මෙරට සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට විවිධ ස්ථාන වෙත ඉතා පහසුවෙන් ගමන් කිරීම සඳහා අභ්‍යන්තර ගුවන් තොටුපළවල් යොදා ගනිමින් ගුවන් සේවාවක් ආරම්භ කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇතැයි සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය පවසයි.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව විශාල ලෙස වර්ධනය වී තිබෙන අතර ලබන වසරේ එම සංඛ්‍යාව ලක්ෂ 25 ක් සඳහා වර්ධනය කර ගැනීමේ ප‍්‍රවර්ධන කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙන හෙයින් එලෙස පැමිණෙන සංචාරකයින් වෙනුවෙන් මෙම අභ්‍යන්තර ගුවන් තොටුපළවල් යොදා ගනිමින් ගුවන් සේවාව ඇරඹීමට රජයේ අවධානය යොමු වී ඇත. මේ සඳහා ඉදිරියේදි ගුවන්යානා කිහිපයක් ලබා ගැනීමටද සිදුවනු ඇතැයි රජය පවසයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සංචාරකයෝ උඩින් ගෙන යති
කිත්සිරි Thursday, 16 July 2015 11:56 AM
ඉතා හොඳ යෝජනාවක් (නි)
නුවරඑළියේ වසන්ත Thursday, 30 July 2015 05:58 AM
රටට එන සංචාරකයෝ ගුවනින් අරන් ගියාම එයින් ආදායම් ලැබෙන්නේ ටික දෙනෙකුටයි. ඇරත් ඉක්මනින් තැනින් තැනට යන්න ගුවන් පහසුකම් සැලසුවාම සංචාරකයෝ රටේ නවතින කාලය අඩු වෙනවා. අපේ වගේ පුංචි රටකට එන සංචාරකයෝ පුළුවන් තරම් බිමින් ගෙනියන්න පහසුකම් දියුණු කරන්න ඕනේ. එතකොට සාමාන්‍ය වෙළෙන්දෙකුට තැඹිලි ගෙඩියක් හරි විකුණගන්න අවස්තාව ලැබෙනවා. නරඹන්න තියෙන ටික ගුවනින් අරන් ගියාම දවස් 10කට ආපු සංචාරකයා දවස් 3න් ආපහු යනවා. (බ)
ද සිල්වා බර්ලින් Saturday, 25 July 2015 07:13 AM
ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් කුඩාපරිමාණ සංචාරක ව්‍යාපාරිකයට පහසුකම් සලසල , සේවක යන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙන්න ඕනේ ? මොන ආණ්ඩුව අවත එම දෙය සිදුවන බව නොපෙනේ සංචාරක මණ්ඩලය වැනි ආයතන හරහා අපට අලුතෙන් නීති දමමින් අපේ තිබෙන සොච්චමත් සුර කන්න තමඊ නිතරම බලන්නේ, බැංකු ණයක් ගන්නත්, මධ්‍යසාර බලපත්‍ර ලබාගන්නත් සැම දෙයකටම මේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඕනේ, නිලධාරීන්ට කෑමෙන් බීමෙන් සහ මුදලින් දොළ පිදේනි දී නිමක් නැත , මේක තමා සංචාරක ව්‍යාපාරයේ නියම තත්වය , සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න ඕනේ නම් සංචාරක මණ්ඩලය නමැති මාෆියාව අහෝසි කර දමන්න (ස)
ද සිල්වා බර්ලින් Saturday, 25 July 2015 07:14 AM
ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න නම් කුඩා පරිමාණ සංචාරක ව්‍යාපාරිකයන්ට පහසුකම් සලසලා සේවකයන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබාදෙන්න ඕනේ. මොන ආණ්ඩුව අාවත් එම දෙය සිදුවන බව නොපෙනේ. සංචාරක මණ්ඩලය වැනි ආයතන හරහා අපට අලුතෙන් නීති දමමින් අපේ තිබෙන සොච්චමත් සුරා කන්න තමයි නිතරම බලන්නේ, බැංකු නයකර ගන්නත්, මද්‍යසාර බලපත්‍ර ලබාගන්නත් හැම දෙයකටම මේ සංචාරක මණ්ඩලයේ අනුමැතිය ඕනේ. නිලධාරීන්ට කෑමෙන් බීමෙන් සහ මුදලින් දොළ පිදේනි දී නිමක් නැත. මේක තමා සංචාරක ව්‍යාපාරයේ නියම තත්වය. සංචාරක ව්‍යාපාරය දියුණුකරන්න ඕනේ නම් සංචාරක මණ්ඩලය නමැති මාෆියාව අහෝසි කර දමන්න (නදී)
බන්දුල Friday, 24 July 2015 02:13 PM
ලංකාව හෝටල් සහ පහසුකම් සදහා අධික මිලක් අය කරන නමුත් මුදලට සරිලන සේවයක් කරන්නේ නැහැ සමහර 5 ස්ටාර් හෝටලවල තියන ඇඳන් වෙන රටවල කුණු දන තැන වලින් හොයා ගන්න පුළුවන් .ආගමන නිලදාරීන් හරිම අහන්කාරී .හෝටල් සේවකයන් හිනාවෙන්න දන්නේ නැහැ .තායිලන්තය වගේ රටකින් උදාහරණ ගන්න ඕන (අ)
ගීතා Thursday, 23 July 2015 05:11 PM
බොහොම හොඳ වැඩපිළිවෙළක් (නි)
ගෞරී Sunday, 19 July 2015 06:55 AM
මේ අදහස වැරදියි. ලංකාව ඉතා කුඩා රටක්. ගුවන් ගමනට වඩා වෙලාවක් යයි ගුවන් පොලට යාමට. ඒටත් වඩා සංචාරකයෝ කැමතියි රට වටා ඇවිද ජනතාව සහ ඔවුන්ගේ ජීවන රටාව , රටේ ලස්සන බලන්න. මම හිතන්නේ මේකට වැඩි ඉල්ලුමක් තියෙන එකක් නැහැ. ඒ වෙනුවට පාරවල් ඉදි කිරීම වඩා වැදගත්. හැබැයි චීන වරායට කුඩා ගුවන් තොටුපොළක් ඉදිකිරීම ප්‍රයෝජනවත් විය හැකියි. (බ)
මහේෂිකා Friday, 17 July 2015 06:40 PM
මේවා මහින්ද චින්තනයේ තිබුන දේවල්. මහින්ද මුල් තැන දුන්නේ රටේ මිනිස්සුන්ට. එ්ක නිසා තමයි මුලින්ම පාරවල් හැදුවේ. එජාපය කොහොමත් මුල් තැන දෙන්නේ විදේශිකයෝ සතුටු කරන එකටනේ. (නදී)
දිමුත් Friday, 17 July 2015 03:52 AM
රවින්: මහින්ද චින්තනයේ ගොඩක් ඒවා තිබුණා. හැබැයි කළේ නැහැ. (අ)
දිමුත් Friday, 17 July 2015 03:44 AM
රවින්: මහින්ද චින්තනයේ ගොඩක් ඒවා තිබුණා. හැබැයි කලේ නැහැ. (ම)
රවින් Wednesday, 15 July 2015 07:31 AM
මහින්ද චින්තනයේ ශ්‍රීලංකාව ගුවන් කෙන්දයක් කරනවා කියල තිබුණේ මේක නේද? (ම)
යසිරු Thursday, 16 July 2015 11:04 AM
මේ වගේ හොද ව්‍යාපෘති කරන්න පුළුවන් මහින්දට විතරයි.(හේ)
ඉමේෂ් Thursday, 16 July 2015 09:52 AM
අපේ රටේ සංචාරක කර්මාන්තය හරිම නොදියුණු මට්ටමක තියෙන්නේ. මැලේසියාව වගේ රටවල හැම පොඩි නගරයක්ම එයාල සංචාරක අන්තයක් කරනවා. අවශ්‍ය පහසුකම් තියෙනවා. (අ)
ඉමේෂ් Thursday, 16 July 2015 09:47 AM
අපේ රටේ සංචාරක කර්මාන්තය හරිම නොදියුණු මට්ටමක තියෙන්නේ. මැලේසියාව වගේ රටවල හැම පොඩි නගරයක්ම එයාල සංචාරක අන්තයක් කරනවා. අවශ්‍ය පහසුකම් තියෙනවා. (ස)
පහන් Thursday, 16 July 2015 08:46 AM
සමහර සංචාරකයෝ මෙහෙ තියන එක එක ජාති බිල පාවෙවී උඩින් යනවා (නදී)
පහන් Thursday, 16 July 2015 08:45 AM
සමහර සංචාරකයෝ මෙහෙ තියන එක එක ජාති බිලා පාවෙවී උඩින් යනවා (ම)
ආනන්ද දොඩන්ගොඩ Wednesday, 15 July 2015 03:23 PM
පහු ගිය කාලේ තිබුන හෙලිකොප්ටර් වලින් ජලයට බස්සවන ගුවන් යානා වලින් , මහජන මුදල් වැය කරමින් ගියේ , සංචාරකයන් නොවේ , මහින්දගේ පවුලේ සහ හිතවතුන් පමණයි (ස)
ජයන්ත Wednesday, 15 July 2015 01:06 PM
මෙරට සංචාරයට පැමිණෙන විදෙස් සංචාරකයින්ට උපරිම පහසුකම් සපයන්න ඕනෑ. ඒ වගේම ලංකාවට හොඳට වියදම්කරන සංචාරකයන් ගෙන්වාගන්න වැඩපිළිවෙලක් යොදන්න. ලෝකයේ ගොඩක් රටවල ඒ සඳහා ඉහළ උපක්‍රම යොදනවා. සිංගප්පුරුව, ඩුබායි මැලේසියා හොඳ උදාහරණ. ලංකාවේ හෝටල් පහසුකම් තවම තිබෙන්නේ පරණ ක්‍රමයට. අලුතින් යමක් සිද්ධවෙන්නේ නැහැ. (නි)
ගාමිණී Wednesday, 15 July 2015 10:43 AM
බොහොම වටිනා අදහසක්.(ම)
ගාමිණී Wednesday, 15 July 2015 10:42 AM
බොහොම වටිනා අදහසක්. (නි)