(බිඟුන් මේනක ගමගේ )
විශ්ව විද්‍යාල සිසුන්ගේ නව නිපැයුම් සඳහා දෙස් විදෙස් වෙළෙඳපොළක් නිර්මාණය කරදීම සඳහා වැඩපිළිවෙළක් ජාතික සංවර්ධන අධිකාරිය මගින් ආරම්භ කර ඇත.
විශ්ව විද්‍යාල පහළොවක ව්‍යාපාර සම්බන්ධීකරණ ඒකක හා ජාතික සංවර්ධන අධිකාරිය සම්බන්ධ වන සේ මෙම වැඩපිළිවෙළ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ ඇමැති විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ක්‍රියාවට නැගේ.
පෞද්ගලික අංශ සමාගම්වල ආයෝජන සහාය නව නිපැයුම් සඳහා ලබාදීමේදී ජාතික සංවර්ධන අධිකාරිය පහසුකම් සපයන්නෙකු සේ කටයුතු කෙරෙන අතර කාගිල්ස්, කීල්ස්, ලාෆ්ස් යන සමාගම් ඊට අදාළ මූලික සාකච්ඡාවලට සහභාගී වී ඇත.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සරසවි නව නිපැයුම්වලට පෞද්ගලික ආයෝජන සහාය
chinthana Thursday, 06 February 2020 04:39 AM
ෆයිනස් කොල වලින් පෙට්‍රල් හදපු (ඒ හින්දා ප්‍රාදේශීය ලේකම් නඩු දාන්න ගියපු) ගම්පොල විකුම් මහතාගෙ නිපැයුම් වලට ආයෝජනය කරන්න එක සමාගමක්වත්, රජයෙ ආයතනයක්වත්, නව නිපැයුම් කොමිසමවත් නෑ.
LALITHMMonday, 10 February 2020 03:18 AM
ඒ ලේකම් අර ඉස්සර රෝද දෙකේ ට්‍රැක්ටරේ ලංකාවට වැඩක් නැහැ. මී හරක් ඉන්න හින්දා කියලා කියපු කෘෂිකර්ම අධ්යක්ෂ වගේ කෙනෙක් වෙන්න ඇති... අන්තිමට ඒක හදපු රේවත විජේවර්ධන මහත්තයා නිර්මාණය එංගලන්තේ ලෑන්ඩ් මාස්ටර් සමාගමට අලෙවි කරලා තමයි තමන්ගේ නිර්මාණය ලෝකෙට දුන්නේ...
lalithm Thursday, 06 February 2020 04:51 AM
කව්රු වුනත් මේ යෝජනාව ගෙනවිත් ප්‍රයෝගික තත්වයට ගෙනෙන කෙනා මේ රටේ දියුණුවට දායක වෙන විශිෂ්ටයා ලෙස සම්මානයට පාත්‍ර වියයුතුයි. ලොව බොහෝ නව නිපැයුම් බිහි වෙන්නේ විශ්වවිද්‍යාල ආශ්‍රිතවයි. අපේ රටේ එවැනි නිපැයුම් වලට ඉදිරි ගමනක් නැති නිසා සිසුන් නව නිපැයුම් ගැන බලන උනන්දුව අඩුවෙනවා.
Athula Thursday, 06 February 2020 07:18 AM
සුලන් බලයෙන් මුළු රටටම විදුලිය සපයන්න සොයාගත් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයා හමුවී එම අනගි අවස්ථාව රටට හිමිකරගන්නා වැඩපිළිවෙලක් යොදන්න
Kumar Wednesday, 12 February 2020 02:48 AM
ලංකාවේ විශ්වවිද්‍යාලයක සිසුවියක් ලේ වල සීනි ප්‍රමාණය පසුවෙන් දැනගත හැකි යමක් නිපදවා ඇති වග දැනගන්න ලැබුණා. මේ වැනි දේ ඕන තරම් මෙරට්වල තිබෙනවා. ඒ වැනි දෙයකට ආයෝජකයන් සොයාගැනීම ටික්කක් අපහසු වෙනවා.