(තිළිණි ද සිල්වා )
සංචාරක සත්කාරක නිවහන් සඳහා ණය ලබාදීමේ පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
දිවයින පුරා ක්‍රියාත්මක වන සංචාරක සත්කාරක නිවහන් (Homestay) වැඩිදියුණු කිරීම සඳහා ණය පහසුකම් ලබාදීමේ මෙම ක්‍රමවේදය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ මුදල් අමාත්‍යංශයේ මූලිකත්වයෙන් ක්‍රියාවට නංවා ඇතැයි එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් උපාලි රත්නායක මහතා කීය.
මෙම වසර සඳහා වූ අයවැය යෝජනාවලට සහ ත්‍රෛවාර්ෂික (2017-2020) සංචාරක උපාය මාර්ගික සැලැස්මට අනුකූලව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවා ඇති අතර සංචාරක සත්කාරක නිවාසවලට, සංචාරක බංගලාවලට සහ සංචාරකයන්ට කෙටිකාලීන පදනම මත කුලියට දෙන නිවහන් (Rented Apartments ) සඳහා මේ යටතේ ණය පහසුකම් සැලසෙන බවද රත්නායක මහතා කීය.
මෙම ණය ඉල්ලුම් කිරීම සඳහා ඉල්ලුම්පත් ඕනෑම ලංකා බැංකු හෝ මහජන බැංකු ශාඛාවකින් ලබාගත හැකි අතර ණය ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මහා භාණ්ඩාගාරය සහ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සිදුකරනු ලබයි. ඉල්ලුම්කරුවන්ට සිය ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකු හරහා ණය මුදල් ලබාගැනීම සිදු කළ හැකිය.
රත්නායක මහතා ප්‍රකාශ කළේ වැඩිදියුණු කළ නිවහන් අලුතින් ලියාපදිංචි කිරීමේ දී සහනදායී ගාස්තු යටතේ එය සිදු කිරීමට ද කටයුතු යොදා ඇති බවයි.
මෙම ණය සඳහා පොළී අයකිරීමේදී ද සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කෙරෙන බව කී රත්නයක මහතා ඒ යටතේ 14%ක් වන පොළී අනුපාතිකයෙන් 6%ක් දක්වා මහා භාණ්ඩාගාරය විසින් ගෙවීම් සිදු කරන බව හෙතෙම සඳහන් කළේය.
මෙම ණය ක්‍රමය පිළිබඳ වැඩිදුර තොරතුරු 2426800 දුරකත අංකයෙන් (දිගු අංක 250) හරහා ලගා ගත හැකිය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංචාරක සත්කාරක නිවහන් වලට ණයදීමේ වැඩසටහනක්