(ටී.කේ.ජී.කපිල)
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ කාර්ය මණ්ඩලය ලෝකඩ පදක්කමක් සහ කුසලතා සම්මානයක් දිනාගෙන තිබේ.
කොළඹ ගලදාරි හෝටලයේ දී මෙම සම්මාන උත්සවය පැවැත්විණි. මෙම සම්මාන උළෙල බ්‍රිතාන්‍ය පරිගණක සංගමයේ ශ්‍රී ලංකා අංශය විසින් වාර්ෂිකව සංවිධානය කරන ලද වැඩසටහනකි .
එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ අභ්‍යන්තර සංවර්ධිත යෙදුම වන" ifleet " සදහා ලෝකඩ පදක්කමත්, ශ්‍රී ලන්කන් කාර්යය මණ්ඩල සංචාරක යෙදුම වන "charika" සදහා කුසලතා සම්මානයත් හිමි වී තිබේ .
කාලීන පියාසැරි තත්ත්වයන්, මගී බර ප්‍රමාන , කාර්ය මණ්ඩල තොරතුරු සහ ගුවන්යානා නඩත්තු කාල සටහන් ifleet මෘදුකාංගය තුළ ඇතුළත් ව ඇති අතර, ගුවන් යානා ප්‍රවේශ පත්‍ර, ගෙවීම් කටයුතු පිළිබඳ තොරතුරු charika මෘදුකාංගය තුළ අඩංගු වී ඇත.
ශ්‍රී ලංකාවේ හොඳම සංවිධාන ගෝලීය තාක්ෂණ වෙළඳපොළ අත්පත් කර ගැනීමේ ජාතියේ හැකියාව මෙමගින් අගය කිරීමට ලක් කර තිබේ.
මෙම තරගාවලිය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංවිධානය 120 ක්, නවීන තොරතුරු තාක්ෂණ නිෂ්පාදනය 250 වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබිණි.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා සහ එක්සත් රාජධානිය රාජධානියේ තොරතුරු තාක්ෂණ ආයතනය ආයතනයේ සභාපති මයිකල් ග්‍රාන්ට් මහතා මෙම උත්සවයට ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වී සිටියහ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
ශ්‍රීලන්කන් ගුවන් සේවයේ තොරතුරු තාක්ෂණ අංශයට සම්මානයක්
Frequent Traveller Thursday, 14 November 2019 03:51 PM
යානය ඇතුළත සේවාව ඉතා සතුටුදායක වේ. කොටින්ම ලෝකයේ හොඳම සේවාව කියන්න පුළුවන්.. බලන්නකෝ අනිත් ගුවන් සේවාවල වෙබ්අඩවි. ගමනක් ඇනවුම් කරන්න තොරතුරු හොයද්දී දිනය වෙනස් කරන්න වුණොත් මුල සිට නැවත පටන් ගන්න වනවා. හරි අපහසුයි.
මංජුල Friday, 15 November 2019 05:59 AM
හැමදාම සම්මාන. තවම හම්බුනේ නැත්තේ ලෝකයේ පාඩු ලබන එකම ගුවන් සේවය සම්මානය විතරයි.