X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


සම්පත් බැංකු තාක්ෂණය වරායේ වැඩ කඩිනම් කරයි

ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව වරාය ගනුදෙනු නවීනතම බැංකු තාක්ෂණය ඔස්සේ සිදු කරන බව සම්පත් බැංකුව කියයි.

 තාක්ෂණික නවෝත්පාදන රැසක් හඳුන්වාදුන් ශ‍්‍රි ලංකාවේ තෙවැනි විශාලතම පෞද්ගලික වාණිජ බැංකුව වන සම්පත් බැංකුව ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව හඳුන්වා දෙන මෙම කඩිනම් ගෙවීම් පියවීම් පද්ධතිය මගින් අපනයන කරුවන්ට සහ ආනයන කරුවන්ට තම ව්‍යාපාර කටයුතු ඉතා ඉක්මනින් සහ බාධාවලින් තොරව සිදුකර ගත හැකි බව ද එහි ප්‍රකාශකයෙක් පවසයි.

වරාය කටයුතු සම්බන්ධ ගෙවීම් පියවීම් පහසුකම් කිරීමට ශ‍්‍රි ලංකාවේ ප‍්‍රථම වතාවට පෞද්ගලික බැංකුවක් යොදාගත් අවස්ථාව මෙය වන අතර ශ‍්‍රි ලංකා වරාය අධිකාරිය එය කළමනාකරණය කිරීමට නව්‍ය බැංකු කරණයේ ප‍්‍රමුඛයා වන තම බැංකුව ද යොදා ගැනීමට තීරණය කැර ඇතැයිද සම්පත් බැංකුව කියයි.

ගනුදෙනුවෙන් අනතුරුව ඉන්වොයිස් අංකය එම අවස්ථාවේම ශ‍්‍රි ලංකා වරාය අධිකාරය වෙත අන්තර්ජාලය ඔස්සේ යැවෙන අතර ගනුදෙනුවට අදාළ සියලු තොරතුරු ඝෘජුවම ශ‍්‍රි ලංකා වරාය අධිකාරයේ පද්ධතියට යැවෙයි.

එසේම ගනුදෙනුවට අදාළ පණිවිඩයක් ගනුදෙනුකරුට යැවෙයි. එයින් පසුව ගනුදෙනුකරුට ඉතාම පහසුවෙන් භාණ්ඩ නිදහස් කරගත හැකියි.

‘ගනුදෙනුකරුවනට අන්තර්ජාල ගෙවීම් පියවීම් පද්ධතියට ඇතුළු වී ඔවුන්ගේ අයි පෑඞ් , ජංගම දුරකථන හෝ පරිගණක භාවිතයෙන් ගනුදෙනු පියවිය හැකිය. එසේ නොමැතිනම් ළඟම ඇති සම්පත් බැංකු ශාඛාව හෝ වසරේ දින 365 පුරාම උදෑසන 8.00 සිට රාත‍්‍රි 8.00 දක්වා විවෘතව ඇති සම්පත් සුපිරි ශාඛා ඔස්සේ පහසුවෙන් සිදුකරගත හැකියි. ’

‘ජනප‍්‍රිය SET සන්නම් නාමය යටතේ සම්පත් බැංකුව ප‍්‍රථම ATM ජාලය හඳුන්වාදුන් අතර 1989 වසරේ දී Master card ක්‍රෙඩිට් කාඞ් පත් සේවාව ප‍්‍රථම වරට හඳුන්වා දෙනු ලැබීය. එසේම ගිණුම විවෘත කළ ශාඛාව නොසළකා දිවයිනේ  ඕනැම ශාඛාවකින් ගිණුම් කටයුතු සිදු කිරීමට අවස්ථාව මුලින්ම හඳුන්වා දුන්නේ ද සම්පත් බැංකුවයි.’

‘දකුණු ආසියාවේ ප‍්‍රථම වතාවට CIRRUS සහ MAESTRO සමඟ එක්ව 1997 වසරේ දී සම්පත් බැංකුව Debit card හඳුන්වා දුන්නේය.’

‘ඕනෑම සම්පත් බැංකු ශාඛාවක් වෙත ලියන ලද චෙක්පත් එක් දීනකදී තුළ නිශ්කාෂණය කිරීම ප‍්‍රථම වරට සිදුකළේ ද සම්පත් බැංකුවයි.ඕනෑම වාණිජ බැංකු ශාඛාවකින් සම්පත් බැංකුව නමින් ලියන ලද චෙක්පත් ස්ව්‍යංක‍්‍රිය චෙක්පත් නිශ්කාෂණාගාරය (SLACH) විසින්  නිශ්කාෂණය 2003 දී ප‍්‍රථම වරට ඇරැඹිණි.’

තවත් තාක්ෂණික විප්ලවයක් සිදුකරමින් දකුණු ආසියාවේ ප‍්‍රථම වරට 2007 වසරේ දී සම්පත් බැංකුව VISA Mini Debit Card හඳුන්වාදෙනු ලැබීය. එසේම බැංකු තාක්ෂණය සමඟ දුරකථන සංනිවේදන තාක්ෂණය ඉතා උපක‍්‍රමශිලිව මුසුකරමින් ජංගම දුරකථන මගින් මුදල් හුවමාරු කළ හැකි සම්පත් මොබයිල් කෑෂ් පහසුකම හඳුන්වා දිමේ ගෞරවය හිමිවෙන්නේ ද සම්පත් බැංකුවටයි.

‘දිනෙන් දින වේගයෙන් වෙනස් වෙන ලෝකයේ කාර්ය බහුලත්වය මනාව වටහාගත් සම්පත් බැංකුව ගනුදෙනුකාර භාවතුන්හට මුල්‍ය විසදුම් රැසක් හඳුන්වාදෙනු ලැබීය. කලින් මුදල් ලබාගත හැකි ස්ථාවර තැම්පතු, ගෙවීම සහතික කරනු ලබන චෙක්පත්, පහසුවෙන් චෙක්පත් තැම්පත් කළ හැකි යන්ත‍්‍ර සහ විදේශ මුදල් දේශිය මුදල් බවට පරිවර්ථනය කළ හැකි ATM යන්ත‍්‍ර ඉන් කිහිපයකි. ’

‘වසරේ දින 365 පුරාම විවෘත සම්පත් සුපිරි ශාඛා 9 ත් සමඟ බැංකුව දිවයින පුරා විසිරුණු බැංකු ශාඛා 215 සමන්විතයි. එසේම වසර 30 ක් පුරා යුධමය වාතාවරණයයක් පැවති උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේ බැංකු කටයුතු ආරම්භ කළ ප‍්‍රථම වාණිජ බැංකුව වන්නේ ද සම්පත් බැංකුවයි. සම්පත් බැංකුව සතුව උතුරු නැගෙනහිර බැංකු ශාඛා 28 ක් ඇත.’



අදහස් (0)

සම්පත් බැංකු තාක්ෂණය වරායේ වැඩ කඩිනම් කරයි

ද සිල්වා Thursday, 05 June 2014 07:59 PM

මොනවා කළත් ප්‍රවේශමෙන්... (නි)

:       0       0

ගාමිණී -සිරි Thursday, 05 June 2014 10:17 PM

ඉතින් ඇයි ?මේ තාක්ෂණය වරාය ඇතුලේ පිහිටුවා ඇති රාජ්‍ය බැංකු මගින් නොකරන්නේ....පෞද්ගලික බැංකු මගින් කලොත් ලොක්කන්ට ලැබෙන දේ නොකිව මනාය... දන්නෝ දනිති..(නදී)

:       0       0

සඳුන් Friday, 06 June 2014 10:55 AM

ගාමිණී-සිරි, රාජ්‍ය බැංකු කියන ඒවා ඇත්තටම බැංකුද? බොහෝ ඒවා තවමත් පරණ ආණ්ඩුවේ කන්තෝරු වගේ තමයි. "අර සර් ලඟට යන්න" "මේ සර් ලඟට යන්න". වැඩක් කරගන්න ගියාම පුදුම රස්තියාදුවක්. සම්පත් බැංකුව තමයි ලංකාවේ සාමාන්‍ය ජනතාවට තාක්ෂනය සමග බැංකු ගනුදෙනු කරන්න අවස්ථාව හදුන්වා දුන්නේ. වරාය එක්ක වැඩ කරන්න ගිහිල්ලා සම්පත් බැංකුවටත් යන එන මන් නැති නොවේවායි ප්‍රර්ථනා කරනවා. (දී)

:       0       0

රවී ගමගේ Friday, 06 June 2014 01:28 PM

සදුන් කියන කතාව හැරි ,රජයේ බැංකුවකට වැඩක් කර ගන්න ගියාම කොච්චර වෙලා යනවද?,මේ ක්‍රමය නිසා ලොකු පහසුවක් වෙනවා වරාය ගනුදෙනු කරුවන්ට. නව තාක්ෂනය යොදා ගැනීම අතින් සම්පත් බැංකුව ඉදිරියෙන් ඉන්නවා මටත් එය බොහෝ ප්‍රයෝජනවත් වෙලා තියෙනවා කාලය ඉතිරි කර ගන්න (දී)

:       0       2

චන්දිම Friday, 06 June 2014 01:49 PM

ගාමිණී -සිරි, අණ බෙර නොගැහුවට මෙම පහසුකම රාජ්‍ය බැංකු මගින් ලබා දීලා අවුරුදු ගණනාවක් වෙනවා. http://web.boc.lk/index.php?route=online/corporateuser (දී)

:       0       0

හර්ෂ Friday, 06 June 2014 02:39 PM

ගාමිණි-සිරි රාජ්‍ය බැංකු මගින් කරන්න පුළුවනි නම් හොඳ තමයි. නමුත් "දන්නෝ දනිති" කිවුවට දන්නා දෙයක් නෑ නේද.. ලොක්කෝ සෙල්ලම් දැම්මට මං හිතන්නේ නැහැ පව්ද්ගලික බැංකු එක්ක ඔය සෙල්ලම් පුළුවන් කියල... (දී)

:       0       0

චතුර ධනුෂ්ක Sunday, 08 June 2014 10:47 AM

මමත් කියන්නේ සම්පත් බැංකුව ප්‍රවේසමෙන්... බංකොලොත් ආයතන ගොඩට නොවැටෙවා.... (දී)

:       0       0

රමී Monday, 09 June 2014 04:48 PM

ඔය මොනවා කලත් වැඩක් නැහැ. පාරිබෝගිකයෙක් සම්පත් බැංකුවට හරි වෙන ඉලොක්ට්‍රොනික මාද්‍යයකින් හරි ගෙවුවට ඔයවගේ තැන් වල ඉන්න සේවකයෝ කියනවාලු අපිට ගෙවීම ඇවිත් නැහැ කියල එතකොට පාරිබෝගිකයා බැංකුවට බනිනවලු.. පගාවක් දුන්නහම වැඩේ කෙරෙනවලු... (උදාහරණයකට customs clearing) ඔය මොනවා කලත් වැඩක් නැහැ. ඔය රජයේ තැන් වල පාගා/හොරකම් නවතන්න වැඩපිළිවෙලක් යොදනකම්...! රජය UPFA / UNP /Etc මොකක් වුනත්...! ******* එතන ලොකු screen එකක් තියල ලැබුණු ඉලෙක්ට්‍රොනික ගෙවීම් පෙන්වනවා නම් හොඳයි එතකොට කවුන්ටරේ ඉන්න අයට පාරිබෝගිකයාට බොරු කියන්න බැහැ නේ (දී)

:       0       0

වීරසිංහ Monday, 09 June 2014 06:02 PM

වරාය කියන්නේ කීර්තිමත් ආයතනයක්. (නි)

:       0       0

ඩිල්ෂාන් Thursday, 12 June 2014 11:50 PM

කවුරු මොනවා කිවුවත් රාජ්‍ය බැංකු තරම් විශ්වාසනීය බැංකු වෙන නැති බවයි මගේ නම් හැඟීම වන්නේ. (නි)

:       0       0

ගාමිණී - සිරි Monday, 16 June 2014 10:26 PM

සල්ලි උල්පත නිසා ,පෞද්ගලික බැංකු පොරකද්දී ගනුදෙනු කරුවන්ගේ පහසුව තකා වරාය පරිශ්‍රයේම එදා ලංකා බැංකුවක් විවෘතකලේ ප්‍රේමදාස ජනාධිපති තුමා. අලුත් වරායවල්, මුහුදු ගොඩකර සාදන පෝර්ට් සිටි ඉදිකරන්න වරායේ ලොක්කන්ට බැරිඋනේ ඇයි ? තාක්ෂණ පහසුකම් තිබියදී අවශ්‍ය පරිදි සේවාවන් ලබාගන්න ලංකා බැංකුවෙන් බැරිවුනේ ඇයි? අනික් අතට ඇයි බැංකුව උනන්දුවක් නොදැක්වුයේ.?.අන්තිමේ ඔය බම්බුවේ පිට්ටුම තමයි තම්බන්න වෙන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site