත්මන්හි රටවල් 48 ගමනාන්ත 109 ක් වෙත සිය ගුවන් මෙහෙයුම් සිදුකරයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවාවක් වශයෙන් වන්වර්ල්ඩ් පාර්ශව ගුවන් සේවා හරහා රටවල් 160 ගමනාන්ත 1000 දක්වා පියාසර කිරීමේ පහසුකම ශ්‍රීලංකන් ගුවන් මගීන්ට හිමිවේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රීලන්කන් ගුවන් සේවයට අඛණ්ඩව තෙවැනි වරටත් සම්මානයක්
Vipula Monday, 14 October 2019 08:28 AM
මැද පෙරදිග යන අපෙන් අහන්න අපිට ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවෝ සලකන්නේ කොහොමද කියලා සමහරවිට අපි වැඩිදෙනා පිටිසරින් එන නිසා වෙන්නැති.
මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Monday, 14 October 2019 11:36 AM
සම්මාන ලැබුණාට වැඩක් නැහැ. පාඩු පිට පාඩුවට දුවන්නේ. පාඩුව පියවන්නේ භාණ්ඩාගාරයෙන්.... තවත් මදිවට ඔෆර් දෙනවලු සම්මාන වලින් වැඩක් නැහැ.. ලාභ නැතිනම්...
janatha anuraMonday, 14 October 2019 08:05 PM
අපි පළමුව අනෙකුත් අයට ගරු කරමු ප්‍රශ්නය විසදෙනවා එතකොට, අපිට නම් එසේ වෙනසක් නැහැ අපේ ගුවන් සේවාව සේවක සේවිකාවන් අපිට අපේ රටට ආඩම්බරයක් අපේ දෙය අගය කරමු කකුලෙන් නොඅදිමු
sumithTuesday, 15 October 2019 03:38 AM
හරියට හරි එයාල හිතන්නේ අපේ සල්ලි සල්ලි නොවෙයි කියලා, අපිට කුඩම්මාගේ සැලකිලි , මම නම් ඔකේ යන්නෙම නැහැ , යන්නේ වෙන එයා බස් එකක
lanka Monday, 14 October 2019 01:23 PM
අපේ රටේ මිනිස්සු බස් එකේ කෝච්චියේ යන විදිය මම අමුතුවෙන් කියන්න ඕන නැහැ. එහෙම අපිට ගිනි ගණන් වලට ඉඳල හිටලා පැය කීපයක් ගමන් කරන ගුවන් යානයක සැපට යන්න අවශ්‍ය නැහැ. කරුණාකර සැප අඩුවුණත් කමක් නැහැ. ටිකට් එකේ මිල අඩු කරන්න. මේ පාරේ බස් එකේ කෝච්චියේ යන අපිට ඔය ප්ලේන් එකේ පොඩ්ඩක් වෙලා යන්න මහා ලොකු සැපක් ඕනෑ නැහැ. ටිකට් එකේ මිල වැඩියි. හැබැයි ගුවන් සමාගම මොනතරම් පාඩු වුණත් සේවකයින්ට නම් ඉහළ පඩි, දීමනා, පවුල් පිටින් නොමිලේ ගුවන් ගමන් වසරකට කීපසැරයක්ම... දැන් ලෝකේ අලුත් පරපුර ප්ලේන් එකෙක යන්න සැප නෙමෙයි හොයන්නේ.. හොයන්නේ අඩු මිල ටිකට්...
chandima Monday, 14 October 2019 09:38 PM
නියමයිනේ. අන්න වෙලාව, අලුතින් යානා දහයක් ඇනවුම් කරලා දෙකකට ගෙවල දහයේම කොමිස් මුදල අරගත්තට පස්සේ, එයා ලංකා පාඩුයි කියල ගත්ත කොමිස් මුදල භාණ්ඩාගාරෙන් ගෙවල ඇනවුම අවලංගු කරන්න පුළුවනි.
janatha anura Tuesday, 15 October 2019 03:40 AM
ඔබ හරි නව ගුවන් යානා 12 සඳහා සැලසුම් කල 6 ලබාගන්නට තියෙන අතරේ එය අවලංගු කලා වන්දිත් ගෙවන්න උනා පොරොන්දුවට වඩා ඩොලර් මිලියන 63 ක් 83 වනකම් ගෙවූ බව කියවුනා.