( තිළිණි ද සිල්වා )
සංචාරකයන් දිවයිනට ගෙන්වා ගැනීම සදහා පස් අවුරුදු විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කළ බව සංචාරක අමාත්‍යාංශ්‍ය කියා සිටී.
මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ඉහළ පෙලේ කමිටුවක් ද පත් කිරීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන රටවල් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
නව සංචාරක නිපැයුම් සංවර්ධනය , බෞද්ධ මංපෙත් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය,සුවතාව හා ආයුර්වේද මත පදනම් වූ සංචාරක ව්‍යාපාරය, චිත්‍රපථ රූගත කිරීම්, ත්‍රාසජනක ක්‍රීඩා, ජාත්‍යන්තර ක්‍රීඩා තරග හරහා සංචාරක ප්‍රවර්ධනය පාරිසරික සංචාරක ව්‍යාපාරය වැනි විවිධ ක්ෂේත්‍රයන් ඉලක්ක කරගනිමින් මෙම ප්‍රවර්ධන කටයුතු ද ලෝකය පුරා සිදු කිරීමටත් , ඒ සදහා විදේශගත ශ්‍රී ලංකා දූත මණ්ඩල සහය ලබා ගැනීමත් මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන හරහා සිදු කෙරේ.
මේ සදහා දැනටමත් උපායමාර්ගික සංවර්ධන සැලැස්මක් ද සකස් කර ඇති අතර ඊට ඇමැති මණ්ඩල අනුමැතිය ද හිමිව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කීරීමේ කමිටුවේ සභාපතිවරයා වශයෙන් සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා කටයුතු කරන අතර සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනී කිමාලි ප්‍රනාන්දු, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂ මධුභාෂිණි පෙරේරා, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වන හිරාන් කුරේ, තිලක් වීරසිංහ,සනත් උක්වත්ත , සමින්ද පෙරේරා , නිමේෂ් හේරත් යන මහත්ම මහත්මීහු මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.
මෙම ඉහළ පෙළේ කමිටු සාමාජිකයන්ට පත්වීම් ප්‍රදානය කිරීම ඇමැතිවරයාගේ අතින් සිදු වූ අතර කමිටුවේ පළමු සාකච්ඡාවටද ඇමැතිවරයා සහභාගී විය.
මෙහිදි අදහස් දැක්වූ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයේ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙසත් කොවිඩ් සුරක්ෂිතම රටක් ලෙසත් ප්‍රවර්ධනය කිරීමට අපෙක්ෂා කරන බවයි.
වාර්ෂිකව සංචාරකයන් මිලියන 7 ක් දිවයිනට ගෙන්වා ගැනීමේ හා ජාතික ආර්ථිකයට සංචාරක ව්‍යාපාරයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 ක ආදායමක් ලබා දීමේ රජයේ ඉලක්කය කොවිඩ් වසංගතය හේතුවෙන් දශමයක් හෝ අඩු වී නැති බවත් ඒ සදහා උපරිමයෙන් රජය කටයුතු කරමින් සිටින බවත් ඇමැතිවරයා කීවේය.
ජනවාරි 21 වැනිදා සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 5000 ඉක්මවා ඇති බවත් තවත් මාස කිහිපයක් ගත වන විට මෙරටට සංචාරකයන්ගේ පැමිණීම යථා තත්වයට පත්වනු ඇතැයිද අමාත්‍යවරයා කීය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංචාරකයින් ගෙන්න ගන්න 5 අවුරුදු සැලැස්මක්
de silva Tuesday, 23 February 2021 09:23 AM
සංචාරකයෝ ගෙනත් ආණ්ඩුවේ හෙංචයියලාගේ හෝටල් පමණක් පුරවාගෙන ඉන්නවා. අනිත් මිනිස්සුන්ගේ හෝටල්වලට එන සංචාරකයන්ට වීසා දෙන්නේ නැහැ. මේකද ක්‍රමය? අනිත් මිනිස්සුන්ගේ හෝටල් බංකොළොත් වුණාම රාජපක්ෂලාගේ ගෝලයෝ ඒවා කුණු කොල්ලයට ගන්නවා. සංචාරක ව්‍යාපාරෙන් ජීවත් වන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් බඩගින්නේ... මිනිස්සු සේරම එකතුවෙලා ඔබලාගේ ඔය හෝටල් කිහිපයට ගල් ගසන දවස අතළඟ...
Chaminda Tuesday, 23 February 2021 06:35 PM
පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයින් ගේන සැලසුමට එහෙනම් 15 අවුරුද්දක්වත් යනවා ඇති...
අජිත් Wednesday, 24 February 2021 08:18 AM
සංචාරකයින් නම් මිලියන 7ක් ගේන්න සැලැස්ම. ඒ වුණාට මැදපෙරදිග හා යුරෝපයේ ඉන්න ශ්‍රමිකයන් 60000ක්, 70000ක් ගෙන්න ගන්න තමයි තාමත් සැලැස්මක් නැත්තේ... අවුරුද්දක් ගෙවිලත්. විදේශවල රස්සාවට ගිය පුරවැසියන් ලංකාවට එන්න නැතුව, රස්සා නැතුව හිඟාකන තත්වයට අද පත්වෙලා. මාස ගණන් පෝලිම් වල ඉඳලා ලක්ෂ ගණන් හෝටල්වලට ගෙවලා හිස් අතින් ගෙදර යන්න වෙලා. මේවාට සැලසුමක් හදන්න තමයි කවුරුවත් නැත්තේ... ඇයි මේ විදියට විදෙස්ගත ශ්‍රමිකයින්ට සලකන්නේ? බිලියන ගණනක් රටට හම්බ කරලා එවන ඒවාට කලගුණ සලකන්නද?
Lanka Thursday, 25 February 2021 12:40 PM
ලංකාවේ දේශපාලුවන් ටික දන්නේ කොරෝනාව ගරානාවක් කරගෙන බඩ වඩා ගන්නයි, හෙන්චයියන්ට හම්බ කරන්න, ඉඩ දෙන එකයි, අනාගත සැලසුම් කිය කියා සැලසුම් කරකර වචන හරඹ වලින් ජනතාව අන්දන එකයි. ඒක ලෝකයම දන්නවා, සංචාරකයන් හැමතිස්සේම මුලින්ම බලන්නේ තමන්ගේ රටේ ජනතාවකට, මානව හිතවාදී විදිහට රජයක් සලකනවාද කියන එක. මුලින්ම කරන්න ප්‍රධානතම දැවෙන ප්‍රශ්නවලට පිළිතුරු හොයන එක... ඒ කියන්නේ මානුෂික ප්‍රශ්නයක් විදිහට සලකලා විදෙස් ශ්‍රමික රට විරුවෝ ටික ගෙන්නන එක. දෙවනුව එන්නත ලබාගෙන එන විදේශිකයන් සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ප්‍රකාශ කිරීම, එන්නතත් ලබාගෙන, මුදල් වියදම් කරගෙන ලංකාවට ඇවිල්ලා හෝටලයකට කොටුවෙලා නිරෝධායනය වේවී ඉන්න කිසිම සංචාරකයෙක් කැමති නැහැ, සරල ඇත්ත ඒකයි!