( තිළිණි ද සිල්වා )
මෙරට සංචාරක ව්‍යාපාරය නංවාලීම සඳහා ඉදිරි මාස 4ක කාලයට රුපියල් කෝටි 16 කට වැඩි ප්‍රතිපාදන වෙන් කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
මේ සඳහා කෙටිකාලීන ක්‍රියාකාරී සැලැස්මක් දැනටමත් සකස් කර ඇති අතර ඒ යටතේ කුරුණෑගල, මාතලේ, මන්නාරම, මහනුවර, අම්පාර, බදුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්ක හඳුනාගත් ආකර්ෂණීය ස්ථාන 12 ක් සංවර්ධනය කරන බව ඇමැති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ඊට අමතරව ප්‍රජා සත්කාරක සංචාරක ගම්මාන සංවර්ධන කටයුතු සදහා ද රජය විශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඒ අනුව මෙදේරිපිටිය, හීල් ඔය, ඇටන්වල, බෝඹුරු ඇල්ල, හීලෝගම යන ගම්මානවල සංචාරක සංවර්ධන ව්‍යාපෘති මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද සංචාරක අමාත්‍යවරයා පැවසීය.
මෙම ගම්මාන විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම සදහා වෙන් වෙන් වශයෙන් එම ගම්මාන වලට වෙබ් අඩවි නිර්මාණය කිරීමට ද පියවර ගනිමින් පවතී.
සංචාරක ව්‍යාපාරය නංවාලීම මෙම වැඩපිළිවෙළ යටතේ දිවයිනේ දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණය සදහා දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ මීගමුව, මහනුවර හා කළුතර දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට ද පියවර ගෙන ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
මෙම ව්‍යාපෘතිය යටතේ දැනටමත් ඇල්ල, හැටන්, ගාල්ල, බෙන්තොට, උණවටුන වැනි දුම්රිය ස්ථාන නවීකරණය කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු අධීක්ෂණය යටතේ පවතින මන්නාරම, කල්පිටිය හා මඩකලපුව යන පැරණි බලකොටු තුන සංවර්ධනය කිරීමට ද රජය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංචාරක ව්‍යාපාරය නංවන්න කෝටි 16 කට වැඩි ප්‍රතිපාදන